BREKING ZOOM

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:BREKING ZOOM:yes:

    The Real Updates For Every Minits

    Elakiri.com Breking News Updats
    T Line News Inc









    :rolleyes: ජන්ද හිමි නාම ලේඛනයේ තම නම සඳහන් නොවන බවත්, එමනිසා ජන්දය ප්‍රකාශ කිරීමට තමන්ට අවස්ථාව නොමැති බවත් ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

    නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31-1 වගන්තියට අනුව ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ හැකියාව තමන් සතු බවද එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හගුරන්කෙත ඡන්දදායකයින් පළවා හැරලා - කැෆේ

    ජන.26 - හගුරන්කෙත සහ නාවලපිටිය ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව නිලධාරින් සහ ඡන්ද දායකයින් පළවා හැරිමේ සිද්ධි වාර්තා වී ඇති බව කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ජනතා ව්‍යාපාරය පැවසීය.
    එහි මාධ්‍ය සම්බන්ධිකාරක කිර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළ පරිදි ඡන්ද විමසීම ආරම්භ වු අවස්ථාවේ සිට මේ දක්වා ඔවුනට වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 45 කි.
    මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ජී.පී.ජී.කුමාරසිරි මහතා පැවසුවේ එවැනි සිදුවීමක් පිළිබදව තමන්ට වාර්තාවී නැති බවය.
    මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන කිහිපයක් පිළිබදව පැමිණිලි වාර්තා වූ බව තේරීම්‍භාර නිලධාරී ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා පැවසීය.
    එහෙත් ඒ පිළිබදව කළ සොයා බැලීම්වලදී කිසිවක් වාර්තා නොවූ බව ද හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්‍භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ඉක්මයි

    ජන.26- දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ජනාධිපතිවරණ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අද සවස 2 පමණ වන විට 50% ඉක්මවූ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරු පැවසූහ.
    කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය 50% ඉක්මවා ඇති බව තේරීම්භාර නිලධාරී ජී.ඒ.ජේ. සිල්වෙස්ටර් මහතා පැවසීය.
    බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නිලධාරී රෝහණ දිසානායක මහතා පැවසූ පරිදි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60 ඉක්මවිය.
    මොණරාගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ජේ.ජේ. රත්නසිරි මහතා පැවසූ පරිදි එම දිස්ත්‍රික්කයේ අදාළ ඡන්ද ප්‍රතිශතය 55% කි.
    අනුරාධපුර තේරීම්භාර නිලධාරී එච්.එම්.කේ. හේරත් මහතා පැවසූවේ එම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවා ඇති බවය.
    හම්බන්තොට තේරම්භාර නිලධාරි ඒ.එන්.ඩී.ඩී. මීගස්මුල්ල මහතා පවසන පරිදි එම ප්‍රතිශතය 65% ඉක්මවා ඇත.
    මාතර දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 60%ක් වූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්.කේ.කේ. අතුකෝරල මහත්මිය පැවසීය.
     

    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    17867_1083860554484_1765490036_161686_1811754_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :confused:මහනාහිමිවරු ජනපතිට ලිපියක් යවති

    ජන.26 - කැරලි කෝළාහල අඩම්තේට්ටම්, වංචා, අසාධාරණ නිති ක්‍රියාමාර්ග තුළින් ජනතාවගේ පරම බලයටත්, රටේ කිර්ති නාමයටත් අගෞරව වන ආකාරයෙන් හැසිරිමට ඉඩ නොතබන්නැයි මහානාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන මහනාහිමිවරුන් ඉල්ලා සිටින්නේ සාධාරණ බලතල භාවිත කර පක්ෂ විපක්ෂ සියලුදෙනාට එකම ආකාරයකින් සාධාරණත්වය ඉටු කර සාමය, සමගිය ආරක්ෂා කරදෙන ලෙසය.
    අස්ගිරි මහානායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත, මල්වතු මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල, රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපුජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර සහ අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අතිපුජ්‍ය දවුල්දෙණ ඥානිස්සර යන මහනාහිමිවරුන්ගේ අත්සනින් එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
    එහි දැක්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන් කැමති නායකයෙකු තෝරා පත්කර ගැනීමට අදාළව ස්වකීය නිදහස් ඡන්දය ස්වාධිනව භාවිත කර තමන් කැමති නායකයා තෝරා පත්කර ගැනීමට හැකිවීම ජනතා පරමාධිපත්‍යයේ විශිෂ්ට ලක්ෂණය බවය.
    එහෙත් රට තුළ දැනට පැතිර යමින් පවත්නා ප්‍රචණ්ඩත්වය ඇතුළු මැතිවරණ නීතිරිති හා සාමාන්‍ය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජනතාව තුළ විවිධ සැක සංකා මතුවෙමින් පවතින බව මහනාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සදහන් වේ.
    උන්වහන්සේ එම ලිපියෙන් පෙන්වා දෙන්නේ පොලිසිය ප්‍රමුඛ රාජ්‍ය ආයතන බොහොමයක් ‍සාධාරණව ක්‍රියා නොකරන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන අධිකරණ නියම පවා නොසලකා හැර ක්‍රියා කරන බවත් දැන ගන්නට ලැබී ඇති බවය.
    එම තත්ත්වය මත ඡන්ද විමසීමෙන් පසුව වුව ද සාධාරණත්වයෙන් නීතිය ක්‍රියාත්මක කොට විජයග්‍රහණය ඉවසීමෙන් යුතුව විඳ දරා නොගනිතැයි ජනතාව තුළ බියක් පවතින බවට රට තුළ ආරංචි පැතිරෙමින් පවතින බව උන්වහන්සේ පවසති.
    ව්‍යවස්ථාවෙන් ජනතාවට පැවරී ඇති පරම බලය වු ඡන්ද බලය නිදහසේ භාවිත කිරිමටත්, ජය හෝ පරාජය කිසිවෙකුට පිඩාවක් නොවන අයුරින් සාමකාමීව , සාධාරණව භුක්ති විදිමටත්, ජනතාවගේ හෘදය සාක්ෂියට අනුව දෙනු ලබන තීන්දුව පිළිගැනීමටත් කවුරුත් සුදානම් විය යුතු බව ද මහනාහිමිවරුන් ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    "දෙන්නගෙන් කවුරු දින්නත් මට සතුටුයි"

    January 25, 2010
    1505028667namal.jpg

    පසුගිය දිනෙක කටුනායක දහඅටේ කණුව ක්‍රීඩාංගනයේදී ක්‍රිකට් තරඟයක් පැවැත්විණි. එහි විශේෂත්වය වූයේ මෙම තරඟය පැවැත්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ සහ අභාවප්‍රාප්ත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පුත් භානුක ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන් නායකත්වය ගත් කණ්ඩායම් 2ක් අතර වීමය. ඊට සනත් විමලසිරි, දමයන්ත පෙරේරා, ශලිනි තාරුකා, සුප්‍රියා අබේසේකර සහ පාලිත පෙරේරා ආදී නළු නිළියන් ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. ඔවුන් ද එම කණ්ඩායම් 2ක යටතේ ක්‍රීඩා කළහ.

    කාසියේ වාසිය භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ කණ්ඩායමට හිමිවූ අතර ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නාමල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම‍ට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි නාමල් රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම මුහුණදුන්නේ භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පන්දුවකටය. දක්ෂ පිති හරඹයක යෙදීමට හැකිවූ නමුත් අවසානයේ ඔහුට දැවීයාමට සිදුවූයේ ද ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අතට උඩ පන්දුවක් ලබාදීම නිසාය.

    නාමල් රාජපක්ෂගේ කණ්ඩායමට ලකුණු 73ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ භානුකගේ කණ්ඩායම ලකුණු 76ක් ලබාගනිමින් ජය වාර්තා කළේය. මෙම තරඟය සංවිධානය කර තිබුණේ ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි. වරක් ඈ අසලට පැමිණි ඇගේ ආධාරකරුවකු ඇය සතුටට පත්වන්නේ කාගේ කණ්ඩායම ජයග්‍රහණය කළහොත් දැයි විමසා සිටියේය. ඇය සිනහව රැඳුණු මුවින් මෙසේ පිළිතුරු දුන්නේය

    " ඒ දෙන්නගෙම තාත්තල හුඟක් හොඳ යාළුවො. නාමලුත් මගෙ දරුවෙක්. ඉතිං දෙන්නගෙන් කවුරු දින්නත් මට සතුටුයි. "
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :Dනීල් බේස් කදවුරේ හොර ඡන්ද පෙට්ටි - එජාප

    ජන.26 - ත්‍රිකුණාමලය නීල්බේස් නාවික හමුදා කදවුර තුළ නීති විරෝධී ඡන්ද පෙට්ටි 40 ක් රදවා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ. එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ මුහුදු මගින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදී නිවැරදි ඡන්ද පෙට්ටි මාරු කර ව්‍යාජ ඒවා ඇතුළත් කිරීමට මෙළෙස ඡන්ද පෙට්ටි රදවා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.
    ඒ අනුව එම ඡන්ද පෙට්ටි ගොඩබිම් මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලෙස අදාළ ලිපිය මගින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

    එම ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රායෝගික අපහසුතාවක් ඇත්නම් පොදු අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ නියෝජිතයින්ට, අදාළ ඡන්ද පෙට්ටි පැටවීමට පෙර බෝට්ටු පරික්ෂා කිරීමට ඉඩ දෙන ලෙස ද එම ලිපිය මගින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ජන්ද හිමියකු නොවීම අපේක්ෂකත්වයට බාධාවක් නොවේ


    ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන ජන්ද විමසීම් නීතිය අනුව අපේක්ෂකත්වය සඳහා ලියාපදිංචි ජන්ද හිමියකු වීම අතවශ්‍ය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.

    එමෙන්ම අපේක්ෂකයා ලියාපදිංචි ජන්ද හිමියකු වුව ද ජන්දය භාවිත කිරීම අත්‍යවශව නොවන බව ද, ලියාපදිංචි ජන්ද හිමියකු වීම හෝ නොවීම අපේක්ෂකත්වය හෝ තෝරා පත්කර ගැනීමට බලනොපාන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රචණ්ඩ ක්‍රියා 03 ක් - පැෆරල්



    ගාල්ලේ නිවසකට වෙඩි තැබීමක් ජන,26, –මේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සිද්ධි 03ක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය පවසයි.

    ගාල්ල ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක් වාර්තා වන අතර නාවලපිටිය, මුල්කිරිගල යන ප්‍රදේශවල ඡන්ද දායකයන්ට බලපෑම් කිරීමේ සිද්ධි 02 ක්ද දැනට වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා “විමසුම” ට කීය.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මඩ ප්‍රචාර ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට බලපෑමක් කිරීමට සමත්වේද ?

    01 ඔව්
    02 නැත
    03 තරමක් දුරට
    04 කිසිසේත්ම නැත
    :yes:BREKING ZOOM:yes:

    The Real Updates For Every Minits
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජෙනරාල්ට ඡන්දය නොතිබූ බව සැබෑවක්-අනුර කුමාර



    නමුත්, ඔහුට රාජ්‍ය නායකයාවීමේ නීත්‍යාණුකූල අයිතිය තිබෙනවා ජන,26,(විමසුම) – මෙවර ජනාධිපතිවරණය‍ට ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡන්දය නොතිබුණු බව සැබෑවක් වුවත් රාජ්‍ය නායකයාවීමේ නීත්‍යාණුකූල අයිතිය ඔහුට තිබෙන බව, ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

    ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සම මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක “විමසුම” ට සඳහන් කළේ, 2008 වසරේ ඡන්දහිමි නාම‍ලේඛනය ලියාපදිංචි කරන විට ජෙනරාල් සරත් ෆොන්සේකා යුධ පිටියේ සිටි නිසා මෙම ලියාපදිංචි වීම අහිමිව තිබෙන බවයි.
    කෙසේවෙතත්, මෙරට පුරවැසියෙකු ලෙස මෙරට රාජ්‍ය නායකයාවීමේ නීත්‍යාණුකූල අයිතිය මෙරට ව්‍යවස්ථාවට අනුකූලව ජෙනරාල් සරත් ෆොන්සේකාට තිබෙන බව, ශ්‍රී ලාංකික පුරවැසියන්ට ප්‍රකාශ කරන බව, හෙතෙම සඳහන් කළේය.
    ජෙනරාල් සරත් ෆොන්සේකා අවලංගු ඡන්ද දායකයෙකු බැවින් ඔහුට වලංගු ඡන්ද දායකයින්ගෙන් ඡන්දය ඉල්ලීමේ අයිතියක් නොමැති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කීය.
    මේ අතර, ජනාධිපතිධූර අපේක්ෂකයෙකු වන සරත් කෝන්ගහගේ ජාතික රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, ජෙනරාල් සරත් ෆොන්සේකා ඇමරිකානු පුරවැසියෙකු නිසා ඔහුට ලංකාවේ ඡන්දය නොමැති බවත් තමා මේ බව මුල සිටම ප්‍රකාශ කළ බවත්ය.