Best way to die

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    ඉන්ධන පෝලිම්වලදී වැටී මියගිය ගණන 2 ක්​

    3/20/2022 08:07:00 PM

    AVvXsEh0yIcGpVIN6zzVqcY0R6tKroenleAttLbXMgKm9WjpvBN9Kb6d-dlZM3DzkgxKEb7ODkDIPKMxMC71cUnMELOf1ZW0lYvemIcYVzIHRImThgRn-VGdzCdOkEc8IEBrCk4its0ocJLznnwRpuFRzjxosQLpUvUwA8yNeWGAH8mhvAPp40Z43sXvw0rs9Q=s16000

    ඉන්ධන පෝලිම්වල පීඩාකාරී ලෙස පැය ගණන් රැඳී සිටි පුද්ගල මරණ 2 ක් පසුගිය පැය 24 තුළ වාර්තා විය. එකක් සිදුව ඇත්තේ මහනුවර උඩතලවින්න ප්‍රදේශයේය. අනෙක සිදුව ඇත්තේ කඩවතදීය.
    මහනුවර යටිනුවර වීදියේ ඉන්ධනහලක භූමිතෙල් ලබා ගැනීම සදහා පෝළිමේ සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ මිය ගියා. හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඇදවැටී සිටි ඔහු අසළට කිසිවෙකු සමීප වූයේ නැති අතර පසුව පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
    එලෙස මියගොස් තිබුණේ උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයෙකුද බිම ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් තිබුණි. පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පුද්ගලයෙකු බවයි. ඔහු පෙට්‍රල් මිලදී ගැනීමට බූලියක් රැගෙන පෝලිමේ රැදී සිට තිබෙන අතර එකවර ඇද වැටී ඔහු මියගොස් ඇත. ඔහුගේ බිරිය පැවසුවේ දියවැඩියාව හා අධිරුදිර පීඩනයට ඔහු ප්‍රතිකාර ලබමින් සිටි බවයි. ඔහුගේ මෘත දේහය රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙයි.

    මේ අතර පෞද්ගලික මල්ශාලාවකට අයත් වෑන් රථයක් හදිසියේ ඉන්ධන ලබාගැනීමට පැමිණ හඟුරක්කෙත නගරයේ සමූපකාර ඉන්ධන පිරවුම් හලක උණුසුම් තත්ත්වයක් හට ගැණුනි.එම වෑන් රථය තුළ මිනී පෙට්ටියක් ද තිබු අතර, එහි රියදුරු පවසා සිටියේ, නිවැසියන්ට මළ සිරුර භාරදීමට යන අවස්ථාවේ දී ඉන්ධන අවසන් වීම හේතුවෙන් තමා දැඩි අසීරුතාවයකට පත්වු බවය.


    “මරණය ගෙනියන්න යන්නේ. මිනිස්සු එක්ක මරාගන්න වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය නිසා. එම්බාම් කරලා මරණේ ගෙදරට ගෙනියන්න ඕනේ. මිනිස්සුන් ට ඒ ප්‍රශ්න වැඩක් නෑ. මිනිස්සු කෑ ගහනවා. අපිට ඩීසල් හරි ප්‍රශ්නයක් වෙලා. මාව මරලා පෙට්ටියට දාන තත්ත්වයක් දැන් වෙලා තියෙන්නේ.” ඔහු කීය.