Biodiversity of SriLanka - රෑන ගිරවා/මාල ගිරවා/Rose-ringed parakeet (Psittacula krameri)

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    මගේ යාලුවෙක්ගෙ ගෙදර කාලෙකට ඉස්සර ගිරා ගෑනු සතෙක් හිටියා. ඌ යාලුවගෙ කාමරේට යන්න දෙන්නෙ යාලුවටයි අම්මටයි විතරයි. ගෙදර වෙන කාටවත් යන්න දෙන්නෑ පන්න පන්න කොටන්නෙ. බල්ලත් එක්ක ෆිට්. බලළත් එක්කත් ෂේප්. කොහොම ශේප් උනාද මන්දා.ගිරව වැඩිපුර ඉන්නෙ බිම, බොහෝවිට බල්ලත් එක්ක. ගෙදරට කවුරුහරි ආවම උගේ පූර්ණ අධීක්ෂණයට ලක් වෙන්න වෙනව. ගල් පිළිම වාගෙ ඉන්න ඕනෙ ඒ වැඩ ටික ඉවර වෙනකන්. :ROFLMAO:
    අපෙ ගෙදර මයිනෙක් හිටියා.ඌත් ඒ වගෙමයි බන්. බල්ල දන්නවා ගෙදර හදන එකා කියලා. ඒ හින්දා ඌත් සීරුවෙන් ඉන්නවා ලගට ආව ම. දුවන්න ගියොත් එලෝ එලෝ කොටනවා.විස්ල් ගහනකොට තරහ යනවා. විස්ල් කරන්න ගිහින් පරයා මගෙ තොල විකලා පැන්න. 😂😂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,615
    113
    ප*යාගල
    sorry.com
    :love: :love: :love: :love:

    1*7cIpWIX5wL48SMloIPQBuA.jpeg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපෙ ගෙදර මයිනෙක් හිටියා.ඌත් ඒ වගෙමයි බන්. බල්ල දන්නවා ගෙදර හදන එකා කියලා. ඒ හින්දා ඌත් සීරුවෙන් ඉන්නවා ලගට ආව ම. දුවන්න ගියොත් එලෝ එලෝ කොටනවා.විස්ල් ගහනකොට තරහ යනවා. විස්ල් කරන්න ගිහින් පරයා මගෙ තොල විකලා පැන්න. 😂😂
    අර යකත් එහෙමයි බං. අපි එහෙට ගියාම සිරිමල් වාගෙ ඉන්නෙ. හයියෙන් කතාකරන්නෙත් නෑ. ඌ ඇවිත් උකුලට ඇවිල්ල හොඳට බලනවා. හෙලවෙන්නවත් බෑ. 5ක් ගියොත් ඒ හැමෝගෙම උකුලට ගිහිල්ල බලනව. යාලුව හිටියොත් අවුලක් නෑ ඌ බලන්න එන්නෙ නෑ.
    බල්ලත් එක්ක ෆිට් කිව්වට මට හිතෙන්නෙ ඌ එහෙම හිටියෙත් පණ බයට කියල. :ROFLMAO:
    මාල ගිරවියේ... මාල ගිරවියේ...
    මට නුබත් එක්ක ඩිස්ටි ඩිඩින් කරන්නටම ආසයි...
    මෙන්න විකුර්ති කාමාසාවල් ඇති එකෙක්...:eek::baffled::ROFLMAO:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.


    ස්‍රී ලන්කාව තුල ගිරව් වර්ග කිහිපයක් වාසය කරනවා.

    ලන්කා ගිරා මලිත්තා / Sri Lanka Hanging parrot ( ආවේණික )
    ලබු ගිරවා / Alexandrine parakeet
    පඞු ගිරවා / Plum headed parakeet
    ශ්‍රී ලංකා අළු ගිරවා / Sri Lanka Emarald collared parakeet ( ආවේණික )
    රෑන/ මාල ගිරවා / Rosed ringed parakeet

    එයින් ඉතා බහුලවම දකින්න පුලුවන් වෙන්නෙ රෑණ ගිරවා නොහොත් මාල ගිරවා ය.







    උන්දැගෙ විස්තරෙ තියෙන්නෙ මෙහෙම

    පෙඳයේ පිහාටුවල දිග සමඟ ගත් විට මෙම විශේෂයට අයත් හොඳින් වැඩුණු ගිරවෙක් ආසන්න වශයෙන් සෙන්ටිමීටර් 40ක් (අඟල් 16ක්) පමණ දිග ය. මොවුන්ගේ ගෙලෙහි දැකිය හැකි මාලයේ වර්ණය අනුව එම ගිරවුන් ලිංගික වශයෙන් ද වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාවක් තිබේ.

    බොහෝ විට ගැහැනු සතුන්ගේ හා පැටවුන්ගේ මෙම මාලය දැක ගත නොහැකි අතර ඇතැම්විට අළු පැහැති මාලයක් යාන්තමින් දැකගත හැකි ය. කෙසේ නමුත් පිරිමි ගිරවාගේ ගෙලෙහි දැකිය හැකි මාලය රතු පැහැයෙන් යුතු කැපී පෙනන එකක් නිසා ඔවුන් පිරිමි සතුන් ලෙස හඳුනා ගැනීමට හැකියාවක් ඇත.


    පහත රට ප්‍රදේශ වල සිට කඳුකරය ආරම්භ වන උස මට්ටම දක්වාම ඉතාමත් සුලභව හමුවන පක්ෂියෙකි.
    බොහෝවිට රංචු වශයෙන් ඉතාමත් වේගයෙන් ශබ්ද නගමින් පියාඹන රෑන ගිරවුන් පළතුරු, මල් පොහොට්ටු, ශාක බීජ ආදිය ප්‍රධාන වශයෙන් අහාරයට ගනී.
    එසේම වී වගාවට විශාල හානියක් කරමින් පැසුණු වී කරල් කා දමයි.
    නොවැම්බර් සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදේ.


    මෙම විශේෂයට අයත් ගිරවුන් ජීවත් වන ඇතැම් ප්‍රදේශවලදී සුරතල් සත්ත්ව වෙළෙඳාම සඳහා ඔවුන් අල්ලා ගැනීම නිසා ඔවුන්ගේ ගහනය සැලකිය යුතු ලෙස අඩු වෙමින් පවතී.


    කොට්ටාවෙ මාකුඹුර, අතුරුගීරිය හයිවේ එක්සිට් එක අසල අසල මෙවැනි කුරුල්ලන් කූඩු වල තබාගෙන
    විකිනීමට එල්ලාගෙන සිටින ගෙරි-කම්මැලි-non-skill-හිගන සින්හලු බහුලය.


    විශේෂ හැකියා

    අනිකුත් පක්ෂි විශේෂ සමඟ සැසඳීමේ දී ගිරවුන් වඩාත් බුද්ධිමත් පක්ෂි විශේෂයක් ලෙස හඳුනා ගත හැකි අතර ගිරවුන්ට මිනිස් හඬ අනුකරණය කර යම් යම් වචන උච්චාරණය කිරීමට ඇති හැකියාව සුරතල් සතුන් ලෙස ඔවුන්ට ඇති ඉල්ලුම ඉහළ නැංවීමට සමත් ව ඇත. සුරතල් සතුන් වශයෙන් ඇති කිරීම සඳහා ගිරවුන් ඇල්ලීම හේතුවෙන් මේ වන විට ගිරවුන් අනිකුත් පක්ෂීන්ට වඩා වේගයෙන් වඳ වී යාමේ තර්ජනයට ද ලක්ව ඇත.

    සංස්කෘතිකමය වැදගත්කම

    ලෝකය පුරාම ගිරවා විවිධ හේතු නිසා සංස්කෘතිකමය වශයෙන් වැදගත් කොට සලකන අවස්ථා හඳුනා ගත හැකි ය. ශ්‍රී ලාංකිකයන් වන අපට ගිරවා කී සැණින් සිහියට නැගෙන්නේ ගිරා සන්දේශය යි. කෝට්ටේ යුගයේ දී නම හෙළි වී නොමැති හිමිනමක විසින් හයවැනි පරාක්‍රමබාහු රජුට සෙත් පතා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වෙත යවනු ලැබූ ගිරා සන්දේශයේ දූතයා ලෙස දැක්වෙන්නේ ගිරවෙකි. එහි ආරම්භයේ ඇති දූත වැනුමේ දී ගිරා කුලයේ ඇති විශේෂ ලක්ෂණ රාශියක් කර්තෘ හිමියන් පද්‍යානුසාරයෙන් දක්වා ඇත.

    දිසි දිය කුස හැම සියොතුන්ගෙන් ගුරුව
    නිසි යස රැස කියවන නුවණින් සරුව
    ඉසි වර ලෙස නිති පණිවායෙන් දුරුව
    රිසි පල රස විද සතොසින් දව සරුව



    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

    Conservation status එක - Least-concern



    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.


    Info -

    ජගත් ගුණවර්ධන
    https://en.wikipedia.org/wiki/Rose-ringed_parakeet

    https://biodiversityofsrilanka.blogspot.com/2023/03/pstittacula-krameri.html
    https://roar.media/sinhala/main/environment-wildlife/unknown-facts-about-parrots


    Sira machan..

    Uba dammahama matath ekak danna hithuna, malata photo edit karanne na ban kammali kamata, asawata gannawa ohe goda gehenawa hdd wala.

    Screenshot-2024-01-27-at-11-52-17-pm.png