Breaking: Pathum Nissanka becomes the first Sri Lankan to score a ODI DOUBLE HUNDRED

cat123

Well-known member
  • Sep 25, 2007
    2,721
    4,474
    113
    May be an image of 1 person and text that says 'HNE TOP SCORES ONE-DAY INTERNATIONALS ROHIT SHARMA 264 173 SRI LANKA, 2014/15 MARTIN GUPTILL 237*163 v WEST INDIES, 2014/15 VIRENDER SEHWAG 219 149 WEST INDIES, 2011/12 CHRIS GAYLE 215 147 V ZIMBABWE, 2014/15 noose Dialos PATHUM NISSANKA 210*139 AFGHANISTAN, 2024'
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,885
    3,867
    113
    දැන් ක්‍රිකට් ගහන උන්ගෙ දැනුම.ලස්සනට වැඩේ කරලා නා ගන්නවා.

    May be an image of 1 person and text that says AT NIPPON PAINT Sri Lanka Sporty.lk MGlion lion APAREA OTTU MGlion MG SEYL BANK Ar Maliban PAPARE Maggi AT PAPARKA' KOTTU PATHUM NISSANKA PLAYER OF THE MATCH මන් දැනන් හිටියේ නැහැ සනත් ජයසුරියගේ රේකෝඩ් එක තියෙන්නේ කියලා.මැදදි තමා දැනගන්න ලැබුනේ. -පැතුම් නිස්සංක-
     
    • Haha
    Reactions: neyohk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එක්දින ක්‍රිකට් තරගයේදී
    ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වසර 23ක් පැරණි සනත් ජයසූරියගේ වාර්තාව බිඳ දැමූ අතර, එය මෙරට පළමු ද්විත්ව ශතක ලාභියා බවටද පත් විය.ඔහු නොදැවී ලකුණු 210ක් රැස් කළේය.පැතුම් අද සහභාගී වූයේ සිය 50 වන එක්දින තරගයටයි. නිශ්ශංක පන්දු 139 දී හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් සමඟින් නොදැවී ලකුණු 210ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාවෙන් අඩකටත් වඩා රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ ඕවර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 381ක් රැස් කළේය.
    ඒ අනුව වසර 23කට පෙර 2000 වසරේ සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහි ව සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 189 වාර්තාව අලුත් කිරීමට පැතුම් නිස්සංක සමත් විය.



    එමෙන්ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පිතිකරුවෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
    මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 144ක් රැස් කළ තිලකරත්න ඩිල්ශාන් විසිනි.
    එමෙන්ම එක්දින ද්විත්ව ශතකයක් ලබාගත් ලොව 12 වන පිතිකරුවා ලෙසද පැතුම් නිශ්ශංක අද ඉතිහාස ගත විය. ඔහු ලබාගත් 210 එක්දින තරගයක පිතිකරුවෙකු තනිව ලබා ගත් 5 වන වැඩිම ලකුණු ප්‍රමාණයද වේ.
    අද ඇෆ්ගනිස්තාන ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 381ක් ලබා ගත් අතර මෙම ලිපිය පළවන අවස්ථාවේ ඇෆ්ගනිස්ථාන ඉනිම ක්‍රියාත්මකය.



    පැතුම් නිශ්ශංක 1998 මැයි 18 වන දින ගාල්ලේදී උපත ලැබීය. ඔහුගේ පියා සුනිල් සිල්වා 'ග්‍රවුන්ඩ් බෝයි' කෙනෙකු ලෙස සේවය කළ අයකු වන අතර ඔහුගේ ආදායම අඩු මට්ටමක තිබුණ බව පැතුම් පවසා තිබුණි. පැතුම්ගේ අම්මා කළුතර පන්සල ළඟ මල් විකුණු බවද ඔහු මෙනෙහි කරයි. මුල් ළමාවියේදී ඔහු හැදී වැඩුණේ දුප්පත් පවුල් පසුබිමක ය. ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ කළුතර විද්‍යාලයෙනි . ඔහු පාසල් ක්‍රිකට් ශූරතාවලියේදී කොළඹ කෝල්ට්ස් පිටියේදී රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු 190කදී නොදැවී ද්විත්ව ශතකයක් (205) රැස් කළේය. ඔහු 2017 මාර්තු 17 වන දින 2016-17 දිස්ත්‍රික්ක එක්දින තරඟාවලියේදී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහුගේ පළමු List A තරඟයට පිවිසියේය ඔහු 2018 පෙබරවාරි බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.
    මෑත කාලීන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇදවැටීම බේරාගන්නට ජවයක් සහිත විශ්වාසවන්ත ක්‍රීඩකයෙකු බවට ඔහු සෙමින් සිය හැකියාව ගොඩනගාගෙන තිබේ.

    Screenshot%202024-02-09%20at%2019.10.55.png



    333.webp
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,930
    3,288
    113
    Malabe
    I randomly came across the match and was lucky enough to witness the first ODI double ton by a Sri Lankan. We dearly missed Sanath's double century at Sharjah.
    I'm glad that this was done by Nissanka! 🏏🥎🥇🏅



    Regarding Sanath J, there was nothing to miss 'cos he never made a double century in ODIs.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,670
    113
    34
    Hell
    ආදායම අඩු මට්ටමක තිබුණ බව පැතුම් පවසා තිබුණි. පැතුම්ගේ අම්මා කළුතර පන්සල ළඟ මල් විකුණු බවද ඔහු මෙනෙහි කරයි. මුල් ළමාවියේදී ඔහු හැදී වැඩුණේ දුප්පත් පවුල් පසුබිමක ය

    ඒකෙත් දුක විකුණන් කෑම
     
    • Haha
    Reactions: iworld

    Sen-lu

    Well-known member
  • ලොල් මේක දකිනකම් මැච් එකක් තිබ්බද දන්නෙත් නෑ 😂. ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැණියෙ උං 2000ක් ගැහුවත් අපිට මොකද? ඕකුන් ශ්‍රී ලංකා නම පාවිච්චි කරනවට 50%ක විතර ටැක්ස් එකක් ගහන්න ඕන.
     
    • Like
    Reactions: EnIgma001