ගුරු - විදුහල්පති වර්ජනය අඛණ්ඩව
October 13, 2021 11:23 amගුරු - විදුහල්පති සන්ධානයේ වෘතිය සමිති ක්රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
මේ මොහොතේ අද දෙරණ "BIG FOCUS" වැඩසටහන හා සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ප්රශ්නය - 21 වනදා ගුරුවරු යන්නේ නැද්ද පාසල් විවෘත වුණත්
"පැහැදිලිව ම අපි තීරණයක් අරන් තියෙන්නේ, ගුරු සහ විදුලහල්පති සන්ධානය හැටියට අපේ වෘත්තීය ක්රියාමාර්ගය අපි ඉදිරියට අරන් යනවා. 21 වෙනකොට අපි ඉල්ලන ඉල්ලීම දුන්නේ නැත්නම්, 21 පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා ගුරු විදුහල්පති සන්ධානය යනවා ද? නැද්ද? කියන එක. "
ප්රශ්නය - online කරන්නවත් එකඟතාවයකට එන්නේ නැද්ද ?
"නෑ අපේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය ඉදිරියට කරන් යනවා. අපි දැන් දින 94ක් අදට. මේ ඔන්ලයින් ක්රියාවලිය මීට කලින් විසඳාගන්න තිබුණා මේ සාකච්ඡා කලින් කරලා තිබුණා නම්. අනුකාරක සභාවේ යෝජනාව කැබිනට් මණ්ඩලය සම්මත කළේ අගෝස්තු 30. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ කොච්චර කාලෙකට පස්සේ ද? අපි දිගින් දිගටම සාකච්ඡාවක් ඉල්ලුවා. සාකච්ඡාවක් ලබාදීම ප්රමාදවීම තුළ තමයි මේක ඉස්සහට ගියේ."
