Blue Whale Joke

Kushan.Chavinda

Active member
  • Sep 23, 2016
    362
    176
    43
    ලා‍ංකිකයෙකු නිසා බ්ලු වේල් ක්‍රීඩාවෙහි නායකයා දිවිනසා ගනියි

    ඒ බල්ලෙක් චූ කිරීමටවත් එළියට නොබසින තරමේ භයානක රාත්‍රියකි !

    සියුම් ඉඳිකටු තුඩු ලක්ෂ ගනනක් සම පසාරු කර යන තරමේ සීතලකින් පරිසරය වෙලමින් හමායන සුළංරැල් වලින් සපිරුණු, හදවතේ ලේ පොම්ප වන ශබ්දය පවා ඇසෙන තරමට නිශ්ශබ්ද, ලෝකාවසාන භයංකරත්වය දනවන රාත්‍රියකි.

    මම එතෙක් අසමින් හුන්, අලුතින් ආ සිංහල සිංදුවක් පෙස්බුක් එකේ පෝස්ට් කර නිදන්නට සැරසුනේ කළ හැකි අන් කිසිවක් නොවූ හෙයිනි.

    එහෙත් ඊට බාධා කරමින් ආ වට්සප් ඇමතුමකි.වට්සප් කෙසේ වුවත් දුරකතන ඇමතුමක් හෝ ලැබීම ලොකු දෙයක් නිසා මම දෙවරක් නොසිතාම “හලෝ” කීවෙමි.

    “Do You Want To Play The Game?”

    “ඇහ් ? බබ් බ..මොන?” මම ඉංග්‍රීසි නොදන්නා වගක් හැඟෙවුවෙමි.

    “ඔබට සෙල්ලම් කිරීමට අවශ්‍යද? ” එහා පැත්තේ එකා දමනය වී සිංහල මීඩියම් ගියේය.

    “සෙ සෙල්ලම්? හා”

    මේ මහ රෑ කවුද යකෝ සෙල්ලම් කරන්න අහන්නේ

    “ඔබ ෆේස්බුක් එකේ නිල් තල්මසෙක්ගේ රූපයක් පළකර තිබුනා.ඒයින් අප දැනගත්තා ඔබට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව.එසේම ඔබ ඉතා අධික මානසික පීඩාවකින් සිටින බවත් අපට වැටහුණා”

    “ඇහ්..ආ ආ ඒ අපි මිරිස්සෙ ගියා නිල් තල්මස්සු බලන්න.ඒ උන්ගෙ ෆොටෝ එකක්….. කොහොමද මානසික පීඩා කියන්නේ?

    “ඔබ පහුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි වල පළකර තිබුන දේවල් වලින්”

    “ආආආ ඒ මේ ලංකාවේ අලුතෙන් එන සිංදුවල ලිරික්ස්”

    “එසේ නම් පෙනී යන්නේ ඔබට මේ ක්‍රීඩාව කිරීමට අවශ්‍ය නැති බ….”

    “නෑ නෑ ඕනෙ.කීයක් දෙනවද? ”

    “කීයක්වත් නැහැ. මෙය ඉතා රහසිගතයි.. නම බ්ලූ…”

    “හා හා හා අයියෝ හා බ්ලූ !”

    “නැහැ මේක බ්ලූ වේල්.මේකෙදි ආපසු හැරීමක් නෑ.අපි ඔබට ක්‍රියාකාරකම් 50ක් දෙනවා. ඒවා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අපට ඡායාරූපයක් එවිය යුතුයි.මෙහි පනස් වැනි ක්‍රියාකාරමේදී තමයි ඔබ දිවි නසා ගන්නේ ”

    ක්‍රියාකාරකම් යනු පසෙහි සංඝටක සෙවීම, නිල් ලිට්මස් පරීක්ෂාව, ද්‍රවවල ඝනත්ව සෙවීම වැනි ඒවා බව ප්‍රඥාවෙන් සහ විඥානයෙන් අවබෝධ කරගත් මම “හා” කීමටත් පෙර කනෙක්සන් එක ඩිස්කනෙක්ට් විය.

    මගේ මතය හරියටම හරි බව වැටහුනේ පළවැනි ටාස්ක් එක මැසේජ් එකකින් ආ පසුය.

    “ක්‍රියාකාරකම 1: කොළයක නිල් තල්මහෙකුගේ රූපයක් අඳින්න”

    සිම්පල් වැඩේ කර ෆොටෝව යවා කැපිටල් අකුරුවලින් OK කීවෙමි.

    “අපිට අවශ්‍ය නිල් තල්මසෙක්. කබරගොයෙක් නොවේ”නිල් තල්මස් රූපයේ තාත්විකත්වයෙන් මත් වූ ලොක්කා ලියා එවුවේය.

    මම තවත් එකක් යැවුවෙමි.එය ඇපෲ විය.

    “ක්‍රියාකාරකම 2: මහ රාත්‍රියේ හොරර් / භයානක චිත්‍රපටියක් නැරඹීම.”

    “OK”

    “කුමක්ද නැරඹුවේ?”

    “ධර්ම යුද්ධය”

    “එය හොරර්/භයානක එකක් නොවේ”

    “භයානකයිනේ, යුද්ධය කෑල්ලක් තියෙන්නේ. අනික හොර….හොර කොපියක් බැලුවේ”

    ලොක්කා නොට් සැටිස්ෆයිඩ් විය.

    අන්තිමේ පොර විසින් නම් කරන ලද ලෝකයේ ප්‍රධානතම භයානක චිත්‍රපටි 4ක් බලන්නට සිදු විය.ඒවා බැලීමෙන් හිනාව නවත්තා ගත නොහැකිව “OK” වල ඉස්පෙලින්ස් පවා වැරදුණි.

    ඊළඟ දවසේ භයානක ක්‍රියාකාරකමක් එවා තිබුණි.

    “ක්‍රියාකාරකම 3: අප විසින් ඔබට ලබා දෙන නිල් තල්මසෙක් සහිත යකඩ අච්චුව ගිනියම් වන තෙක් රත් කර ඇඟෙහි පච්චයක් සේ ගසා ගැනීම”

    අච්චුව ඔවුන් විසින් ලබා දෙන බැවින් මම එය ලැබෙන්නේ කෙසේද, කියා කල්පනා කරමින් දවස් තුනක් ගත කළෙමි.

    “පෙනෙන හැටියට ඔබ ඒ අභියෝගය බාර නොගන්නා සේයි”

    “ඉතින් අර කොකිස් අච්චුව හම්බුනේ නෑනෙ”

    “එය ඔබට මීට දින දෙකකට කලින් එවන ලදී”

    ” ඒ කොහොමද?”

    “ශ්‍රී ලංකා තැපැල්”

    “හෙහ්”

    “ඇයි?”

    “දැන් කොහෙ හරි පෝස් ඔපිස් එකක එකෙක් ඔය කොකිස් අච්චුව ඇඟේ ගහගෙන ඇති”

    “හරි එය අවශ්‍ය නැහැ එහෙනම්. ක්‍රියාකාරකම 4: උස ගොඩනැගිල්ලක ඉහළටම නැගීම”

    ලංකාවේ උස ගොඩනැගිලි බොහොමයක් තිබුනද ඉහළට නැගීමට ඉන් එකකින්වත් ඉඩක් නොලැබුනි.ඉච්ඡා භංගත්වයට පත්වී ඉබාගාතේ සැරිසරන විට මට ටවුන් හෝල් දෙසින් ජන රැළියක් පෙනුනි.වටේ පිටේ සියල්ලෝම කලබල වී ඇති හෙයින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මම ලඟම තිබෙන ගොඩනැගිල්ලට නැග්ගෙමි.

    පහළ උන් පිරිසේ දැවැන්ත ප්‍රීතී ඝෝෂා සහ උසි ගැන්වීම් මධ්‍යයේ අමාරුවෙන් උඩට නැග්ගද පහළට බැස ගැනීම එතරම් අපහසු නොවූයේ උදව්වට පොලිස් දෙන්නෙක්ද හිටි නිසාය.

    සෞඛ්‍යය අමාත්‍යාංශයට අනවසරයෙන් ඇතුල් වී දේපල හානි කිරීමට පහුවදා නඩු පැවරුනත් සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කිරීම පිණිස මා කලේ උසාවියේදී කට ඇරීම පමණි.

