Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට - හිරුණිකා

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට - හිරුණිකා

    කවුරුන් අල්ලා පද හැදුවද තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

    ඇය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත් වේදනාබර කතාවක් සිදුකරමිනි.

    පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම දැඩි විවේචන එල්ල කල ඇය රාමනායක මන්ත‍්‍රීවරයාටද කියා සිටියේ තම අවසරයකින් තොරව දුරනතන සංවාද පටිගත කිරීම වැරදි බවයි.

    තමන් දෙදෙනා අතර සිදුවු සංවාදයන් සංස්කරණය කර ඇති බවත් හිරු නාලිකාව විසින් මෙය සම්පූර්ණයෙන් ම සිදුකරන බවත් ඉරාජ් වීරරත්න ගේ ශබ්දාගාරයේදී හඬ කැවීම් සිදු කර ඇති බවත් ඇය කියා සිටියාය.

    හිරු නාලිකාවේ හිමි කරු රෙනෝද සිල්වා මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනයක් එල්ල කරමින් ඇය කියා සිටියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සියලු හඬ පටන් ඔහු සතුව තබාගෙන ආණ්ඩුවේ විපක්‍ෂයේ මුළු මන්ත්‍රීවරුන් ප්‍රමාණයම අල්ලේ නටවමින් සිටින බවයි.

    ඉදිරි දිනයක එම හඬපට පාවිච්චි කරමින් පාර්ලිමේන්තු බහුතරය පෙන්වා ලංකාවේ අගමැති වීමට ද ඔහුට හැකියාව ඇති බව ඇය කියා සිටියාය.

    කෙසේ නමුත් ඇයට අනුව රටේ අගමැති තීරණය කිරීම තරම් සමත් එම හඬ පට රන්ජන් රාමනායක මෙතෙක් දවස් මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයේ මෙට්ටය යට තියාගෙන සිටියේ මන්දැයි ප‍්‍රශ්ණයක් පැන නගී.

    එම හඬපටවලින් කිසිවෙකුට අගමැතිවීමට හැකියාව තිබුණේ නම් රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාටම එය පහසුරවෙන්ම කළ හැකිව තිබිණ.

    හිරුණිකාගේ භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් සමාජජාලාවල එල්ල වන්නේ ඉතා අප්‍රසන්න ප‍්‍රතිචාරයන්ය.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    da66f5710d5107b8bf1f483e3bd246f4.jpg