Bring Kaavan Eliphant back to Sri Lanka

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉදිරි ජීවිතකාලයවත් සැනසීමෙන් ජීවත්වෙන්ඩ මේ අසරණ සතාව ආපහු ලංකාවට ගේන්ඩ කියලා ආණ්ඩුවට බලකරමු...

    පුරා වසර 08ක් තනිවම සිටි ලංකාවේ "කාවන්" හස්තියා නිදහස් කිරීමට පාකිස්ථාන අධිකරණය නියෝග කරයි..


    2012 වර්ෂයේ සිට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සත්ව උද්‍යානයේ තනිවම කල් ගෙවමින් සිටින "කාවන්" නම් හස්තියා ඉන් නිදහස් කිරිමට එරට මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම හස්තියා 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් පාකිස්ථානයට ලබාදී ඇත. එවිට එම සත්වයාගේ වයස අවුරුද්දක් බවයි වාර්තා වන්නේ.

    කාවන්ගේ, සහාකාරිය වන "සහේලි" 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයට යවන ලැබූ ඇතින්නියක් වන අතර ඇය 2012 වර්ෂයේදී මිය යාමෙන් පසු කාවන් හස්තියා පුරා 08 වසරක් තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුල සිට තිබෙනවා.

    මෙම හස්තියාගේ නිදහස හා ඔහුට යහපත් ස්ථානයක් ලබා දීමේ අරමුණින් සුප්‍රකට ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන "Cher” ඇතුළු ස්වේච්ජා සංවිධාන එකමුතුව දැවැන්ත විරෝධාතාවයක් ගෙන යනු ලැබුවා.

    එම විරෝධාතාවයට සහය පළ කරමින් මෙම හස්තියාට නිදහස ලබා දෙන්නැයි පාකිස්ථාන බලධාරින්ට බල කරමින් ලක්ෂ 02 ක පිරිසක ගෙන් යුත් අන්තර්ජාල පෙත්සමක් ද අත්සන් කිරීමට පියවර ගනු ලැබුවා.

    මෙම හස්තියා දම් වැල් යොදා ගැට ගසා තිබෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය පවා නිරීක්ෂණය කළ අතර ඇතැම් අවස්ථා වලදී බලපාන සෙල්සියස් අංශක 40 ට අධික උෂ්නත්වයෙන් ඔහු දැඩි ලෙස පිඩා විදින බවටද වාර්තා කර තිබුණා.

    මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පාකිස්ථාන මහාධිකරණය එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර ඇත්තේ දින 30 ක් ඇතුලත කාවන් නම් මෙම හස්තියා යොමු කළ හැකි සුදුසු සත්ව උද්‍යානයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික බලධාරින් සමග සාකච්ජා කොට අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

    අධිකරණය විසින් ලබාදුන් එම නියෝගය සැලවීමත් සමග අමෙරිකානු ගායිකාව වන " Cher” සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ "අද ඇයගේ ජිවිතයේ වටිනාම දිනය" යනුවෙනි






    ඉදිරි ජීවිතකාලයවත් සැනසීමෙන් ජීවත්වෙන්ඩ මේ අසරණ සතාව ආපහු ලංකාවට ගේන්ඩ කියලා ආණ්ඩුවට බලකරමු...
     
    • Like
    Reactions: KEZI

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕකව දීල තියෙන්නේ මොකක් හිලව්වටද දන්නෙ නෑ.