ඊයේ හිනිදුම , අකුරැස්ස අතර තලගල ප්රදේශයේදි පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම විසින් තවත් චණ්ඩිකමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
හිනිදුම අකුරැස්ස මාර්ගයේ ගමන් කරමින් සිටි මන්ත්රීවරයා එම මාර්ගය ප්රතිසංස්කරණය කිරීම හේතුවෙන් අතරමඟ අවහිරතාවයකට පත්ව ඇති අතර එහිදී එම කම්කරුවකු වූ චීන ජාතිකයකුට මාර්ගය ඉඩ හදා නොදුනැයි සිය පිස්තෝලය ඔළුවවට තබා තර්ජනය කර තිබේ.
පසුව බස් රථ රියැදුරෙකු ඊට මැදිහත් වී තිබෙන අතර ඔහුටද පහර දිමට සූදානම් වී ඇත. එහිදී ප්රදේශවාසීන් වහා ක්රියාත්මක වී මෙම චීන ජාතිකය හා රියැදුරාව බේරාගෙන මන්ත්රීවරයාව එළවා දැමීමටද ප්රදෙශවාසීන් කටයුතු කර තිබේ.
lankadaily