BMWඅක්කා සහ වාරියපොළ නංගි
BMWඅක්කා සහ වාරියපොළ නංගි
වාරියපොළ නංගී මාලඹේදී පසුගියදා නැවතත් මතුවිය. ඒ මාලඹේ SLITT එක ළඟදි පොලිසියට බැන වැදී ඔවුන්ගේ හෙල්මටයක් පැහැර ගැනීමෙනි. වාරියපොළ නංගි පහර දුන්නේ එයාට athawara කරපු සෙල්වාටය. මාලඹේ දී අර කාන්තාව බැන වදින්නේ පොලිසියටය. වාරියපොළ නංගි හිර ඩෙනිමක් ඇඳ කොණ්ඩය කපා පිරිමියකුට කනට පහරක් ගැසීම නිසා සමාජ ජාලවල සංස්කෘතික පිරිමින් ඇවිස්සිණි.
ඒ උන්ගේ පිරිමිකම රැකගැනීම සඳහාය. එවිට වාරියපොළ නංගී 'බඩුව', 'කෑල්ල', 'වේස ගෑනි' විය. මාලඹේදීත් පිරිමි සමාජය ඇවිස්සෙන්නේ ඇය හැඳ සිටි ගවුම සහ ඇයගේ ඕර්එ එක නිසාය. ඇයව 'BMW අක්කා' ලෙස මාධ්‍ය විසින් හංවඩු ගැසීමෙන් පේන්නේ ඇයගේ BMW එක මාධ්‍යකරුවන් සහ සමාජය මත විශාල තෙරපීමක් ඇති කර ඇති නිසාය. 'පට්ට වේසි', 'බැල්ලි' විදියට එළියට එන්නේ මේ තෙරපීම මිසක් පොලිසියට ඇති ආදරය හරි නීතියට ඇති ආදරය නොවේ.
මාලඹේ කාන්තාව නීතියට ගරු කළාද නොකළාද යන්න අපි පැත්තකින් තියමු. ඒත් එයා නීති කැඩුවා කියලා කෑ ගහන අය නීති රකිනවාද? මේ කතාකරන අය වාහනයක් drive කරද්දි පොලිසියට වැරැද්දක් කරලා පොලිසියට මාට්ටු වුණාම 'අනේ හරි ෂෝක් රාලහාමි. ඔව් අපි වැරැදි කළා. අපිව අල්ලන්නකෝ' කියලා කියනවද? ඇල්ලුවට පස්සේ 'ස්තුතියි' කියනවාද? නෑ, ලිව්වට පස්සේ එන ගමන් වටේම ඉන්න මුණගැහෙන හැම එකා එක්කම බැන බැන යනවා 'අර පොලිස්කාරයෝ මාව ඇල්ලුවානේ' කියලා. එතකොට තමන් නීති කඩපු එක මතක නෑ. ඒ අවස්ථාවක හරි හෝ වැරැදි පොලිසියට බනින්න අපිට ගට් එකක් නැති නිසා කියන්න පුළුවන් උපරිම ජාති කියලා බේරිලා යන්න බපර කරලා යන මඟදි ලියපු රාලහාමිගේ අම්මා, තාත්තා ඉවර කරනවා. අන්න එහෙම සිද්ධිය වුණාට පස්සේ බනින බහුතරයකට වඩා ගට් එකක් මේ මාලඹේ කාන්තාවට තියෙනවා.
ඒ ගට් එක පිරිමි සමාජය ඉස්සරහා අභියෝගයක් වෙන්නේ ඇය කාන්තාවක් නිසා. අපි හිතමු පිරිමියෙක් පොලිසියට බැනලා හෙල්මට් එක අරන් යනවා කියලා. එතකොට අද මේ කාන්තාවට 'පට්ට වේසි' කියන අර අර පිරිමියාට 'පර බල්ලා' කියයිද? නෑ. කියන්නේ 'පට්ටයි මචං. පොලිසියට ඔහොම ගේම් තමයි දෙන්න ඕන' කියලා. ඒ තමයි ලංකාවේ ඊනියා පිරිමින්ගේ සංස්කෘතිය. මාලඹේ සිද්ධියේ කාන්තාවක් හිටිය නිසා, ඇය පටි ගවුමක් ඇඳගෙන ආපු නිසා, ඕර්එ එකකින් ආපු නිසා, එයා සුදු නිසා, එයා ඊනියා පිරිමින්ට ජඩචතතඥදඨඥ කරපු නිසා ටචජඥඡධධඬ එකේ ඉන්න ගොඩාක් උන් නීතිගරුක වැසියො බවට හදිස්සියේම පත්වෙලා අර කාන්තාව පට්ට වේසි කරනවා. එදා වාරියපොළ නංගිත් පට්ට වේසියක්, ගණිකාවක් කළේ මේ සංස්කෘතික අශිෂ්ට පිරිමින්ට කනේ පාර දෙකක් දුන්න නිසා. අද මාලඹේ කාන්තාව බැල්ලි වෙන්නෙත් නීති කඩපු නිසා නෙවෙයි. පොලිස් පිරිමියාට ජඩචතතඥදඨඥ කරපු නිසා. නීති කඩන හැමෝම 'බැල්ලියෝ බල්ලෝ' කියලා හඳුන්වනවා නම් මේ රටේ මිනිස් පුළුටක් හොයාගන්න වෙන එකක් නෑ.
අර බයිබල් කතාවක් තියෙනවා අනාචාරයේ හැසිරුණු ස්ත්‍රියක් ගල් ගසා මරා දැමීමට යෝජනා කරනකොට යේසුස් වහන්සේ කියනවා 'නුඹලා අතරින් පව් නොකළ කෙනෙක් පළමු ගල ගසන්න' කියලා. එහෙම කිව්වම බාල මහලු අය එකා දෙන්නා ගාණේ එතැනින් මාරු වෙලා ගියාලු. ඒ නිසා මාලඹේ සිද්ධියේදී කාන්තාවක් වීම කියන කාරණාව බරපතළම වැරැද්ද හැටියට ගන්න එක වැරැදියි.
(http://www.mawbima.lk/82-91065-news-detail.html)

Last edited: