baudayangen udavak

roshan.88

Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    mcnla mama elakiri pitin idan kaleka idan post balanava.mcn mata loku manasika prasanayak thiyenava.mata pin sithuvillak ava gaman sithe aka pathak aka kohomahary navathanava.ex.pansalata danayak denna giyath dan thiyana kama vala visa thiyenne kiyala uba aka karanna apa kiyala anik sitha kohoma hry navathanava.budurupayak issarata giyoth budunge niruva rupa mathak karala aka sithe naraka paththa navathanava.mama meka kohomada hoda karagane.plz help mcnala pin siddavei .
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් roshan.88,

    ඔබ වාසනාවන්තයි තමන්ට නුසුදුසු දෙයක් නුසුදුසු ලෙසම තේරුම් ගෙන එයින් මිදෙන ආකාරයක් ගැන සොයා බැලීම හේතුවෙන්. සමහරෙකුට නුසුදුසු දෙයින් මිදීමට තබා නුසුදුසු දේ නුසුදුසුයි කියා හිතෙන්නෙත් නැහැ.

    පිහියක් තලයෙන් අල්ලා ගෙන ඉන්නා බව දන්නවා නම් අත තව තවත් තද කිරීම නොවෙයි කල යුත්තේ. ඒ වෙනුවට අත ලිහිල් කිරීම තමයි පිහි තලයෙන් අත කැපීම වැලැක්වීමට කල යුත්තේ. මේ නිසා ඔය කාරණාව ගැන දැඩිව තමන්ටම දොස් පවරා ගැනීමක් කරන්නේ නැතිව ඔය කාරණාව ගැන ලිහිල් ලෙසින් හිතන්න. ලිහිල්ව ගෙන දානයක් දීමට කැමති නම් එහි ඇති යහපත් බව ගැන වැඩි වැඩියෙන් හිතන්න. බුදුන්ගේ නිරුවත් රුව ගැන හිතෙනවානම් ඒ බුද්ධ කය ජරා ජීර්ණ වන බව, ලෙඩ රෝග වලට ගොදුරුවන බව ආදී ආදීනවයන් ගැන වැඩි වැඩියෙන් හිතන්න. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp4/220 ] හොදින් කියවන්න. මේ සූත්‍රයේ ඇති රූපයේ ආදීනවය ගැන විස්තරය අනුසාරයෙන් බුද්ධ කය ජරා ජීර්ණ වන සුළු බව, ලෙඩ රෝග වලට ගොදුරුවන සුළු බව ගැන හිතා බලන්න. අන් අයගේ රූපය ගැනත් මෙසේම හිතා බලන්න. ඔබේ කය ජරා ජීර්ණ වන සුළු බව, ලෙඩ රෝග වලට ගොදුරුවන සුළු බව ගැනත් හිතා බලන්න. මේ සූත්‍රයේ කාමයන්ගේ ආදීනවය ගැනත් විස්තර වෙනවා. ඒ විස්තරයත් කියවා හොදින් විමසා බලන්න.

    බුදු රජානන් වහන්සේ විසින් අධිචිත්තයේ යෙදෙන භික්ෂූන්ට අකුසල අරමුණු සිතට එන විට ඊට කුමක් කල යුතු දැයි මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ විතක්කසණ්ඨාන සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp4/320 ] දේශනා කර තිබෙනවා. එහි අකුසල අරමුණු යටපත් කරන ආකාර පහක් ගැන සඳහන්. ඔබ අධිචිත්තයේ යෙදුනත්, නොයෙදුනත් එම කරුණු ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේ යැයි හිතනවා. විතක්කසණ්ඨාන සූත්‍රයේ ඇති කරුණු ගැන කලින් කල මෙනෙහි කරන්න.

    විතක්කසණ්ඨාන සූත්‍රයේ දැක්වෙන අකුසල අරමුණු යටපත් කරන පළමු ආකාරය තමයි කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කිරීම. වැඩි වැඩියෙන් කුශලයෙන් යුක්ත වූ නිමිති මෙනෙහි කිරීමට ධර්ම කරුණුම හොදින් මතක තබා ගත්තොත්, ඊට වැඩි වැඩියෙන් යොමු උනොත් පහසුයි. ඒ නිසා තවමත් ඔබ යොමු වී නැත්නම් ත්‍රිපිටකය හෙමින් හෙමින් කියවන්න උත්සාහ කරන්න. භාෂා රටාවට හුරු වීමට මුලදී අපහසු වෙන්න පුළුවන්. සමහරක් විට මම මෙහි දක්වපු මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකය [ http://thripitaka.org/view/sp/sp4/18 ] කියවීමම ඔබට පහසු වෙන්න පුළුවන්.

    Skylark
     
    Last edited:
    • Like
    Reactions: December

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    n

    prasne thamai bn.mn me kisima dekata abamal renuwak tharamvath asana.ath sitha aka pavak kiyala dana danama mathak karavala vihiluwakata gannava
    pinak karanna yaddi ake varadak hoyala aka mathak karavala nathara karanava.danna hamuduru namak vath hry deyak kivve na.mata ona mava vihuluwata ganna hitha ugulla ahak karanna.ath akata margaya hoyanava thama.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් roshan.88,

    මුලා වූ සිත උගුල්ලා අහක් කරන්න ඕනෑ නම් එය කල හැකි එකම මාර්ගය තමයි නිර්වාණ මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. පූර්ණ ලෙස චිත්තයේ නිවීමක් ඔබ බලාපොරොත්තු උනත් නොවුනත් නිර්වාණ මාර්ගය වන ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩන විට ටිකෙන් ටික සිත යහපත් බවට නැඹුරු වීමක්, කුසලයෙහි පිහිටීමක් සිද්ධ වෙනවා.

    සිතේ යම් පාලනයක්, දියුණු බවක්, තමන්ටම ප්‍රසන්න බවක්, හිතකර බවක් ඇති කර ගන්න ඕනෑ නම් ඒ සිතේ ස්වභාවය ගැන තමන්ටම හොදින් තේරුම් යන පිළිවෙතක් අනුගමනය කරන්න ඕනෑ. හේතු-ඵල ක්‍රියාකාරීත්වයක් වන සිත් ඇති වන ආකාරය, නැති වන ආකාරය, සිත කිලුටු වන ආකාරය, සිත පිරිසිදු වන ආකාරය, සිත කම්මැලි බවට පත් වන ආකාරය, සිත ප්‍රබෝධමත් වන ආකාරය, සිත විසිරෙන ආකාරය, සිත එකඟ වන ආකාරය, සිත යහපතට නැඹුරු වන ආකාරය, සිත අයහපතට නැඹුරු වන ආකාරය, සිත රැවටෙන ආකාරය, සිත නොරැවටෙන ආකාරය ආදිය ගැන යම් පැහැදිලි බවක්, අවබෝධයක් ඔබ තුලින්ම ඇති වුනොත් අන්න ඒක ඔබට බොහෝම වටිනවා. ඒ අවබෝධය ඇති කර ගත්තොත් ඔබ ඔබවම රැකගන්නවා.

    ඉතින් කොහොමද ඔය ආකාරයේ අවබෝධයක් තමන් තුලින්ම ඇති කර ගන්නේ? මට එක වර මතක් වෙන්නේ සතර සතිපට්ඨානය වැඩීම. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ සතිපට්ඨාන සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp4/154 ] විස්තර තියෙනවා. නමුත් කෙනෙක් මේ සතිපට්ඨාන සූත්‍රය වරක් දෙවරක් කියවූ පමණින් සතිපට්ඨානය වැඩීම මනා ලෙස තේරුම් ගන්නවා කියන දේ පහසුවෙන්ම සිදු වන දෙයක් නොවෙයි. අනෙක් සූත්‍ර ආදියත් ටිකෙන් ටික කියවලා, අහලා, සාකච්ඡා කරලා, තේරුම් ගෙන, ටිකෙන් ටික සතිපට්ඨාන වඩමින්ම තමයි සතිපට්ඨානය යනු කුමක්දැයි යන්නත් අප වැඩි වැඩියෙන් පැහැදිලි ලෙස වටහා ගන්නේ. මෙයින් තේරුම් ගන්න පුළුවන් දෙය තමයි හදිස්සි වෙන්නේ නැතිව මුත් උවමනාවෙන් සහ වැඩි වැඩියෙන් ධර්මයටම නැඹුරු වීමෙන් තමයි ගැලවීම ලබන්න පුළුවන් යන කාරණාව.

    ගහක් පැල කරලා ඒ දෙස නොකඩවා බලාගෙන හිටියාට ගහ උස යනවා අපට දැනෙන්නේ නැහැ. නමුත් ටික කාලයක් ගියාම අපි නිසැක ලෙසින්ම දකිනවා පැලය උස ගොස් ඇති බව. ඒ ආකාරයටම වැඩි වැඩියෙන් ධර්මයට නැඹුරු වීම හේතුවෙන් සිතේ යම් පාලනයක්, දියුණු බවක්, තමන්ටම ප්‍රසන්න බවක්, හිතකර බවක් ඇතිවී ඇති බව ටික කාලයක් යන්න පුළුවන් වැටහෙන්න.

    ඔබ නිතර ඇසුරු කරන ධර්මයට නැඹුරු වූ මිතුරන් නැද්ද ඔබවත් ඇදගෙනම පින්කම් වලට ඔබව සහභාගී කරවන්න? එවන් අය ගැනත් ටිකක් උනන්දු වෙන්න.

    yalavo akka idala mn damage vela ivarai bn.mn hudakaleve vesena minihek.mata danaketa yoget denna kiyala kivva ana poyata.oka denna hitha innava bn.dn hitha kiyanava oke chemical dala thiyene denna apa kiyala.ada kale ahema hoda deyak denna na.hame akema beheth ne.ath mata hamuduvota vasak denna uvamanavak na.ath mn daannava yogat ake chemical thiyanava kiyala.eka dila mata pawak sidda veida.mage chethanavva habai danaya.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    prasne thamai bn.mn me kisima dekata abamal renuwak tharamvath asana.ath sitha aka pavak kiyala dana danama mathak karavala vihiluwakata gannava
    pinak karanna yaddi ake varadak hoyala aka mathak karavala nathara karanava.danna hamuduru namak vath hry deyak kivve na.mata ona mava vihuluwata ganna hitha ugulla ahak karanna.ath akata margaya hoyanava thama.

    මචන් ඕක ගොඩක්ම පොඩි මානසික ප්‍රශ්නයක් තියෙන්නේ. රජයේ රෝහලකට හරි පව්ද්ගලික රෝහලකට හරි ගිහිල්ල මානසික වයිද්යවරයෙක් හම්බවෙන්න. උඹට බෙහෙත් දෙන එකක් / මෝහනය වගේ දේවල් කරන්නේ නැහැ . උඹත් එක්ක කතා කරලම ඔය අවුල හදල දෙයි. :) ඕකට වෛද්‍යවරු නොවන අය කියන භාවනා ක්‍රම ඒවා මේවා ගොඩ වෙදකම් කරන්න එපා
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    yalavo akka idala mn damage vela ivarai bn.mn hudakaleve vesena minihek.mata danaketa yoget denna kiyala kivva ana poyata.oka denna hitha innava bn.dn hitha kiyanava oke chemical dala thiyene denna apa kiyala.ada kale ahema hoda deyak denna na.hame akema beheth ne.ath mata hamuduvota vasak denna uvamanavak na.ath mn daannava yogat ake chemical thiyanava kiyala.eka dila mata pawak sidda veida.mage chethanavva habai danaya.

    පින්වත් roshan.88,

    නරක මිතුරන්ගෙන් වෙන් වෙලා ඇසුරු කල යුතු කල්යාණ මිත්‍රයින් සොයා ගැනීම දුෂ්කර නම් හුදෙකලාව ඉන්නවා කියන්නේ යහපත් ආකාරයක්මයි. ඉතින් එතනිනුත් ඔබ ඔබේ නිවැරදි බවට, ඔබේ යහපතටම කටයුතු කරලා තියෙනවා.

    ඔබ දානයට දෙන යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. ඔබ දෙන යෝගට් හෝ වෙන යම් කවර හෝ ආහාරයක් අනුභව කරන භික්ෂූන් වහන්සේලා රසායනික තිබුනත් නැතැත් ඒ ආහාර විස ලෙසින්මයි දකින්නේ. ආර්යය විනයෙහි ආහාරය විස යැයි දකින්නේ ඔබ සිතන ආකාරයට වෙනස් ආකාරයකට. ආර්යය විනයෙහි ආහාරය යථා ස්වභාවයෙන්ම වස ලෙස (තමන්ට අහිතකර දෙයක් ලෙස) දකිනවා. පෙර කල යම් ආහාරයක් තිබුනානම් ඒත් වස. මතු යම් ආහාරයක් තිබේනම් ඒත් වස. දැන් යම් ආහාරයක් ඇත්නම් ඒත් වස. ආර්යය විනයෙහි වස නොවන කිසිම ආහාරයක් නැහැ. යථා ස්වභාවයෙන්ම ආහාර වස ලෙස දකින භික්ෂූන් වහන්සේලා ඒ ආහාරය පිළිකුල් කරමින්, ඒ ආහාරයට නොකැමතිව ඒ ආහාරයෙන් මිදීම පිණිස, ඒ ආහාරයේ ප්‍රහාණය පිණිස, ඒ ආහාරයේ නිරෝධය පිණිස ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩනවා.

    මම පෙර දැක්වූ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේම ඇති සම්මාදිට්ඨි සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp4/130 ] ආහාර වාරයේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ පවසනවා දැකිය හැකියී:

    ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ ආහාරයත් දනී ද, ආහාරසමුදයත් දනී ද, ආහාරනිරොධයත් දනී ද, ආහාරනිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.
    සම්මාදිට්ඨි සූත්‍රයේ මෙසේත් සඳහන්:

    ඇවැත්නි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිස ද අණ්ඩකොෂ වස්තිකොෂයන්හි සිටින එහෙයින් ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්‍රහය පිණිස ද පවත්නා මේ ආහාරයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක යත්: ඔළාරික වූ ද සියුම් වූ ද කබලිඞ්කාර ආහාරය (=වළඳනු ලබනදෙය), දෙවැනි වූ ඵස්සාහාරය, තුන්වැනි වූ මනොසඤ්චෙතනාහාරය, සතර වැනි වූ විඤ්ඤාණාහාරය යන සතරයි. තෘෂ්ණාව හටගැනීමෙන් ආහාරයන්ගේ හටගැනීම වේ. තෘෂ්ණා නිරෝධයෙන් ආහාරනිරෝධය වේ. මේ අරීඅටගිමග ම ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ යි.
    ඉතින් ඔබට පෙනෙනවා ඇති "මේ අරීඅටගිමග ම ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව යි." යන්න. මේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපදාව. ඔවුන් ආහාරය යථා ස්වභාවයෙන්ම වස (තමන්ට අහිතකර දෙයක්) ලෙස දැක, එහි ඇති ආදීනවය දැක, එය පිළිකුල් කර, ඉන් මිදීම පිණිස, එහි ප්‍රහාණය පිණිස, එහි නිරෝධය පිණිස කටයුතු කරන අය.

    ඉතින් ඔබ සිතා බලන්න ඔබද ආහාරය විස ලෙස දකින්නේ නැත්නම් භික්ෂූන් වහන්සේලාද කියා. කවරෙක්ද ආහාරයට වඩාත් අකමැති? කවරෙක්ද පූර්ණ ලෙසින්ම ආහාරයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ? ඔබ යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. භික්ෂූන් වහන්සේලා ආහාරයේ රසායනික තිබුනත් නැතත් විස ලෙසින් යථා ස්වරූපයෙන්ම දකිනචා.

    ඔබට සමහරක් විට හිතෙන්න පුළුවන් එහෙම ආහාර විස යැයි දකිනා ආහාර නිරෝධය පිණිස ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩනා භික්ෂූන් වහන්සේලා ආහාර අනුභව කරන්නේ ඇයි කියා. ඊට හේතුව උපමාවකින් විස්තර කරන්නම්. නුවනැත්තන්ට උපමාවෙනුත් අර්ථය වටහා ගත හැකියී.

    යම් පුද්ගලයෙක් දියේ වැටී දියේ ගිලෙන්න යනවා යැයි හිතන්න. දියේ ගිලෙන්න යන එම පුද්ගලයා දිය ප්‍රිය කරන්නේ නැහැ. ඉන් ඉවත් වෙන්නමයි එම පුද්ගලයාට උවමනා. දියේ ආදීනවය දකින, දිය පිළිකුල් කරන, දියෙන් මිදීමට දැඩි උවමනා ඇති එම පුද්ගලයා වෙනයම් උපකාරයක් නැත්නම් තමාගේ අතින් පයින් දිය තල්ලු කරමින් දියෙන් ගොඩට පිහිනනවා. කුමක් උපකාරයෙන්ද ඒ ගොඩට එන්නේ? තමන්ම පිළිකුල් කරන දිය උපකාරයෙන්ම තමයි ගොඩට එන්නේ.

    දිය පිළිකුල් කරන දියේ වැටුනු පුද්ගලයා දිය උපකාරයෙන්ම පිහිනමින් ගොඩට එනවා මෙන් ආහාරය පිළිකුල් කරන භික්ෂූන් වහන්සේලා ආහාරය උපකාර කර ගනිමින්ම ආහාරයෙන් මිදීම පිණිස, ආහාරයේ නිරෝධය පිණිස ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව වඩනවා.

    ඉතින් ඔබට යම් තරමක් හෝ වැටහෙනවා ඇති භික්ෂූන් වහන්සේලා ඔබට වඩා වෙනස් ආකාරයකටයි ඔබ දෙන දානය දෙස බලන්නේ යන කාරණාව. ඔවුන් යථාර්ථයෙන්ම ආහාරය තමන්ට අහිතකර විස ලෙසින් දකිනා අය. එසේ දන්නා, එසේ දක්නා භික්ෂූන් වහන්සේලා තම ආහාරනිරොධගාමිනීප්‍රතිපදාවේ යෙදීමට උපකාරයක් ලෙස යථා ස්වරූපය දැන ගෙනම ඒ ආහාරය වළදනවා. මෙසේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාට ඔබ අප හැමෝම අනුභව කරන කෑම බීම ඔවුන්ට අනුග්‍රහ පිණිස ලබා දීමට ඔබ බිය විය යුතු නැහැ. මොකද ඔබ ඔබ දෙන දානයේ විස ඇතැයි සිතුවත්, විස නැතැයි සිතුවත් ඔබ අප හැමෝම අනුභව කරන කෑම බීම භික්ෂූන් වහන්සේලා අනුභව කරන්නේ ඒ ආහාරයේ විස සහිත රහිත බව මනාව දැනගෙනමයි.

    ඔබ දානයට දෙන යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. යථාර්ථයෙන් සියළු ආහාර විස ලෙසින්ම වටහා ගැනීමට සහ ආහාරයෙන් මිදීමට ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව ගැන සොයන්න, ඒ ගැන වැඩි වැඩියෙන් උනන්දු වන්න.

    යථා ස්වරූපයෙන් ආහාරය ගැන දන්නා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාට ඔබ දෙන දානය ඔවුන්ට කැප ස්වරූපයේ දෙයක් නම් ඔවුන් වළදාවි. ඇකැප දෙයක් නම් ඔවුන් නොවළදාවි. එහිදී දන්නා, දක්නා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාගේ අවබෝධය උතුම් කොට සලකන්න. සුදුසු දේ වැළදීමටත්, නුසුදුසු දේ නොවැළදීමටත් දන්නා, දක්නා ඔවුන්ට මනා අවබෝධයක් ඇති බවත් සලකන්න. ඔබ සිතන ආකාරයට වඩා නිවැරදි ආකාරයකට ඔවුන් හිතන බව සලකන්න. ඔවුන් සිතන නිවැරදි ආකාරය ගැන වැඩි වැඩියෙන් උනන්දු උනොත් ඔබත් ඒ නිවැරදි ආකාරයටම හිතන්න පටන් ගන්නවා. එවිට නිවැරදි නොවන ආකාරයට හිතීම අවබෝධයෙන්ම ඔබ බැහැර කරනවා. එතැනින්ම ඔබේ ගැටළුවත් ඉවර වෙනවා.

    Skylark
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    පින්වත් roshan.88,

    නරක මිතුරන්ගෙන් වෙන් වෙලා ඇසුරු කල යුතු කල්යාණ මිත්‍රයින් සොයා ගැනීම දුෂ්කර නම් හුදෙකලාව ඉන්නවා කියන්නේ යහපත් ආකාරයක්මයි. ඉතින් එතනිනුත් ඔබ ඔබේ නිවැරදි බවට, ඔබේ යහපතටම කටයුතු කරලා තියෙනවා.

    ඔබ දානයට දෙන යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. ඔබ දෙන යෝගට් හෝ වෙන යම් කවර හෝ ආහාරයක් අනුභව කරන භික්ෂූන් වහන්සේලා රසායනික තිබුනත් නැතැත් ඒ ආහාර විස ලෙසින්මයි දකින්නේ. ආර්යය විනයෙහි ආහාරය විස යැයි දකින්නේ ඔබ සිතන ආකාරයට වෙනස් ආකාරයකට. ආර්යය විනයෙහි ආහාරය යථා ස්වභාවයෙන්ම වස ලෙස (තමන්ට අහිතකර දෙයක් ලෙස) දකිනවා. පෙර කල යම් ආහාරයක් තිබුනානම් ඒත් වස. මතු යම් ආහාරයක් තිබේනම් ඒත් වස. දැන් යම් ආහාරයක් ඇත්නම් ඒත් වස. ආර්යය විනයෙහි වස නොවන කිසිම ආහාරයක් නැහැ. යථා ස්වභාවයෙන්ම ආහාර වස ලෙස දකින භික්ෂූන් වහන්සේලා ඒ ආහාරය පිළිකුල් කරමින්, ඒ ආහාරයට නොකැමතිව ඒ ආහාරයෙන් මිදීම පිණිස, ඒ ආහාරයේ ප්‍රහාණය පිණිස, ඒ ආහාරයේ නිරෝධය පිණිස ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩනවා.

    මම පෙර දැක්වූ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේම ඇති සම්මාදිට්ඨි සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp4/130 ] ආහාර වාරයේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ පවසනවා දැකිය හැකියී:

    සම්මාදිට්ඨි සූත්‍රයේ මෙසේත් සඳහන්:

    ඉතින් ඔබට පෙනෙනවා ඇති "මේ අරීඅටගිමග ම ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව යි." යන්න. මේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපදාව. ඔවුන් ආහාරය යථා ස්වභාවයෙන්ම වස (තමන්ට අහිතකර දෙයක්) ලෙස දැක, එහි ඇති ආදීනවය දැක, එය පිළිකුල් කර, ඉන් මිදීම පිණිස, එහි ප්‍රහාණය පිණිස, එහි නිරෝධය පිණිස කටයුතු කරන අය.

    ඉතින් ඔබ සිතා බලන්න ඔබද ආහාරය විස ලෙස දකින්නේ නැත්නම් භික්ෂූන් වහන්සේලාද කියා. කවරෙක්ද ආහාරයට වඩාත් අකමැති? කවරෙක්ද පූර්ණ ලෙසින්ම ආහාරයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ? ඔබ යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. භික්ෂූන් වහන්සේලා ආහාරයේ රසායනික තිබුනත් නැතත් විස ලෙසින් යථා ස්වරූපයෙන්ම දකිනචා.

    ඔබට සමහරක් විට හිතෙන්න පුළුවන් එහෙම ආහාර විස යැයි දකිනා ආහාර නිරෝධය පිණිස ආර්යය අෂ්ඨාංගික මාර්ගය වඩනා භික්ෂූන් වහන්සේලා ආහාර අනුභව කරන්නේ ඇයි කියා. ඊට හේතුව උපමාවකින් විස්තර කරන්නම්. නුවනැත්තන්ට උපමාවෙනුත් අර්ථය වටහා ගත හැකියී.

    යම් පුද්ගලයෙක් දියේ වැටී දියේ ගිලෙන්න යනවා යැයි හිතන්න. දියේ ගිලෙන්න යන එම පුද්ගලයා දිය ප්‍රිය කරන්නේ නැහැ. ඉන් ඉවත් වෙන්නමයි එම පුද්ගලයාට උවමනා. දියේ ආදීනවය දකින, දිය පිළිකුල් කරන, දියෙන් මිදීමට දැඩි උවමනා ඇති එම පුද්ගලයා වෙනයම් උපකාරයක් නැත්නම් තමාගේ අතින් පයින් දිය තල්ලු කරමින් දියෙන් ගොඩට පිහිනනවා. කුමක් උපකාරයෙන්ද ඒ ගොඩට එන්නේ? තමන්ම පිළිකුල් කරන දිය උපකාරයෙන්ම තමයි ගොඩට එන්නේ.

    දිය පිළිකුල් කරන දියේ වැටුනු පුද්ගලයා දිය උපකාරයෙන්ම පිහිනමින් ගොඩට එනවා මෙන් ආහාරය පිළිකුල් කරන භික්ෂූන් වහන්සේලා ආහාරය උපකාර කර ගනිමින්ම ආහාරයෙන් මිදීම පිණිස, ආහාරයේ නිරෝධය පිණිස ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව වඩනවා.

    ඉතින් ඔබට යම් තරමක් හෝ වැටහෙනවා ඇති භික්ෂූන් වහන්සේලා ඔබට වඩා වෙනස් ආකාරයකටයි ඔබ දෙන දානය දෙස බලන්නේ යන කාරණාව. ඔවුන් යථාර්ථයෙන්ම ආහාරය තමන්ට අහිතකර විස ලෙසින් දකිනා අය. එසේ දන්නා, එසේ දක්නා භික්ෂූන් වහන්සේලා තම ආහාරනිරොධගාමිනීප්‍රතිපදාවේ යෙදීමට උපකාරයක් ලෙස යථා ස්වරූපය දැන ගෙනම ඒ ආහාරය වළදනවා. මෙසේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාට ඔබ අප හැමෝම අනුභව කරන කෑම බීම ඔවුන්ට අනුග්‍රහ පිණිස ලබා දීමට ඔබ බිය විය යුතු නැහැ. මොකද ඔබ ඔබ දෙන දානයේ විස ඇතැයි සිතුවත්, විස නැතැයි සිතුවත් ඔබ අප හැමෝම අනුභව කරන කෑම බීම භික්ෂූන් වහන්සේලා අනුභව කරන්නේ ඒ ආහාරයේ විස සහිත රහිත බව මනාව දැනගෙනමයි.

    ඔබ දානයට දෙන යෝගට් එකේ රසායනික ඇතැයි සිතා එය විස ලෙසින් හිතනවානම් එය ආහාරයේ විස බව අල්ප මාත්‍ර ලෙසින් දැකීමක් පමණයි. යථාර්ථයෙන් සියළු ආහාර විස ලෙසින්ම වටහා ගැනීමට සහ ආහාරයෙන් මිදීමට ආහාරනිරොධගාමිනීප්‍රතිපදාව ගැන සොයන්න, ඒ ගැන වැඩි වැඩියෙන් උනන්දු වන්න.

    යථා ස්වරූපයෙන් ආහාරය ගැන දන්නා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාට ඔබ දෙන දානය ඔවුන්ට කැප ස්වරූපයේ දෙයක් නම් ඔවුන් වළදාවි. ඇකැප දෙයක් නම් ඔවුන් නොවළදාවි. එහිදී දන්නා, දක්නා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාගේ අවබෝධය උතුම් කොට සලකන්න. සුදුසු දේ වැළදීමටත්, නුසුදුසු දේ නොවැළදීමටත් දන්නා, දක්නා ඔවුන්ට මනා අවබෝධයක් ඇති බවත් සලකන්න. ඔබ සිතන ආකාරයට වඩා නිවැරදි ආකාරයකට ඔවුන් හිතන බව සලකන්න. ඔවුන් සිතන නිවැරදි ආකාරය ගැන වැඩි වැඩියෙන් උනන්දු උනොත් ඔබත් ඒ නිවැරදි ආකාරයටම හිතන්න පටන් ගන්නවා. එවිට නිවැරදි නොවන ආකාරයට හිතීම අවබෝධයෙන්ම ඔබ බැහැර කරනවා. එතැනින්ම ඔබේ ගැටළුවත් ඉවර වෙනවා.

    Skylark
    bohoma pin oyata me vage vistara karala denavata.mn mulin kiyapu suttaya youtube ake baluva.mcn dayakaya hithana vidiyata pawak nemei kiyalada oya kiyann.mage chethanava danaya misak visa nowe.atj mn dannva ake chemical thiyanava kiyala.me danaya dunnoth mage vipakaya kebadu veda..
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    bohoma pin oyata me vage vistara karala denavata.mn mulin kiyapu suttaya youtube ake baluva.mcn dayakaya hithana vidiyata pawak nemei kiyalada oya kiyann.mage chethanava danaya misak visa nowe.atj mn dannva ake chemical thiyanava kiyala.me danaya dunnoth mage vipakaya kebadu veda..

    පින්වත් roshan.88,

    දෙන ආහාරය අනුභව කරන්නා මරණයට පත් කරන හෝ වෙන යම් දුකකට පත් කරන විසක් ඇති බව දායකයා දැන දැන දන් දෙනවා නම් ඒ දානය දීම පවක්මයි. ඒ නිසා දායකයා හිතන විදිහ කවරක් උවත් පවක් වෙන්නේ නැහැ කියන්න බැහැ.

    නමුත් ඔබ දන් දෙන්න යන්නේ බොහෝ අය බහුල වශයෙන් කෑමට ගන්නා ආහාර වර්ගයක්. බොහෝ අය බහුල වශයෙන් කෑමට ගන්නා ආහාර ගැන භික්ෂූන් වහන්සේලාත් හොදින්ම දන්නවානේ. ඒ නිසා ඔබ දන් දෙන යෝගට් කෑමට සුදුසුද, නුසුදුසුද කියලා තීරණය කිරීම භික්ෂූන් වහන්සේලාට පහසුවෙන්ම කරන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා ඔබ දන් දෙන යෝගට් කෑම හෝ නොකෑම බොහෝ විට තම තමන්ගේ රුචිකත්වය අනුව කරාවි. විසය කියලා ප්‍රතික්ෂේප කිරීම බොහෝ විට සිදු නොවේවි. සමහරක් විට කිරි සහිත කෑම ආසාත්මික තත්වයන් ඇති කරන්න පුළුවන්. උදාහරණයකට මට කුඩා කාලයේදී කිරි සහිත ආහාර ආසාත්මික බවක් තිබුනා. කෑවොත් බඩ රිදෙනවා. නමුත් මම උනත් ඒ බව ඒ කාලයේදී දැන ගත් විට එවන් ආහාර ලැබුනත් කෑමෙන් වැලකුනා. බොහෝ අය බහුල වශයෙන් කෑමට ගන්නා ආහාර වර්ග භික්ෂූන් වහන්සේලාට නිතර ලැබෙනවා. ඒ නිසා යම් ආසාත්මික බවක් ඇතැයි යම් භික්ෂූන් නමක් දන්නවානම් හෝ යම් නුසුදුසු බවක් ගැන දන්නවානම් හෝ තම තමන්ගේ රුචිකත්වය මත ඒ ඒ භික්ෂූන් වහන්සේ කෑම හෝ නොකෑම කරාවි. ඒ නිසා ඒ ගැන ඔබ කරදර වීම කොහෙත්ම උවමනා දෙයක් නොවෙයි.

    තවත් කාරණාවක් නම් අප ගන්නා ආහාර වල ශරීරයට අහිතකර විස ද්‍රව්‍ය යම් යම් සුළු හෝ ප්‍රතිශත වලින් අඩංගුයි. අපේ ශරීර සකස් වෙලා තියෙන්නේ එවන් අසීමිත නොවන සීමාවන්ට ඔරොත්තු දෙන ආකාරයට. සමහරක් විට ඒවා ශරීරයෙන් ඉබේම බැහැර වෙනවා. වී වගාවේදී රසායනික් පොහොර, වල් නාශක සහ කෘමි නාශක භාවිතා කරනවා. ඒ නිසා බත් වලත් යම් සුළු හෝ ප්‍රතිශතයක් එම විස අඩංගු වෙන්න ඕනෑ. රසායනික් පොහොර නොයෙදූ සහ කෘමි නාශක නොයෙදූ අල, බෝංචි, ගෝවා ආදිය නම් පහසුවෙන් හොයා ගන්න පුළුවන් ද යන්නත් සැකයි. සමහරක් විටෙක මේ අහිතකර විස ද්‍රව්‍ය ශරීරයට ඔරොත්තු නොදෙන ප්‍රමාණ වලින් අප නොදැනුවත්වම පවතිනවා. අප කැමති උනත් අකමැති උනත් අපට මේ කැම වලින් මිදෙන්න බැහැ. භික්ෂූන් වහන්සේලාටත් එසේමයි. සියළු සත්වයෝ ආහාරයෙන් යැපෙනවා කියන එක සර්ව කාලීන සත්‍යයක්. ඉතින් පවතින ආහාර වලින් යැපෙන්න හැමෝටම සිද්ධ වෙනවා. යම් සුළු හෝ විස ප්‍රමාණයක් ඇතැයි සිතා නොකා හිටියොත් මොකද වෙන්නේ? විස සහිත ආහාර කාලා අවුරුදු 80ක් පමණ හෝ ඊටත් වඩා ජීවත්වෙන අය නොකා සිටීම නිසා දවස් කිහිපයකින් මැරිලා යනවා. ඉතින් මෙහෙම බැලුවාම ප්‍රායෝගිකව වැලැක්වීමට අපහසු යම් විස ප්‍රමාණයක් තිබුනත් කෑමමයි සුදුසු. භික්ෂූන් වහන්සේලාටත් මෙසේමයි. ඔවුන්ට ගිහිව ඉන්නා අපටත් වඩා අපහසුයි තෝරා බේරා කෑම කන්න. ඒ නිසා ඔබට ප්‍රායෝගිකව හැකි උපරිම පිරිසිදු බවින් යුත් ආහාර දන් දෙන්න. ඒ ප්‍රායෝගික සීමාව ඉක්මවා පිරිසිදු බවින් යුතු කෑම දන් දෙන්න ඔබට හැකියාවක් නැහැ. භික්ෂූන් වහන්සේලා එහෙම කෑම තියා දායකයන්ට ප්‍රායෝගිකව දිය හැකි උපරිම ප්‍රණීත බවින් හෝ උපරිම පිරිසිදු බවින් යුත් ආහාර දන් දේවි යැයි කියා බලාපොරොත්තු වන්නේත් නැහැ. ඔවුන් බලාපොරොත්තු වන්නේ විශේෂයක් නැති කෑම බීම. නමුත් ඔවුන්ගේ පහසුව, සුව බව, නිරෝගී බව, දීර්ඝායුෂ බව සහ අපට ලැබෙන ආනිසංස සලකා අපි අපට පුළුවන් උපරිමයෙන් ප්‍රණීත සහ පිරිසිදු ආහාර ශ්‍රද්ධාවෙන්, සකස් කර, නිසි කල්හි, දෙන දැයෙහි සිත් බැඳුම් නැතිව, තමාත් අන් අයත් නො පෙළා දන් දෙනවා. දානය යහපත් ක්‍රියාවක්. මෙසේ දන් දෙන්න නැඹුරු වීම සම්බුද්ධ සාසනයේ චිරස්ථිතියටත් හේතුවක්. සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය හැමෝගේම යහපතට හේතුවක්.

    මජ්‌ඣිම නිකායේ උපරි පන්නාසකයේ චූළකම්මවිභඞ්ග සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp6/448 ] බුදු රජානන් වහන්සේ විසින් සුභ මාණවකයාට මෙසේ පැවසීම ගැන සඳහන්:

    තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයන වාසාගාර පහන්තෙල් නො දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස්බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ ද (එතැන්හි) අල්පභොග වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර පහන්තෙල් නො දෙනු වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පභොග ඇති බවට වැටෙන්නී වෙයි.

    තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්ධ විලෙපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලොකයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලොකයට නො එළැඹේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද එකල්හි මහාභෝග ඇත්තේ වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්ධ විලෙපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව මහාභොග ඇති බවට වැටෙන්නී වේ.
    මජ්‌ඣිම නිකායේ උපරි පන්නාසකයේ දක්ඛිණාවිභඞ්ග සූත්‍රයත් [ http://thripitaka.org/view/sp/sp6/536 ] කියවා බලන්න. දානය ගැන තවත් වටිනා කරුණු එම සූත්‍රයේ සදහන්.

    අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ අසප්‌පුරිස දාන සූත්‍රය [ http://thripitaka.org/view/sp/sp14/300 ] සහ සප්‌පුරිස දාන සූත්‍රයත් [ http://thripitaka.org/view/sp/sp14/302 ] කියවා බලන්න.

    සංයුත්‌ත නිකායේ සගාථා වග්ගයේ කිංදද සූත්‍රයත් [ http://thripitaka.org/view/sp/sp7/82 ] දානය ගැන කෙටි සූත්‍රයක්. දානය ගැන සූත්‍ර තවත් බොහෝ ප්‍රමානයක් තියෙනවා.

    මෙහි දක්වපු චූළකම්මවිභඞ්ග සූත්‍රය, දක්ඛිණාවිභඞ්ග සූත්‍රය, අසප්‌පුරිස දාන සූත්‍රය, සප්‌පුරිස දාන සූත්‍රය සහ කිංදද සූත්‍රය කියවා තේරුම් ගැනීමට පහසුයි. එම සූත්‍ර සතිපට්ඨාන සූත්‍රය මෙන් ගැඹුරු නැහැ. චූළකම්මවිභඞ්ග සූත්‍රයේ කොටසක් මෙහි සඳහන් කලත් සම්පූර්ණ සූත්‍රයම කියවා බලන්න. සරලව පවසා ඇති එහි අඩංගු කරුණු තේරුම් ගැනීම ඔබේ යහපතටම හේතු වේවි.

    Skylark