Brutal Serial Killers

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    1101-610x360.jpg


    Pedro Alonso López කොළොම්බියානු ජාතිකයෙකි. මොහු දකුණු ඇමරිකාව පුරා 300 කට අධික ගැහැණු ලමයින් වධබන්ධනයට ලක් කොට දුෂණය කර මරා දමා ඇත. මොහු හුදකලාව ජීවත් වී ඇති අතර, බොහෝ විට අතහැර දමන ලද ගොඩනැගිලි මොහුගේ වාසස්ථාන වී ඇත. ගැහැණු ලමයෙකු පැහැර ගැනීමට කල උත්සහයක් වැරදි යාමෙන් මොහුව අසල සිටයවුන් විසින් අල්ලාගෙන පොලිසියට බාර දී ඇත. මොහු පොලිසියට මොහුගේ මිනිමැරුම් පිලිබදව පාපොච්චාරණය කරද පොලිසිය එය බොරුවක් සේ සලකා ඇත, මොකද තනි පුද්ගලයෙකුට එතරම් මිනි මැරුම් කල හැකිද යන මතය නිසා නමුත් පසුව ඔහු කී තොරතුරු විමර්ශනය කිරීමේදි, සමූහ මිනිවලවල් හමුවී ඇත. 1980 දි මොහුව සිරබාරයට ගනු ලැබු අතර, ඔහු කොලොම්බියානු සිරගෙයක ජීවිතාන්තය දක්වා අදද සිරදඩුවම් විදිනවා ඇත.


    269-610x360.jpg


    Harold Fredrick ඉංග්‍රීසි වෛද්යවරයෙක් වන අතර මොහු ඉතා සියුම් මිණිමරුවෙකි. මොහු මිණිමැරුම් 250 කට වගයුත්තෙකි. මොහු සමාජය ඉදිරියේ ඉතා වැදගත් මහත්මයෙකු ලෙස ජීවත් වී ඇත. මොහු ජීවත් වී ඇති ප්‍රෙදේශයේ හදිසියේම වැඩිහිටි කාන්තාවන්ගේ මරණ අනුපාතය අස්වාභාවික ලෙස වැඩි වී අතර, මේ ගැන සොයා බලන ලෙස අදාල බළධාරීන්ගෙන් කල ඉල්ලීම් මත සෞඛ්ය නිළධාරින්ට මොහු ගැන ඉව වැටි ඇත, ඒ මිය යන සෑම කාන්තාවක්ම මොහුගෙන් ප්‍රතිකාර ගෙන ඇති නිසාය හා ඒ සෑම කෙනෙකුගේම ආදාහන ඉල්ලීම් පත්‍රය මොහුගේ අත්සනින් යොමුකර ඇති නිසාය. මේ නිසා පොලිසිය මළමිනි කීපයක් ගොඩගෙන කල පශ්චාත් මරණ පරීක්ෂනයට භාජනය කර ඇති අතර එහිදි එම මළසිරුරුවල අධික ලෙස Diamorphine යන රසායනය අඩංගු වී ඇත. පසුව සොයා බැලීමෙදි මොහු හිතාමතාම මෙම රසායනය කාන්තාවන්ට මරණීය ලෙස එන්නත් කර ඇති අතර පසුව ව්‍යාජ ලෙස අන්තිම කැමති පත්‍ර සකසා ඔවුන්ගේ දේපළ අයිති කර ගෙන ඇත. පසුව නීතිය හමුවේ මොහුට ජීවිතානතය දක්වා සිරදඩුවම් නියමි වී ඇත, 2004 ජනවාරි මාසයේදි මොහු සිරමැදිරිය තුල සියදිවි නසා ගෙන ඇත.


    318-610x360.jpg


    Daniel Camargo Barbosa කොලොම්බියානු ජාතිකයෙකි, ඔහු 1970 සිට 1980 යන කාලය අතර කොලොම්බියාවේදි හා ඉක්වදෝරයෙදි ගැහැණු ලමුන් 150 කට අධික ප්‍රමානයක් දූෂණය කර මරා දමා ඇත. සෑම ගැහැණු ළමයෙකුම ඔහු කෲර ලෙස පෙති ගසා දමා ඇත. මොහුව ඉක්වදෝරයෙදි සිරගත කරන ලද අතර, 1994 දි සිරගෙය තුලදි ඔහු විසින් දූෂණය කොට මරා දැමු ගැහැණු ලමයෙකුගේ අයියා කෙනෙකු විසින්ම මොහුව ඝාතනය කොට ඇත.


    418-610x360.jpg


    Pedro Rodrigues Filho බ්‍රසීල ජාතිකයෙකි, මොහු 1973 දි පලමු වරට අතඩංගුවට පත්වි ඇත. වයස අවු 14 දි මොහු තම ප්‍රථම මිනීමැරුම කර ඇත, මොහු පසුව තම පෙම්වතිය ඝාතනය කල අය සියල්ලක්ම මරාදමා ඇත. වයස අවු 18 වනවිට මොහු මිනීමැරුම් 10 කට වගකියයුත්තෙකු විය. සිරගෙය තුල මොහු ඉතා කලහාකාරි පුද්ගලයෙකු වූ අතර, ඔහු සිරගෙය තුලදි ඔහු තම පියා ඇතුලුව තවත් පුද්ගලයන් 46 දෙනෙකුම ඝාතනය කර ඇත, මේ නිසා අවු 30 ක කාලයකට මුලින් සිරගත වු ඔහුගේ සිරගත කාලය අද වන විට අවු 400 ක් දක්වා දීර්ඝ වී ඇත.


    519-610x360.jpg


    Gary Ridgway, මොහු ඇමරිකාවේ ජීවත් වූ ඉතා සියුම් මිනිමරුවෙකි. මොහු ප්‍රතම වතාවට 2001 වසරේදි සිව් මිනීමැරුමකට අත් අඩංගුවට පත්වී ඇත, එහිදි ඔහු 1980 හා 1990 කාලය තුලදි Washington ප්‍රාන්තය තුල ඔහු කල 70 කට අධික කාන්තා ඝාතනයන් පිලිබදව එලිකර ඇත. මොහු ඝාතනය කල අයගේ සමුහ මිනිවලක් Green River තුල හමුවී ඇත, එම නිසා ඔහුව Green River Killer ලෙස හදුන්වයි. මොහු තම වැරදි පාපොච්චාරණය කල නිසා මරණ දඩුවමෙන් බේරුනත් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූවා.

     
    Last edited: