BuBudget 2016

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ අය වැයේ පැලැස්තර නෑ



par.jpg


ජීවන වියදම අඩු කිරීම, රටේ ආර්ථික දියුණුව ඇති කිරීම සඳහා පැලැස්තර විසඳුම් වෙනුවට මෙවර අය වැයෙන් තිරසාර විසඳුම් ලබාදී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.
අය වැයෙන් කළ යෝජනා සමස්තයක් ලෙස ජනතාවට කෙටි කාලීන ජීවන වියදම් සහනත් මැදි හා දිගුකාලීන රටේ තිරසාර සංවර්ධනයත් ඉලක්ක කොට ඇතැයි ද ලේකම්වරයා කීය. අපි අලුතින් සිතන්න ඕනෑ. අපි අලුත් නවීන ලෝකය සමඟ වඩාත් බද්ධ වී ඉදිරියට යන්න ඕනෑ. නවෝත්පාදන සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකට පිය නගන්න ඕනෑ.
අන්න ඒ පණිවුඩය තේමාව ඉලක්ක කොට ගෙනයි මෙවර අය වැය ඉදිරිපත් කළේ සමරතුංග මහතා පැහැදිලි කෙළේය.
අපිට විශාල ලෙස ආර්ථික දියුණුවට අවස්ථා ඇති වී තිබෙනවා. මේ නව අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න අපි ජාතියක් ලෙස වෙනස් වෙන්න ඕනෑ. අපේ මානව සම්පතේ තිබෙන හැකියාවන්, කුසලතා නව තාක්ෂණය සමඟ බද්ධ කරන්න ඕනෑ. ඒ අරමුණ ඉටු කරන්න විශාල පිටුබලයක් අය වැයෙන් ලබා දුන්නා.
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවනවා. මේ යෝජනාව වසර ගණනාවක් කතා කර කර තිබූ එකක්. එය දැන් ක්‍රියාත්මක කරනවා. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ජීවත්වෙන්නේ සාර්ක් කලාපයේ. අපිට මූල්‍ය මධ්‍යස්ථානයක් ගොඩනගන්න හොඳම අවස්ථාව ‍එයයි. ඩුබායි වල පිහිටි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වාගේ තැනක් අපි ගොඩනගන්න ඕනෑ. ඉන් රටට විශාල ආර්ථික දියුණුවක් ඇති කර ගන්න පුළුවන්. අපනයන සංවර්ධනයට ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු අගමැති විෂය භාර ඇමැතිවරු සාමාජිකත්වය දරන ඉහළ පෙළේ කවුන්සිලයක් ආරම්භ කරනවා. ඒ මඟින් අපනයනකරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න පුළුවන්. මේ යෝජනා වාගේම දෙස් විදෙස් ආයෝජන වැඩි කරන්න කළ යෝජනා ක්‍රියාත්මක වූ පසු ‍රටේ නව රැකියා අවස්ථා බිහි වෙනවා. රාජ්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කරනවා. රාජ්‍ය ව්‍යාපාර මහා භාණ්ඩාගාරයට ‍බරක් නොවන තැනට පත් කර ගන්න ඕනෑ. ඒ සඳහා වැඩපිළිවෙළ යෝජනා කළා. අපේ වෑයම දිගුකාලීන ආර්ථික දියුණුවක් රටේ ඇති කිරීමයි ලේකම්වරයා කීය.
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    mudal amathyanshaye lekam budget ekata wiruddawa yamak prakasha kale mona anduwa yatatheda?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    ජීවන වියදම අඩු කිරීම, රටේ ආර්ථික දියුණුව ඇති කිරීම සඳහා පැලැස්තර විසඳුම් වෙනුවට මෙවර අය වැයෙන් තිරසාර විසඳුම් ලබාදී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අධෝමුකයෙන් ප්‍රකාශ කෙළේය.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113

    මෙවර අයවැයෙන් සහන අපමණ ලෙස ලැබී උද්දාමයට පත්ව ප්‍රීතිය පිට කරන antibss ගේ බිරිඳ


    PojtmRg.gif

    :lol::lol::lol::lol::lol::lol: