BLACK AND WHITE

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    202109162318.gif


    කාල වර්ණය අතර ධවල වර්ණය ද
    ධවල වර්ණය තුළ කාල වර්ණය ද
    ධවල වර්ණය අතර කාල වර්ණය ද
    කාල වර්ණය තුළ ධවල වර්ණය ද මම දුටුවෙමි.

    අවසානයේ මට අවබෝධ වූයේ,
    පිවිතුරු, නිකැළැල්, පාරිශුද්ධ වූ කාල වර්ණය හෝ ධවල වර්ණය කොතැනකවත් නොමැති බවයි.

    සියලු දෑ කාල වර්ණ හා ධවල වර්ණ අඩු වැඩි වශයෙන් කලවම් වූ වර්ණයක් දරා සිටියි.
    සියලු දෑ කාල වර්ණ හා ධවල වර්ණ අතර වූ වර්ණයක් දරා සිටියි.

    කාල වර්ණයෝ හා ධවල වර්ණයෝ සහයෝගයෙන් එක්ව සියල්ලෙහි පැවැත්ම සමබර කරති.
     
    • Like
    Reactions: kinkon

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කම්මැලිකමේ ඉන්න අතරේ හැදුව animation එකක්. :lol:
    කාල වර්ණ ධවල වර්ණ එක ඔළුවට ආවේ මේ ළඟදි දවසක රෑක.
    animation එක හදද්දී ඒකත් ඔළුවේ තිබුනා.

    මේ කියන්න හදන්නේ හොඳ දේවල් කියලා අපි පිළිගන්න දේවල් අතරෙත් නරක පොඩ්ඩක් හරි තියනවා.
    නරක අතරෙත් හොඳ තියනවා. 100% හොඳ හෝ 100% නරක කොහෙවත් නෑ.
    ලෝකේ සමබර වෙන්න නම් හොඳ නරක දෙකම ඕනේ කියන එක.
    කළු සුදු දෙක (හොඳ නරක) එකට එකතුවෙනවා කියන එක අදහස් කරන්න තමයි මැද්දෙන් නිල්පාට line එක.
    ඔය මැද්දේ තියන රවුම් වලින් කොටු වලින් තියෙන්නේ morse code වලින් spn කියන එක.
    ඇස් දෙක බුද්ධිය. බුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ කියන එක.
    ඕවා හිත හිතාම දැම්මත් නෙවෙයි හැබැයි.

    ඕය animation එක ඔය තරම් හොඳට එයි කියලා මං හිතුවේ නෑ.
    හැදුවේ libreoffice impress එකෙන්. ms powerpoint වගේ එකක්.
    ඊටපස්සේ ඔය animation එක intro video එකට අරන් youtube channel එකකුත් හැදුවා.
    ඔය හතරට බෙදලා තියන්නේ ඒවයේ like, share, subscribe, comment ටික එනවා.
    ඒ ටික මේ thread එකට අදාළ වෙන්නේ නැති නිසා ඒ කොටස අයින් කරලා gif කළේ.

    ඕක FB දැම්මම එකෙක්වත් like, comment මුකුත් නෑ. මං හිතන්නේ බය වෙන්න ඇති. :rofl:
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    නීල වර්ණයත් දැක්කා ඒ අස්සේ :baffled:
    නීල වර්ණය යහපත හා අයහපත අතර ඇති සබඳතාව හා සහයෝගීතාව නිරූපණය කරනු ලබයි. එනම් නීල වර්ණය යනු ජීව ගුණයයි.
    අප ජීවත්වන්නේ හොඳ හා නරක අතර ඇතිවන බන්ධනයේ ඵලයක් ලෙසින් ගොඩනැඟුණු ලෝකයක ය. :baffled: