Beruwala Muslim

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,184
    3,288
    113
    Maligawatta
    බේරුවල කුට්ටිමලේ පල්ලියේ පිරිසක් ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි අතර, එය වලක්වන්නට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ක ආරවුලක් ඇති කරගත් බවත් කියා සමාජ ජාල වල වීඩියෝවක් දක්නට ලැබෙනවා.

    මෙහි අඇත්ත තත්වය කුමක්දැයි ඔබ දැනගත යුතුයි...

    ඇත්තටම සිදු වූයේ මෙයයි...

    ඊයේ (අප්‍රේල් 2, බ්‍රහස්පතින්දා) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා වැළැඳී ඇතැයි කියා සැක කරන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ලේ සාම්පල ලබා ගැනීම සඳහා කුට්ටිමලේ පල්ලියට ඔවුන් ගෙන්වාගෙන තිබේ. (මේ ගැන පල්ලියට කළින් දන්වා තිබුණේ නැත)
    මෙම පරීක්ෂණයට ගෙන්වාගෙන තිබූ කිසිවකු එම ප්‍රදේශයේ වාසය කරන්නන් නොවූහ...

    මෙය දැනගත් අසල්වැසියන් ඔවුන්ව ඔවුන්ගේම ප්‍රදේශවල පරීක්ෂා කරන ලෙසත්, මෙහි ගෙන්වන්න එපා කියාත් කෑ ගසා ඇත.

    කොරෝනා කෙරෙහි ඇති අනියත බිය හා මෙහිදී පරීක්ෂා කිරීමෙන් තමන්ටත් ආසාදනය බෝ විය හැකියි කියන අනවශ්‍ය බිය හේතුවෙන් ඔවුන් මෙසේ හැසිරී ඇත...
    (හුළඟිනුත් ඒඩ්ස් බෝ වන බව කියා දරුවෙක් පාසලින් අස්කර දැමූ, කොරෝනා රෝගීන් තම ප්‍රදේශයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා ගේන්න එපා කියා උද්ඝෝෂණ කරපු මිනිස්සු ඉන්න රටක සාමාන්‍ය මානසිකත්වය... ජාතිය අදාළ නෑ, එකම හැසිරීම)

    තව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පල්ලිය තුළ දමා වසා තිබූ බවත් කියවෙනවා... ඇත්තටම එම නිළධාරීන්ට කිසිදු බලපෑමක් කරන්නට මෙම පිරිස ඇතුළු වන්නට බැරි වෙන්නයි ගේට්ටුව ඇතුල් පැත්තේන් අගුළු දමා ඇත...

    පල්ලිය තුළ වන්දනාවේ යෙදී සිටි බවත්, එය වලක්වන්නටයි මෙම නිළදාරීන් එහි ගිය බවත් පැවැසීම බොරුවකි...
    ජමියතුල් උළමා එකෙන් පල්ලි වල ආගමික කටයුතු කිරීම නවත්තන්නට කියූ දිනයෙන් පසු බේරුවල ප්‍රදේශයේ කිසිදු පල්ලියක කිසිදු ආගමික කටයුත්තක් සිදු වූයේ නැත.

    මෙම පිරිස හැසිරුණු ආකාරය ඇත්ත වශයෙන්ම වැරදි විය හැක... නමුත් මෙම සිදුවීම මේ ආකාරයට වෙනස් කර ජනතාව අතරට ගෙන යන්නේත්, ජාතීන් අතර වෛරය ඇති කිරීමට මෙතරම් වෙර දරන්නේ ඇයි???
    මෙයින් කුමක් ද මොවුන් බලාපොරොත්තු වන්නේ?
    (අද සිකුරාදා දවසේ කොහේ හෝ පල්ලියක පිරිසක් එකතු වෙයි, එයින් තමන්ට ඕනේ වී ඇති වැරදී වැටහීම සමාජයේ ඇති කර හැකිය කියා බලා සිටි පිරිසක් එවැනි දෙයක් නොවූ හින්දා මෙම සිදුවීම මේ විදිහට පෙන්වා තම අරමුණු ඉෂ්ට කර ගන්න හදන්නේ ද?)

    ඉහත සිද්ධිය වැරදියි නම් එයට අදාළ පුද්ගලයින්ට විරුද්ධව අදාළ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියි. නැතුව සුළු පිරිසක හැසිරීමට මුළු සමාජයම වැරදිකරුවන් කර බැණවැදීම වැරදිය, මන්ද බහුතරයක් සෞඛ්‍ය සේවා නිළදාරීන් හා ආරක්ෂක අංශවල නියෝග හරි විදිහට පිළිපදියි. අපිත් මේ ලක් මාතාවගේ දරුවනි, ඇය රුක ගැනීමට අපත් උත්සාහ කරමු.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති පුවත nethnews.lk මින්පෙර වාර්තා කළා.

    එම කාන්තාව බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. එම ප්‍රදේශය කොරෝනා රතු අවදානම් කලාපයක් ලෙස නම් කර තිබියදී ආදාල කාන්තාව මෙලෙසින් ව්‍යාජ ලිපිනයක් දී රෝහල් ගතව තිබේ.

    මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.

    අනතුරුව කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු මාධ්‍යයට සඳහන් කරනවා.

    මෙම වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

    රජය විසින් පසුගිය සමයේ මේ පිළිබදව දිගින් දිගටම ජනතාව දැනුවත් කළ පසුවද මෙවැනි වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම කණගාටුදායක බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

    මේ හේතුවෙන් වාට්ටු සංකීර්ණයක් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් රටට අවශ්‍යම මොහොතේ අහිමි වී තිබීම කණගාටුවට කරුණකි.


    http://nethnews.lk/article/75918
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    පවිත්‍රාගේ කතාවට හකීම් නිරුත්තර වෙයි

    කොරෝනා වෛරසයෙන් මියගිය මුස්ලිම් වරුන්ගේ අවසන් කටයුතු සිදුවන ආකාරය පිලිබදව පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වුණා.

    කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතාගෙ ප්‍රදානත්වයෙන් අද පැවති හමුවකදී රවුෆ් හකීම් මේ පිලිබදව විමසා සිටි අතර එයට පිළිතුරු දුන් පවිත්‍රා වින්නිආරච්ච් කියා සිටියේ මෙවැන්නක් ...

    ' කොරෝනා වලින් මියගිය පලවෙනි රෝගියා බුද්දාගමේ කෙනෙක්.ඒ වෙලාවේ ඒ රෝගියාගේ පවුලේ උදවිය ඇවිත් ඉල්ලීමක් කළා පාංශුකූලය දෙන්න අවස්තාවක් දෙන්න කියලා.මේ විෂ බීජයේ තියන භයානක කමත් මිනිසුන්ට ව්‍යාප්ත වෙන්න තිබෙන ප්‍රශ්නයත් නිසා එයට අවස්තාවක් දුන්නේ නැහැ ,අපේ ආගමේ හැටියට බෞද්ධයෙකුට පාංශුකූලය වත් නොදී අවසන් කටයුතු කරනවා කියන එක දරාගන්න බැරි වැඩක්.නමුත් එයාලටවත් පාංශුකූලය තියා මුකුත් දුන්නේ නෑ.මේක ජාතික ව්‍යසනයක් නිසා බුද්දගමේ අයට හෝ වෙනත් ආගම් වලට අනුව හෝ දේවල් කරන්න අමාරුයි.'

     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,184
    3,288
    113
    Maligawatta

    නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති පුවත nethnews.lk මින්පෙර වාර්තා කළා.

    එම කාන්තාව බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. එම ප්‍රදේශය කොරෝනා රතු අවදානම් කලාපයක් ලෙස නම් කර තිබියදී ආදාල කාන්තාව මෙලෙසින් ව්‍යාජ ලිපිනයක් දී රෝහල් ගතව තිබේ.

    මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.

    අනතුරුව කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු මාධ්‍යයට සඳහන් කරනවා.

    මෙම වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

    රජය විසින් පසුගිය සමයේ මේ පිළිබදව දිගින් දිගටම ජනතාව දැනුවත් කළ පසුවද මෙවැනි වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම කණගාටුදායක බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

    මේ හේතුවෙන් වාට්ටු සංකීර්ණයක් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් රටට අවශ්‍යම මොහොතේ අහිමි වී තිබීම කණගාටුවට කරුණකි.


    http://nethnews.lk/article/75918

    meki muslim handa lokuwata meka gena share wenawa, sinhala unanam ???
    muslim unoth lankawe hema muslim ekama mekata pali, hebei sinhala unoth u witharai pali :yes:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    අපේ පොළවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින් - හකීම්ගේ මිත්‍යාවන්ට අනිල් ජාසිංහ විද්‍යාවෙන් උත්තර දෙයි

    බෞද්ධ, මුස්ලිම්, කතෝලික සේම අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජය පිළිබඳ සළකා බලා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කිරීමට රජය සෑම විටම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අරලියගහ මන්දිරයේ පැවැති සර්වපාක්ෂික නායකයින්ගේ සහ නියෝජිතවරුන්ගේ හමුව අතරවාරයේ දී කොරෝනා වංසගතයෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ ආගමානුකූලව භූමිදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මුස්ලිම් පක්ෂ නියෝජිතයින් යොමු කළ ගැටලුවට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳව තවම නිසියාකාර තොරතුරු හඳුනාගෙන නැහැ. එසේම බෝවෙන වෙනත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙන බවත් කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරත වන බවත් එහි දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

    මෘත දේහ ආදාහනය කිරීමේ දී ලංකාවේ සමස්ත තත්ත්වය සළකා බැලිය යුතුය. මෙය සංවේදී කාරණාවක්. එහෙත් අප කටයුතු කළ යුත්තේ සමස්ත ප්‍රජාව පිළිබඳව අවදානය යොමු කරමින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙහිදී රවුෆ් හකීම් මහතාගේ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කරුණු දැක්වීම පහත දැක්වෙයි.

    රවුෆ් හකීම්ගේ කතාව

    මෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආදාහනය සහ භූමිදානය කියන දෙකම කරන්න පු`ඵවන්. මීගමුවේ සිදුවීමත් එක්ක සමාජ මාධ්‍ය මහත් ආන්දෝලනාත්මක විදිහට හැසිරෙනවා. එහිදී මම ඉදිරිපත් කරපු කරුණු වලට අනුව මටත් අවලාද නගමින් ඉන්නවා. අපි ලෝක ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවේදී මේ වගේ අවශ්‍ය නැති දේවල් වලට තර්ක කරලා වැඩක් නැහැ. මම එහෙම ආන්දොලනයක් ඇතිවෙන්න දෙයක් ප්‍රකාශ කළෙත් නැහැ. අද හැම පක්ෂයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරු මෙතනට ඇවිත් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්ණායකයන් වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒවගේම මෘත දේහයක් හරහා වෛරසය පැතිරීම මිත්‍යාවක් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියලාතියෙනවා. එසේ තිබියදී මෙරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නව නිර්ණායක නිකුත් කිරීම පිළිබඳව ගැටලුවක් මතුවෙනවා. පවතින වාතාවරණය අනුව රෝග ලක්ෂණ තිබුණ පුද්ගලයින් වුණත් රෝහල් වලට යන එකක් නැතුව ගෙදරම මැරිලා යන තත්වයක් ඇතිවෙන්න පුඵවන් කියන එකයි මගේ අදහස.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

