සැකයක් නිසා රූමත් බිරිය පිහියෙන්
ඇන මරයි සැමියාත් වස බී මරුට
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්. පී. ආරියරත්න - රත්මලාන
සිය රූමත් බිරිඳ පිළිබඳ සැකයෙන් පසු වූ සැමියකු බිරිඳගේ රහසඟ ප්‍රදේශයට පිහියකින් ඇන මරා ඔහු ද වස පානය කර මියගොස් තිබේ.
පෙරේදා (29 වැනිදා) සිදු වූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්‌වී ඇත්තේ රත්මලාන ජයසුමනාරාම පාරේ පදිංචිව සිටි සකුන්තලා හේමමාලි (38) නමැති එක්‌දරු මවකි.
වස පානය කර මියගොස් ඇත්තේ සුගත් කුමාර සිල්වා (40) නමැති අයෙකි. ඔහු ත්‍රිරෝද රථ රියෑදුරෙක් බව ද ගල්කිස්‌ස පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ බිරිඳ හා වස පානය කර මියගිය සැමියා අතර නිතර නිතර ආරවුල් ඇති වී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලින් හෙළි විය.
සිය බිරිඳ රූමත් නිසා නිතර නිතර සැමියා ඈ ගැන සැකයෙන් පසු වී ඇත. මේ නිසා ඔවුන් දෙදෙනා අතර නිතර නිතර ආරවුල් හටගෙන තිබේ. මෙම සිද්ධිය වී ඇති දින ද සැමියා හා බිරිඳ අතර ආරවුලක් හටගෙන ඇති අතර, එහිදී සැමියා විසින් බිරිඳගේ රහසඟ ප්‍රදේශයට පිහි ප්‍රහාරයක් එල්ල කර අපරාධය සිදුකර ඇති බව හෙළිවිණැයි පොලිසිය පවසයි.
ඉන්පසු සැමියා ද වස පානය කිරීම නිසා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහළට ඇතුළත් කෙරුණු අතර, එහිදී පොලිස් ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර සැමියා ද මියගොස් තිබේ.
මේ පිළිබඳව ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්‍ෂණය යටතේ ගල්කිස්‌ස මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.