<:|Black July Massacre|:>

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කව්රුත් අහල ඇති අසූ ගණන් වල අපේ රටේ ඇති වෙච්ච මේ සංහාරය ගැන...හැබැයි ගොඩක් අය දන්නේ නෑ ඇත්තටම මොකක්ද උනේ කියන එක...ජූලි කලබල කියපු ගමන් මිනිස්සු කියන්නේ ජේ වී පී කාරයෝ තමයි කියල....ඉතින් මට අද අවස්තාවක් ලැබුන ඒ කාලේ හමුදාවේ හිටපු ඒ වගේම ජේ වී පී එකටත් සම්බන්ධ වෙලා වැඩ කරපු ද්විත්ව චරිතයක් එක්ක පොඩි අතීත ආවර්ජනයක් කරන්න....මේ තියෙන්නේ ඒ සංවාදයේ කියවුණු විස්තර කීපයක්...

    1983Photo.jpg

    ලංකාවේ ඉස්සර ඉඳල තිබිල තියෙන්නේ යූ ඇන් පි ආණ්ඩුවක් කියනවනේ...බණ්ඩාරනායක මහත්මයා ඔය පක්ෂෙන් කඩාගෙන ගියපු කෑල්ලක් තමයි පස්සේ නිදහස් පක්ෂය වෙලා තියෙන්නේ...ඉතින් මේ ගේම යන්නේ ජේ ආර් ගේ කාලේ කියල කව්රුත් අහල ඇති....යූ ඇන් පි කියන්නේ ධනවාදී අර්ථ ක්‍රමය පිළිපදින පක්ෂයක් අදටත් පේනවනේ...හැබැයි ඔය කාලේදීම පිබිදීමක් ඇතිවෙලා තියෙනවා සමාජවාදී අර්ථ ක්‍රමය ගැන... ඒකට පුරෝගාමී වෙලා තියෙන්නේ සෝවියට් දේශය....කාල් මාක්ස්ගේ දර්ශනය අනුව ඇතිවෙච්ච ක්‍රමයක් කියල තමයි කියවුනේ වැඩේ ආරම්භ කරපු පුද්ගලයා තමයි "ලෙනින්" (අදටත් මළසිරුර ආරක්ෂා කරලා තියනවලුනේ රුසියාවේ) ඉතින් අන්තර්ජාතිකව ඇතිවෙච්ච ඔය පිබිදීමත් එක්ක අපේ රටේ තරුණ පිරිසකුත් ඔය අර්ථ ක්‍රමය පිළිපදින්න පටන් අරගෙන තියෙනවා....ඒ අතර හිටපු සුවිශේෂී පුද්ගලයා තමයි අපි කව්රුත් අහල තියෙන "රෝහණ විජේවීර"...අහල ඇතිනේ මේ පුද්ගලයා චතුර කතිකයෙක් කියල....අපි ඒ කාලේ මේ පුද්ගලයාගේ කතාවක් ඇහුවනම් අපිත් නිකන්ම ඒ පැත්තට ඇදෙනවලු...:shocked:ඒ තරම් දක්ෂ කතිකයෙක්....ඉතින් මේ සමාජවාදී පිබිදීම නිසා ධනවාදී බලවත්තු බොහොම අවුලෙන් ඉඳල තියෙන්නේ දන්නවනේ ජේ ආර් කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය උපරිම විදියට පාවිච්චි කරපු කෙනෙක් කියල....ඒ කාපු කෑමනේ තාමත් අපේ රටේ යන්නේ....:frown:

    ඉතින් ඔහොම වැඩේ යද්දී ඒ අස්සේ තව කට්ටියක් වැඩ පටන් ගන්නවා දෙමළ ඊලාම් රාජ්‍යක් ඉල්ලගෙන, දන්නවා ඇතිනේ මොක්කුද කියල...:angry: 1983 ජූලි 23 මුන් උතුරේ වැඩ පටන් ගන්නවා අපේ හමුදාවේ 13ක් මරලා...:(මේ සිද්දියත් එක්ක දකුණේ මිනිස්සු විතරක් නෙවෙයි මුළු රටේම සිංහල මිනිස්සු ඇවිස්සෙනව....:yes: හැබැයි මේ සිද්දියට සිංහල මිනිස්සුන්ගේ ප්‍රතිචාර දැක්වීම නම් ඉතාම දරුණුයි....:eek: මේ දරුණු හැසිරීම නිසා තමයි අවුරුදු 30 ගානක් අපිට යුද්ද කරන්න උනේ කියල මට නම් හිතෙන්නේ මොකද කිසිම සම්බන්ධයක් නැති අහිංසක මිනිස්සුන්ටත් කරදර සිද්ද වෙද්දී ඒ මනුස්සය්න්ගේ හිත් වල ඇතිවෙච්ච වෛරය සහ පලිගැනීම තමයි කොටින්ට උඩට එන්න උදව් උනේ...:frown:

    ඉතින් ඔය කලබලේ අස්සේ ජේ ආර් ලොක්කත් වැඩ පටන් ගන්නවා....පොර ආමි එකට නියෝගයක් දෙනවලු අවු 18 - 35 අතර හැම තරුණයෙක්ම මරල දාපල්ලා කියල,:shocked: මිනිහ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කලබල අස්සේ ජේ වී පී කාරයෝ ටිකට වැඩේ දෙන්න...:angry: එතනින් පස්සේ තමයි කොල්ලෝ කෙල්ලෝ බල්ලු බළල්ලු වගේ පාරේ මරල පුච්චන ඒ අඳුරු අතීතය පටන් ගන්නේ....:( මෙතැනදී ආමි එකේ සමහර පුද්ගලයන්ගේ හැසිරීම ඉතාම නින්දිත විදියට තිබිල තියෙන්නේ...:eek: රටේ ජනාධිපතිගේ අනුදැනුම ඇතුව සිද්දවෙන වැඩක් නිසා උන්ට හිතෙන මිනිස්සුන්ව නිකරුනේ මරල තියෙනවා...උදාහරණ ඕනි තරම් කිව්වා, ලස්සන කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් දැක්කොත් ඌව අරන් ගිහින් මරල දාල කෙල්ලව රේප් කරනවලු...ඒ දේවල් වලට අමතරව පෞද්ගලික පලිගැනීම්, මංකොල්ලකෑම් වලටත් කොල්ලොන්ව මරල දාල තියෙනවා ඉතින් ඔය මරපු කොල්ලෝ කෙල්ලොන්ගෙන් කීයෙන් කීදෙනාද ජේ වී පී කරන්න ඇත්තේ, කරපු එවුන්ට ආත්ම ගානකට හෙන වදින්න ඕනි....:growl: ඔය බටලන්ද කියන වධකගාරේ තාමත් ඒ අන්දෝනාවල් ඇහෙනවලු....රනිල් කියන්නෙත් ඔය වැඩ වලට සමබ්න්ද වෙච්ච පොරක් නේ...මම දැක්ක එලකිරියේම දාල තිබ්බ පරණ ෆොටෝ එකක්....වලස්මුල්ල පැත්තේ ඉන්න අය දන්නවා ඇති ටෙක් එක තියෙන ගොඩනැගිල්ලත් ඉස්සර වධකාගාරයක් විදියට පාවිච්චි කරපු තැනක්....ඉස්සර තරුණයෝ වද දීල මරපු තැනක තමයි අද වෙනකොට තරුණ තරුණියන්ට වෘතීය පුහුණුවක් ලබාදෙන්නේ...:yes:

    මට මේ විස්තර කියපු කෙනා ජේ වී පි කට්ටියගේ වැඩ හංගල කිව්වද දන්නෙත් නෑ මොකද ඒ කියපු දේවල් වලට අනුව ජේ වී පි එක කරලා තියෙන්නේ ජී ආර් ගේ ආමි එකෙන් කරපු දේවල් වලට රිටර්න් එක දෙන එක...කෑම්ප් වලට ගහන එක, පොලිසියට ගහන එක ඒ වගේ දේවල් හැබැයි ආමි එකේ එවුන්ට ගේම දීල තියෙනවා....මේ විස්තර කියපු කෙනා දෙපැත්තේම හිටපු නිසා කරපු දේවල් වෙච්ච දේවල් ගැන ගොඩක් විස්තර කිව්වා....ඉතින් මම මේ ඇවිස්සුවේ ඉතාම කුරිරු ඒ වගේම අඳුරු අතීතයක් අපි ඒ කාලේ හිටියේ නැති නිසා ඇත්ත සිද්දිය ඇත්තටම දන්නේ නෑ ඉතින් මේ වගේ විස්තර හොයන්න ලොකු කුහුලක් තියෙනවා....:nerd:

    මේ කියපු කතාවල වැරදි තැන් එහෙම තියෙනවනම් අනිවා කියන්න....ඒ වගේම මට හිතෙනවා එලකිරියේත් මේ අතීතය ගැන තව විස්තර දන්න අය ඇති....ඒ අයගෙන් පොඩි ඉල්ලීමක් කරනවා පොඩි වෙලාවක් අරගෙන හරි ඒ විස්තර අපිත් එක්ක බෙදාගන්න කියල....මේක දේශපාලන වලි ත්‍රෙඩ් එකක් කරගන්න එපා කියලත් එළකිරි සහෘදයන්ගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්න කැමතියි....:yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මම නම් ඔය කාලෙ ඉපදිලාවත් නෑ. පලවෙනියට මැරුන 13 දෙනාගෙන් කෙනෙක් මගේ ලගම නැදෑ කෙනෙක් වෙනව. අනික ජෙප්පො පිස්සු කෙලිය කාලයක්ලු ඔය. හමුදාවෙ කෙනෙක් ඉන්නව නම් උන් ඒ ගෙදර අහින්සක පවුලෙ එවුන්ව මරනවලු. එතකොට බයට ආය කොල්ලො හමුදාවට යන්නෙ නැති වෙයි කියල.ලන්කාවට ත්‍රස්තවාදය ගෙනාවෙ ජෙප්පො හොදට තිබ්බ රටට ගොන් කොමියුනිස්ට් ජරාව ගේන්න හදල. දැන් කොමියුනිස්ට් ලෝකෙන් තුරන් වෙලාම ගිහින් වාසනාවට :lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම නම් ඔය කාලෙ ඉපදිලාවත් නෑ. පලවෙනියට මැරුන 13 දෙනාගෙන් කෙනෙක් මගේ ලගම නැදෑ කෙනෙක් වෙනව. අනික ජෙප්පො පිස්සු කෙලිය කාලයක්ලු ඔය. හමුදාවෙ කෙනෙක් ඉන්නව නම් උන් ඒ ගෙදර අහින්සක පවුලෙ එවුන්ව මරනවලු. එතකොට බයට ආය කොල්ලො හමුදාවට යන්නෙ නැති වෙයි කියල.ලන්කාවට ත්‍රස්තවාදය ගෙනාවෙ ජෙප්පො හොදට තිබ්බ රටට ගොන් කොමියුනිස්ට් ජරාව ගේන්න හදල. දැන් කොමියුනිස්ට් ලෝකෙන් තුරන් වෙලාම ගිහින් වාසනාවට :lol:

    වෙන්න පුළුවන් සහෝ මටත් හිතුන මිනිහ කිව්වේ ජෙප්පොන්ගේ වැඩ ටික හංගලා වගේ කියල....අපිත් ඔය කියන කාලේ ගැන අහල තියෙනවා විතරයි නේ මෙහෙම මිනිස්සුන්ව මැරුව කියල...මටත් දැනගන්න ඕනි ඇත්තම විස්තරේ හරියටම...එතකොට සහෝ කියන්නේ ජේ ආර් ලොක්කගේ එහෙම මැදිහත්වීමක් තිබ්බේ නෑ කියලද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    වෙන්න පුළුවන් සහෝ මටත් හිතුන මිනිහ කිව්වේ ජෙප්පොන්ගේ වැඩ ටික හංගලා වගේ කියල....අපිත් ඔය කියන කාලේ ගැන අහල තියෙනවා විතරයි නේ මෙහෙම මිනිස්සුන්ව මැරුව කියල...මටත් දැනගන්න ඕනි ඇත්තම විස්තරේ හරියටම...එතකොට සහෝ කියන්නේ ජේ ආර් ලොක්කගේ එහෙම මැදිහත්වීමක් තිබ්බේ නෑ කියලද?

    මිනිහ ඒ වෙලාවෙ ගත්ත තීරනෙන් තමා ලන්කාව ලන්කාව විදියට තියෙන්නෙ, එහෙනන් අද ඉන්දියන් ජරා වාහන විතරක් නේවේ අපි කියන්නෙත් ඉන්දියන් ජාතික ගීය. උන් හමුදාව mobilize කරල තිබ්බෙ ලන්කාව ආක්‍රමනය කරන්න. පරිප්පු වලින් බේරුනා බෝම්බ නොවැටී. අනික ඉන්දියන් හමුදා ආක්‍රමනෙන් නවතින්නෙ නෑනෙ. කොටි බුරුතු පිටින් දකුනට ඇවිත් සුපිරියට කොටාගෙන යයි සින්හල ගම් පිටින්.

    අන්තිමට ඉන්දියන් හමුදාව උන්ම හදපු කොටියගෙන් කාල ලෝකෙම ඉස්සරහ නෝන්ඩි වෙලා මහ එකත් කෑල්ලක් හොයන්න බැරි වෙන්න මැරිල ගියා.
    :lol:
     
    nrw_train1

    Member
    Mar 6, 2015
    17
    4
    0
    83 කලබල වලට JVP සම්බන්දයක් නැ හෝ බොහොම අඩු සම්බන්දයක් තිබ්බේ.
    //ඉතින් ඔය කලබලේ අස්සේ ජේ ආර් ලොක්කත් වැඩ පටන් ගන්නවා....පොර ආමි එකට නියෝගයක් දෙනවලු අවු 18 - 35 අතර හැම තරුණයෙක්ම මරල දාපල්ලා කියල, මිනිහ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කලබල අස්සේ ජේ වී පී කාරයෝ ටිකට වැඩේ දෙන්න... එතනින් පස්සේ තමයි කොල්ලෝ කෙල්ලෝ බල්ලු බළල්ලු වගේ පාරේ මරල පුච්චන //

    මේකත් ඇත්ත කතාවක් නෙවි... බටලන්ද වහේ දේවල් උනේ 86-87 අවුරුදුවල 83 නෙවේ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මිනිහ ඒ වෙලාවෙ ගත්ත තීරනෙන් තමා ලන්කාව ලන්කාව විදියට තියෙන්නෙ, එහෙනන් අද ඉන්දියන් ජරා වාහන විතරක් නේවේ අපි කියන්නෙත් ඉන්දියන් ජාතික ගීය. උන් හමුදාව mobilize කරල තිබ්බෙ ලන්කාව ආක්‍රමනය කරන්න. පරිප්පු වලින් බේරුනා බෝම්බ නොවැටී. අනික ඉන්දියන් හමුදා ආක්‍රමනෙන් නවතින්නෙ නෑනෙ. කොටි බුරුතු පිටින් දකුනට ඇවිත් සුපිරියට කොටාගෙන යයි සින්හල ගම් පිටින්.

    අන්තිමට ඉන්දියන් හමුදාව උන්ම හදපු කොටියගෙන් කාල ලෝකෙම ඉස්සරහ නෝන්ඩි වෙලා මහ එකත් කෑල්ලක් හොයන්න බැරි වෙන්න මැරිල ගියා.
    :lol:

    හ්ම්ම්ම්...එතන නම් ගැටළු සහගත තැන් කීපයක් තියෙනව....මම නම් දන්න විදියට මැතිනි කරන්න ගියපු වැඩේ කරා නම් තමයි ලංකාව ලංකාව විදියට තියෙන්නේ...ජේ ආර් කරපු වැඩ වලින් තමයි තාමත් මේ මැති ඇමතිවරු ජනාදිපතිවරු පිස්සු කෙලින්නේ....අනිත් එක ඉන්දියන් හමුදාව ආපු එකෙන් අපේ ආමි එකේ කොල්ලන්ට නේද කෙල උනේ? අනේ මන්ද මම ඔය අහල තියෙන දේවල් :nerd:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    83 කලබල වලට JVP සම්බන්දයක් නැ හෝ බොහොම අඩු සම්බන්දයක් තිබ්බේ.
    //ඉතින් ඔය කලබලේ අස්සේ ජේ ආර් ලොක්කත් වැඩ පටන් ගන්නවා....පොර ආමි එකට නියෝගයක් දෙනවලු අවු 18 - 35 අතර හැම තරුණයෙක්ම මරල දාපල්ලා කියල, මිනිහ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කලබල අස්සේ ජේ වී පී කාරයෝ ටිකට වැඩේ දෙන්න... එතනින් පස්සේ තමයි කොල්ලෝ කෙල්ලෝ බල්ලු බළල්ලු වගේ පාරේ මරල පුච්චන //

    මේකත් ඇත්ත කතාවක් නෙවි... බටලන්ද වහේ දේවල් උනේ 86-87 අවුරුදුවල 83 නෙවේ

    කාල සීමාවේ අවුලක් නේද....88 නේද දරුණුවටම ගියා කියන්නේ බටලන්ද? එතකොට ජේ ආර් මේ කිව්වා කියන දේවල් සහ ජේ වී පී මැදිහත්වීම ගැන කියල තියෙන දේවල් වල වැරද්දක් නැද්ද මචන්?
     
    nrw_train1

    Member
    Mar 6, 2015
    17
    4
    0
    කාල සීමාවේ අවුලක් නේද....88 නේද දරුණුවටම ගියා කියන්නේ බටලන්ද? එතකොට ජේ ආර් මේ කිව්වා කියන දේවල් සහ ජේ වී පී මැදිහත්වීම ගැන කියල තියෙන දේවල් වල වැරද්දක් නැද්ද මචන්?

    කාල සීමව 87-89 ලෙස නිවැරදි විය යතුය. කොල්ලෝ කෙල්ලෝ බුරුතු පිටින් මරල දැම්මේ ප්‍රේමදාස ජනාධිපති කලේ...