    අන්තර් ජාලයේ තිබුන නිර්දේශ නීත්‍යානුකූළ ලියවිල්ලක් නොවෙයි. එය බලසහිත වීමට නම් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් විදිහට මගේ අත්සන තිබිය යුතුයි. මගේ අත්සන සහිත නීත්‍යානුකූළ ලියවිල්ල ඊයේ ඉදිරිපත් කරනු ලැබූවා. මෙහි දී හිටපු අග්‍රාමාත්‍යවරයාත් තවත් හිටපු ඇමතිවරු කිහිපදෙනෙකුත් පරීක්ෂණ පිළිබඳව කතා කළා. මුල් අවස්ථාවේ දී අප උත්සාහ කළේ රටට වෛරසය එන එක වළක්වන්නයි. රට ඇතුලට වෛරසය ආ පසු අපි උත්සාහ කළේ රට තුළ ඒක පැතිරෙන එක වළක්වන්නයි. ක්‍රිකට් මැච් එකක් උදාහරණයට ගත්තොත් අපි එකේදි මුලින්ම උත්සාහ කරන්නේ විකට් එක බේරගන්නයි. මුලදිම හයේ ඒවා ගහන්න යන්නේ නැහැ. වැඩිපුර පරීක්ෂණ සිදු කළ යුතුයි කියන ක්‍රියාපටිපාටිය එන්නේ දෙවැනි අවස්ථාවටයි. අපි කොහොමද දැන් වයිරස් එකත් එක්ක සටන් කරන්න කියන එකයි දැන් අපි සලකා බලන්නේ. ඒ සියලු කාරණා ගත්තහම මේ වෛරසය සමාජයේ පැතිරීමට කිසි සේත්ම ඉඩ තියන්න බැහැ. කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳ තවමත් නිසියාකාර තොරතුරු ඉදිරිපත් වෙලා නැහැ. මේ වෛරසය බෝවීම පිළිබඳ තවත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙනවා. වෛරසය පිලිබඳ ඇතැම් තොරතුරු අසත්‍ය බව පේනවා. අවාසනාවන්ත ලෙස වසංගතයෙන් මරණයක් වූ විට අපේ මූලික පරමාර්ථය ඉතාම ඉක්මනින් වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගේ අවසාන කටයුතු සිදු කිරීමයි. එවැනි විටෙක කටයුතු කලයුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ දක්වා තිබෙනවා. ඒ තුළින් වසංගතය පැතිරී යාමේ අවදානමක් තිබේ නම් එය වලක්වා ගන්නා අපි උත්සාහ කරනවා. මෙවැනි මෘතදේහ භූමිදානය කිරීමේදී වැඩි කාලයක් ගත වෙනවා සහ ඊට වැඩි පිරිසක් යොදා ගැනීමට සිදුවෙනවා. අද තිබෙන තත්ත්වය අපට පාලනය කරගන්න පුඵවන්. නමුත් අපි නොහිතන විදිහට මරණ සංඛ්‍යාව වැඩිවුනොත් අපට කළමනාකරණය කරගන්න බැරිවෙනවා. මෘත දේහ ආදාහනය කිරීමේදී ලංකාවේ සමස්ථ තත්වය සලකාබැලිය යුතුයි. ලංකාවේ එක එක ප්‍රදේශ වල තත්වය වෙනස්. අපිට කියන්න පුළුවන් යම්කිසි තැනක සුදුසු විදිහට කරන්න කියලා. සමස්ථ රටටම ක්‍රීයාවලියක් හදන්න අමාරුයි. ඒවගේම ඇමතිතුමිය කිව්වා වගේ ලංකාවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින්. ඊට අමතරව අපේ පස කබොක් සහ පොහොර පසයි. මේ වෛරසය ඒ පස් ස්ථර හරහා යෑමේ තත්වයක් ඇතිවෙන්න පුඵවන්. ඒ වුනත් මීගමුවේ තත්ත්වය නෙවෙයි මඩකලපුවේ තියෙන්නෙ. මඩකලපුවෙ තත්වය නෙවෙයි මාතර තියෙන්නෙ. අපිට මේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ප්‍රජාවත් එක්ක. මේක සංවේදී කාරණාවක්. මීගමුවේ ඇතිවූ තත්වය ගත්තොත් මීගමුවේ පොළොවේ වතුර මට්ටම ඉහළ නිසා මෘතදේහය මාලිගාවත්තට ගේන්න උත්සහ කරා නමුත් එතකොට දුර ප්‍රමාණය වැඩියි. අපේ අරමුණ වෙන්නෙ රෝගියා මොන රෝහලේ මියගියත් ඒ ලඟම තියෙන ආදාහනාගාරය තුළ අවසන් කටයුතු සිදු කිරීමයි.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    meki muslim handa lokuwata meka gena share wenawa, sinhala unanam ???
    muslim unoth lankawe hema muslim ekama mekata pali, hebei sinhala unoth u witharai pali :yes:

    මෙතන කිසිම ජාතිවාදී කතාවක් තිබුණේ නැහැ හකීම් පොන්ස් මැද්දට රිංගනකම්! මුස්ලිම් කතාවක් ඇදලා ගත්තේ සිංහල මිනිස්සු නෙමෙයි!!
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    meki muslim handa lokuwata meka gena share wenawa, sinhala unanam ???
    muslim unoth lankawe hema muslim ekama mekata pali, hebei sinhala unoth u witharai pali :yes:

    sinhala wunat echchara tama ay ubata mathaka nadda Italy indala apu wunta kochchara bannada.