BREAKING : අවතැන්වූවන් 900 කට 'ඡන්දය දීමේ වරම අහිමියි'

arjundv

Member
Jan 5, 2015
31
4
0
BREAKING : අවතැන්වූවන් 900 කට 'ඡන්දය දීමේ වරම අහිමියි'

අවතැන්වූවන් 900 කට 'ඡන්දය දීමේ වරම අහිමියි'

අවතැන්වූවන් 900 ක් බස් රථවලින් ඡන්දපොළට ප්‍රවාහනය කිරීම ඉහලින් ලැබුණු නියෝගයක් මත නවතා දමා ඇති බව නිරීක්ෂකයෝ පවසති.
මෙම පිරිස පුත්තලමේ සිට මනාරම දක්වා ප්‍රවාහනය කිරීමට නියමිතව සිටියදී එය නවත්වන මෙන් හදිසියේම නියෝගයක් ලැබී තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ඩීඑම් දිසානායක බීබීසී සංදේශයට පැවසීය.
යුද්ධයෙන් අවතැන් වී පුත්තලමේ තාවකාලිකව වාසය කරන ඔවුන් ඡන්දය සඳහා ලියාපදිංචි වී සිටින්නේ මන්නාරමේ බවද ඔහු පැවසීය.
ස්වර්ණවාහිනියට අවවාද
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ඡන්ද සලකුණ වන බුලත් කොලය ප්‍රදර්ශනය කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් කළ ධර්මදේශනාවක් සම්බන්ධයෙන් ජනතාව පැමිණිලි කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ස්වර්ණවාහිනී නාලිකාව දැඩි දෝෂදර්ශනයට ලක් කොට තිබේ.
තවදුරටත් එවැනි වැඩසටහන් ප්‍රචාරය කළහොත් ස්වර්ණවාහිනියට මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට අවසර දෙන්නේද යන්න සලකා බැලීමට සිදුවනු ඇතැයි කොමසාරිස්වරයා අනතුරු ඇඟවූ බවත් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සංදේශයට පැවසීය.
තවත් විස්තර ඉක්මනින්.

SOURCE : BBC SANDESHAYA http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150108_electoion_law_violation