BMICHහි හමුවූ ආයුධ භාවිතා කල හැක්කේ කාටද?

neonz

Member
Mar 31, 2008
1,349
55
0
BMICHහි හමුවූ ආයුධ භාවිතා කල හැක්කේ කාටද?

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව පරිශ‍්‍රයේ ගබඩාවක තිබී සොයා ගත් අවි ආයුධ වැඩි ප‍්‍රමාණයක් යුද්ධයක් සඳහා බහුලව භාවිත කරන ඒවා බව පොලිසිය පවසනවා.

පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිටියේ එවැනි ආයුධ සාමාන්‍යයෙන් ලබාදී තිබෙන්නේ යුධ හමුදාවට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට බවයි.

අපේ රටේ බහුලවම මෙවැනි ආයුධ භාවිතා කලේ යුද්ධය සදහා. එම්.පී.එම්.ජී, ලයිට් මැෂින්ගන් වගේ අවි හුදෙක්ම යුධ හමුදාව වගේ සන්නද්ධ හමුදා, පොලිසියේ විශේෂ කාර්ය බලකාය වැනි ආයතන පාවිච්චි කරනවා.

එම්.පී.එම්.ජී වර්ගයේ ගිනිඅවි එකක්, එල්.එම්.ජී වර්ගයේ ගිනිඅවි 32ක්, එස් 84 වර්ගයේ ගිනිඅවි 35ක් සහ ටී-56 වර්ගයේ ගිනිඅවි 44ක් අදාල ආයුධ තොගයක් අයත් වනවා. ඊට අමතරව බෝර 12 වර්ගයේ ගිනිඅවි සහ ෂොට්ගන් 10ක් ද ඒ අතර වු බවයි පොලිසිය පැවසුවේ.

මෙම ගබඩාව රක්නා ලංකා නමැති පෞද්ගලික ආරක්‍ෂක සමාගමකට අයත් වනවා. ඒ අනුව අදාල ආයුධ එවැනි පෞද්ගලික ආරක්‍ෂක සමාගමක් විසින් භාවිත කළ හැකිදැයි නෙත් නිවුස් පොලිස් ප‍්‍රකාශකවරයාගෙන් විමසා සිිටියා.

මේ සම්බන්ධව නෛතික තත්වයක් පිලිබදව අවධානය යොමු කරන්න අවශ්‍යයි. එය ආරක්ෂක අමාත්‍යංශය සහ ඒ බලධාරීන් විසින් තීරණය කලයුතු ප්‍රශ්නයක්.


-Neth