Braking News

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    103915622756-L.jpg

    ෆොන්සේකාට එරෙහි සුදු කොඩිය කළුවෙයි-වසර 3ක සිරදඬුවම්..!

    November 18, 2011 12:05 pm

    සුදු කොඩි නඩුවට අදාළව වරදකරු වූ සරත් ෆොන්සේකා මහතාට වසර 3 ක සිරදඬුවම් නියමක් නියම කර තිබේ.

    අදාළ නඩුව පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

    මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සුදුකොඩි රැගෙන භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් මරා දමන ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව මෙලෙස අද ප්‍රකාශයට පත් කෙරිණි.

    2009 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා සන්ඩේ ලීඩර් පුවත්පත මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා සිදුකළ බව කියන ආන්දෝලනාත්මක සුදුකොඩි ප්‍රකාශය වාර්තා කර තිබුණි.

    භාරවීමට පැමිණි එල්.ටී.ටී.ඊ නායකයින් ඝාතනය කරන ලෙස ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා 58 වන සේනාංකාධිපති ලෙස එවකට කටයුතු කළ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බව සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ යැයි එම ප්‍රකාශ‍යේ දැක්විය.

    අදාළ ප්‍රකාශයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කළ අතර නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණි.

    එහි සභාපති ලෙස දීපාලි විජේසුන්දර මහත්මිය පත් කෙරුණු අතර ඩබ්ලිව්.එම්.පී.බී. වරාවැව සහ සුල්ෆිකාර් රශීන් යන විනිසුරුවරුන් සෙසු සමාජිකයින්විය.

    එම නඩුවේ පැමිණි‍ල්ලේ සාක්ෂි මෙහෙයවීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ මහතා විසින් සිදුකළ අතර විත්තිය වෙනුවෙන් නීතීඥ නලින් ලද්දු‍වහෙට්ටි මහතා පෙනී සිටියේය.

    අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ‍ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදුන්හ.

    ඊට අමතරව කරූ ජයසූරිය, අනුර කුමාර දිසානායක, මහාචාර්ය රජීව් විජේසිංහ යන මහත්වරු ද සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වූහ.

    වසරකට අධික කාලයක් නඩුව විභාග වූ අතර ඒ අනුව එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද සිදුකෙරෙයි. -----------------------
    සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 දා
    සුදු කොඩි නඩුවේ රහස් පොලිස් පරීක්ෂකට අල්ලස් චෝදනා
    ෆොන්සේකා සිටින තැන එල්. ටී. ටී. ඊ සැකකරුවන් රඳවන්න එපා
    ෆොන්සේකාගේ සිරකුටියට අලුත් විදුලි පංකාවක්
    ෆොන්සේකාගේ නීතිඥයාට අපහාස නොකරන ලෙස කළ වාරණය දීර්ඝ කෙරෙයි
    කරූ සාක්ෂි දීම අරඹද්දී විදුලිය විසන්ධි වෙයි

    http://sinhala.adaderana.lk/news.php?nid=20080
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මහා කාලකන්නි ඉන්න ගුණ මකු රටක්. ඔය සාපෙ වදී ළඟදීම. එදාට අපි බලමු. මොනවා උනත් අපි ජනරාල් තුමා සමග.
    අනිවා මචන්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කමක් නෑ. මේ රටේ නීතියත් ඉවරයි කියන එක අද සාක්ෂි ඇතුවම ඔප්පු උනා:nerd:

    මෙච්චර කල් හිරබත් කාපු ඔබ තුමාට ඔය අවුරුදු තුනත් මහා කජ්ජක් නෙමෙයි කියල අපි දන්නවා. යුධ හමුදාවට වෙලා විශ්‍රාම යනකන් ඔබ තුමා පොල් ගෑවේ නැහැ. හොඳ හමුදා පුහුණුවක් තියෙන එඩිතර නිලධාරික් විදියට අදටත් ඉන්නව. එක එක පාදඩ නපුන්සකයන්ගෙන් සමාව අරගෙන දඬුවමෙන් මිදුනෙත් නැහැ. එම නිසා මේ අවුරුදු තුනත් අපි ඔබතුමා එක්ක ඉන්නව. මේ තීන්දුවත් එක්කම හිරේට ජීවිතාන්තය දක්වාම හිරේට ගියේ මේ රටේ නීතිය කියන එක සමහරක් ගොන්නුන්ට තේරෙන කාලෙ වෙනකොට ඔබ තුමා නිදහස ලබල තියෙයි. ඒ වෙද්දී අපි නැවතුන තැනින් නැවත පටන් ගනිමු.:)

    ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිඳුන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ගායු ! :)