    “ක්‍රියාකාරකම 5:පාලමකට ගොස් එහි මායිමේ හිට ගැනීම”

    එම ක්‍රියාකාරකමත් මගේ නිකැළැල් නාමයට කිරිඇල්ලයක් (නාම පදයකි ) එකතු කළ අතර ගඟට කුනු දැමීමට උත්සහා කළැයි ඩෙංගු මර්ධන සතියේදී දඩයක් වැදුනි.

    “ක්‍රියාකාරකම 6: මානසික වදයක්,පීඩාවක් හා කළකිරීමක් ඇතිවන තැනක පැය හතරක් ගත කිරීම”

    මෙම අභියෝගයේ පළමු ව්‍යායාමය අසාර්ථක වූයේය.මම ඒ බව ලොක්කාට දැන්නුවෙමි.

    “කුමක්ද සිදුවූයේ?”

    “එතනට යන්න දෙන්නෙ නෑ ලොකු බෝඩ් එකක් තියෙනවා”

    “කුමක්ද?”

    “පාර්ලිමේන්තු වාහන පමණයි ! කියලා”

    “එය නිදහසට කාරණාවක් නොවේ.තව එවැනි තැනක් හොයාගන්න”

    එවැනි තැන් අනන්තවත් තිබේ.මට වුවමනා වූයේ හොඳම තැනට යාමටය.ලිස්ට් එක දිග වැඩි බැවින් මම මැසේජ් නොකර දුරකථන ඇමතුමක්ම ගත්තෙමි”

    “මෙහෙමයි.ඕනෙනෙම් මට ඉන්දියා ශ්‍රී ලංකා මැච් එකට ගිහින් මැච් එක බලලා එක පාරකුයි.සමහර පෙරේතක්ෂයෝ දැකලා එක පාරකුයි මානසික වදයක් ගන්න පුලුවන්.ඊළඟට දවසේ ඕනෑම වෙලාවක රජයේ කාර්‍ය්ලයකට යෑම,හවස ටීවී එකේ මෙගා නාට්ටි සෙට් එක බැලීම.පන්සලකට ගොස් සියළුම දේ අතැරල දාපු බුදු හාමුදුරුවන්ගෙන් ලෝකෙ නැති දේවල් ඉල්ලනවා බැලීම.බියුටි කචල් සෙන්ටර් එකක ගෑල්ලමයිගේ පෙර, පසු ෆොටෝ බැලීම, ආණ්ඩුවෙ ඉන්න උන්ට කාලකන්නි කියලා බැන බැන උන්ටම ඡන්ද දාන උන් දෙස බැලීම. හක් ගෙඩියට ගිය කල අධ්‍යයනය කිරීම… කීයක්නම් තියෙනවද ලොක්කා?මොකක්ද කරන්න ඕනෙ?”

    නොදැනීම ලොක්කා දුරකථනය විසන්ධි කර ඇත.මම තව තවත් ටාස්ක් ලැබී දිවි නහ ගන්නා අවස්ථාව තෙක් බලා සිටියත් දවස් ගානක් පොරගෙන් ප්‍රතිචාරයක් නැති විය.බැරිම තැන මම කතා කළෙමි.ආන්සර් කළ එකාගේ කටහඬ වෙනස්ය.මම මගේ ලොක්කා ගැන විමසුවෙමි.

    “ම්ම් එයාද? එයා අපේ ඉන්ටර්න් කෙනෙක්.එයා ඔයාට මැසේජ් එකක් තියලා තිබුනා”

    “ඒමොකක්ද?”

    “ලංකාවේ අයට දිවි නහගන්න ඕනෙනම් ටාස්ක් පනහක් කරන්න ඕනෙ නෑ කියලා”

    “දැන් කෝ එයා?”

    “එයා දිවි නහගත්තා”

    උපුටා ගැනීමකි

    සත්‍ය කතාවක් නොවේ. හුදෙක් විනෝදය සඳහා පමණයි. ....

    (uputa ganimaki=Read me LK)
     
    Last edited:
    • Like
    Reactions: Theodore!

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ධර්ම යුද්ධය දැක්කම මට මතක් උනේ.. අපේ උන් පට්ට ලොරි ටෝක් දෙන්නෙ.. අමු කොපියක්නේ බං ඒක.. Drishyam හින්දි එක, Drushyam තෙලිඟු එක.. :lol: