Beautifull Sinhala songs

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda



    සිත ඔබ පාමුල රඳවා...


    සිත ඔබ පාමුල රඳවා

    බිඳි සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොම වේවා....

    අසුරු සැණක් වූ රුසිරු අතීතය
    සිහිනෙන් ගෑ මුදු සුවඳක්සේ
    සදා රැඳේවා ඔබේ ලොවේ.....

    ඔබට පිදුම් වූ සිතක විරාගය
    කැටපත් පවුරක ගීයක් සේ
    සදා රැඳේවා ඔබේ හදේ...


    ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
    තනුව : රෝහණ වීරසිංහ
    ගී පද : කුලරත්න ආරියවංශ
     
    Last edited: