Be Verified Worldwide

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මේක Advertisement එකක් විදියට ගන්න එපා. ඊට එහා ගිය වැදගත්කමක් මේකේ තියෙනවා. ඒ නිසා ඕනෑකමින් කියවන්න කියලා ඉල්ලීමක් කරනවා.  මගේ සුපුරුදු profile එකෙන් එන්නේ නැතුව වෙන සාටර් වෙච්ච profile එකකින් ඇවිල්ලා  මේ thread එක දාන්නේ rep power 37 profile එකේ privacy එක තියාගන්න ඕන නිසයි. :yes:

    හරි එහෙනම් මේකයි කතාව.
    අපි හැමෝම හොඳින්ම දන්නවා අද දවස වෙනකොට අපේ රටේ කලා ක්‍ෂේත්‍රය තනිකරම මුදලට යටවෙලා ඉවරයි. විශේෂයෙන්ම සංගීත ක්‍ෂේත්‍රය.. හැකියාවන්ගෙන් පිරිපුන් නවකයෙකුට අතේ මිටේ සෑහෙන තරම් මුදලක් නැත්නම් ඉදිරියට එන්න තියෙන අවස්ථාව හරිම අඩුයි.  අලුතෙන් song එකක් record කරගෙන, ඒකට video එකක් හදාගෙන මාධ්‍ය හරහා ප්‍රචාරය කරන තැනට එද්දී මොන තරම් මුදලක් වියදම් වෙනවද කියලා නිකමට හොයලා බලන්න. TV / Radio channel වල ගීත ප්‍රචාරය කරගත්ත ගායක ගායිකාවන්ගෙන් 90% ක්ම පළමු නිර්මාණයෙන්ම ආගිය අතක් හොයාගන්න වත් නැතිවෙලා යනවා. සමහරු musical video එකක් කරගන්න මුදල් හොයාගන්නේ යාළුවන්ට ණය වෙලා. අන්තිමට පාරෙ බැහැලා යන්න බැරි තරමට අසරණ වෙනවා. මේක තමයි ඇත්ත.
    music distribute කරන්න කොම්පැනිකාරයෝ ඉල්ලන මුදල ඇහුවම සිංදු නෙමෙයි පැල්කවිත් එපාවෙනවා. :( තනිකර ගසාකෑම තියෙන්නෙ හැමතැනම.ඒ නිසා මම හිතුවා මේකට මගෙ ශක්ති ප්‍රමාණයෙන් යමක් කරන්න ඕන කියලා.
    අවුරුදු ගාණක් මහන්සිවෙලා කට්ට කාලා වැඩේ සාර්ථක කරගත්තා. මේ වැඩෙන් Artist කෙනෙක් වෙන්න හීන දකින, ඒත් වියදම් කරන්න ලක්‍ෂ ගණන් මුදල් අතේ නැති හැකියාව තියෙන ආධුනික ඔබගේ ඉදිරි ගමනට විශාල පිටිවහලක් ලැබෙයි කියලා හිතනවා. කෙටියෙන් කිව්වොත් ඔයාට ගීත ගායන හැකියාවක් තියෙනවා නම් ඉතා කෙටි කලකින් ලෝකය පුරාම නම ප්‍රචලිත වෙච්ච Artist කෙනෙක් වෙන්න පුළුවන්. මේකෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ අපමණයි. ඒ ගැන මේ thread එකේ අන්තිමට කෙටියෙන් කියන්නම්.

    මේක කරන විදිහ දැන් කියන්නම්..

    මූලිකවම ඔයාගේ හඬින් record කරපු Audio Tracks ලබාගන්න ඕන. ඒවා ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරගත්ත අලුත්ම ගීත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ හඬින් ගැයුණු වෙනත් ප්‍රවීණ ශිල්පියෙකුගේ ජනප්‍රිය ගීත වෙන්නත් පුළුවන් (Cover Versions). මට පුළුවන් ඒ හැම ගීතයක්ම ලෝකයේ ප්‍රමුඛතම Musical platforms හරහා worldwide distribute කරලා දෙන්න. ඒවායින් කිහිපයක් නම්;

    * Spotify
    * iTune
    * Deezer
    * Saavn
    * Google Music
    * Napster
    * Amazon
    * Facebook
    * YouTube

    මේ වගේ තව විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ගීත YouTube Content ID වලට include කරලා monetize කරන්නත් පුළුවන්. මේ දේවල් හැමදේම Company එකක් හරහා කරගන්න ගියොත් ඔයාට අනිවාර්යෙන්ම විශාල මුදලක් වියදම් කරන්න ම වෙනවා. හැබැයි මට පුළුවන් මේ සියළු දේ මගේ මහන්සියට විතරක් මුදලක් අයකරගෙන ගොඩක්ම සාධාරණ මුදලකට කරලා දෙන්න. මේකෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ කිහිපයක් ගැන විතරක් කියලා නවතින්නම්.

    1. මෙමගින් ඔබට Worldwide verified Artist Profile එකක් හැදෙනවා. කලින් කියපු හැම site එකකම ඔයාගේ නමට Artist page එකක් හැදෙනවා.
    2. Auto generated YouTube channel එකක් හැදෙනවා.
    3. Google එකේ search කළාම Comprehensive Artist Info-Pannel එකක් හැදෙනවා.
    4 tracks download වෙන විදිහට YouTube එකේ views එන විදිහට ඔයාට අමතර ආදායමක් එනවා.
    5. USA, UK, AUS, CN වගේ රටවල් වලට Visa ගන්න ගිය දවසක Artist කෙනෙකුට විතරක් ලැබෙන හැම Benefit එකක්ම ඔයාට අනිවා ලැබෙනවා.


    ඇත්තම කිවුවොත් මේක ඔයාට  කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඔයාට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා නම් වැඩේට set වෙන්න. නැත්නම් දන්න කියන යාළුවෙක් හරි ඉන්නවා නම් අමතක නොකර ඉක්මණින් දැනුවත් කරන්න. ඔයාගේ අවශ්‍යතාවය සඳහන් කරලා email ekak දාන්න විතරයි තියෙන්නේ. Contact number එකක් දාන්න අමතක කරන්න එපා.
    මෙන්න ඊමේල් එක 
    [email protected] 

    බලන තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන් නිසා UP එකකුත් දාගෙනම යන්න යාලු 
    :D
     
    • Like
    Reactions: lvcs

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    ඕන ගොබිලෙක්ගෙ සින්දු හිට් කරල දෙනවද බ්රො?
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මෙහෙමයි. දැන් අපි සින්දුව කියල youtube දැම්ම කියමු. ඕක youtube වල ඉදිරියට ගෙනියන්නේ කොහොමද ? (youtube එකේ හොද සින්දු සෑහෙන්න තියනවා විව්ස් ඉතාම අඩු ගානක් තියන)
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    kawa hari set kalot kiyak denawada?
    මෙහෙමයි, මම ගන්නේ මගේ මහන්සිය විතරයි. වැඩිපුර කියලා ඔයාට කාගෙන් හරි ගන්න පුළුවන් නම් ඒ අමතර ගාන ඔයා ගන්න
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    okata katawath salli denna mokatada..menna me site 2ken 1kata gihin account ekak hadala distribute karanna....LOL......


    https://freshtunes.com/
    https://www.routenote.com/
    ඔව්..ඔව්.. ඒවත් try කරලා බලන්න. ටික දුරක් යනකොට තේරෙයි. මුලදී ඕන දෙයක් කරගන්න ඉඩ දීලා වැඩේ පත්තුවේගන එද්දිම බාල්දියක් පෙරළනවා ඊට පස්සේ ඒ free කතන්දර නෑ. මම ඔය හැම දේම try කරලා තියෙනවා යාලු :yes:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මෙහෙමයි. දැන් අපි සින්දුව කියල youtube දැම්ම කියමු. ඕක youtube වල ඉදිරියට ගෙනියන්නේ කොහොමද ? (youtube එකේ හොද සින්දු සෑහෙන්න තියනවා විව්ස් ඉතාම අඩු ගානක් තියන)
    YouTube දාන හැම song එකක්ම එක වගේ hit වෙන්නේ නෑ. ඒකට ගොඩක් හේතු බලපානවා. ඒත් වැඩේ අතඅරින්නේ නැතුව ටික කාලයක් කරගෙන යන්න ඕන. channel එක හොඳට index වෙද්දී views හැදෙනවා