Badraka Sutta

Nov 27, 2009
2,139
107
0
බැඳීම් ගැන දේශනාවක්



Badraka Sutta By Ven Kiribathgoda Gnanananda Thero
 
Last edited:

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ස්වාමීන් වහන්සේ විනාඩි 4, තත්පර 30 න් පසුව චතුරාර්ය සතය්‍ය ගැන කෙටියෙන් (විනාඩියක් පමණ) මෙහෙම කියනවා:


  1. දුක අවබෝධ කරන හැටි කියා දීම
  2. දුකට හේතුව නැති කරන හැටි කියා දීම
  3. දුකෙන් නිදහස් වීම අත්දකින හැටි කියා දීම
  4. දුකෙන් නිදහස්වන්නාවූ මාර්ගය මේකයි කියලා කියා දීම

මේ කරුණු හතර ඇත්ත තමයි. නමුත් මේ චතුරාර්ය සතය්‍ය නිවැරදිව ඉදිරිපත් කිරීමක් නම් නොවේ. මේ 1, 2, 3 යන කරුණු තුනම හතර වන කරුණට සමානයි. එනම් මේ දක්වා ඇති කරුණු හතරෙන්ම දැක්වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාවයි (මාර්ග සතය්‍යයි).

නිවැරදිව චතුරාර්ය සත්‍යය යනු කුමක්දැයි දැන ගැනීම පිණිස මෙසේ සිතා බලන්න:


  1. දුක අවබෝධ කල යුතුය (දුක කුමක්දැයි දැන ගත යුතුය). එය අවබෝධ කල යුතු ස්වභාවයේ දෙයකි. එය (පිරිසිද) අවබෝධ කල යුතුය.
  2. දුකට හේතුව අවබෝධ කල යුතුය (දුකට හේතුව කුමක්දැයි දැන ගත යුතුය). එය (හේතුව) නැති කල යුතු ස්වභාවයේ දෙයකි. එය සම්පූර්ණයෙන් නැති කල යුතුය.
  3. දුක නැති කිරීම අවබෝධ කල යුතුය (දුක නැති කිරීම යනු කුමක්දැයි දැන ගත යුතුය). එය සාක්ෂාත් කල යුතු, අත්දැකිය යුතු ස්වභාවයේ දෙයකි. එය සම්පූර්ණයෙන් සාක්ෂාත් කල යුතුය (දුක නැති බවට පැමිනිය යුතුය).
  4. දුක නැති කිරීමේ ක්‍රමය අවබෝධ කල යුතුය (දුක නැති කිරීමේ ක්‍රමය කුමක්දැයි දැන ගත යුතුය). එය වැඩිය යුතු, යෙදිය යුතු ස්වභාවයේ දෙයකි. එය වැඩිය යුතුය, එහි යෙදිය යුතුය.


තවත් මේ ධර්ම දේශනාවේ ඇති ගැටළුවක් තමයි විඤාණය ගැන පැහැදිලි බවකින් නොපැවසීම. විඤාණය යන වචනය යොදාගෙන ඇති අයුරු වැරදිම නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ වචනය පාවිච්චි කරන අයුරු බලපුවාම අදහස් කරගෙන ඉන්නේ වැරදි දෙයක් බවයි පෙනෙන්නේ. බොහෝ දේ බොහෝ පැහැදිලිව ඉදිරිපත් කලත් යම් පමණකට දහම්හි අතරමං වීමක්, මුලා වීමක් පෙන්නුම් කරනවා. මේ ආකාරයෙන් දහම්හි පැටලී ඉන්නා තුරු මේ ස්වාමීන් වහන්සේට පෘතග්ජන ස්වභාවය ඉක්මවීම නම් කරන්න බැහැ. කිමද යත් තද මීදුමක් ඇති විට දිශා නොපෙනෙන බව යම් සේද එසේම දහම්හි අපැහැදිලි බව නිසා මාර්ග ඥානය උපදින්නේ නැහැ (දිශාව, මාර්ගය පෙනෙන්නේ නැහැ). බැලූ බලූ අත පෙනෙන්නේ අපැහැදිලි බවමයි. තමන්ට තේරෙන්නේ මොකක්දෝ තමන්ගේ ගැටළුවක් නිසා තමන්ව යැවෙන්නේ නැති බව. ඇත්ත නම් මාර්ගයේ යාමට තමන්ගේ ඇති නොහැකියාවක් නොවෙයි. යන්න පුළුවන් උවත් මීදුම (දහම්හි අපැහැදිලි බව) නිසා යා ගන්න දිශාව, මාර්ගය නොපෙනීම නිසාම යන්න බැරිවීම.
 
Last edited: