MANDIBLE BONE
අද සිට මෙරට බෞද්ධ සැදැහැවතුන්ට පාකිස්ථානයේ සිට වැඩම කරවන ලද බුදුන් වහන්සේගේ හකු ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාව හිමිවෙන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා සදහන් කරයි. ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට අනුව පාකිස්ථාන රජය විසින් එම ධාතුන් වහන්සේ මෙරට ප්‍රදර්ශනය සඳහා ලබා දී තිබේ.
ඊයේ රාත්‍රී කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ධාතුන් වහන්සේ මෙරටට වැඩම කරවූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරුවේ සිට මාසයක කාලයක් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේදී බුදුන් වහන්සේගේ හකු ධාතුන් වහන්සේ මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
1925 වසරේදී පාකිස්ථාන ගන්ධාර ප්‍රදේශයේ චෛත්‍යයක ගර්භයේ තිබී සොයාගත් බුදුන් වහන්සේගේ හකු ධාතුන් වහන්සේ ඉස්ලාමාබාද් කෞතුකාගාරයේ සුරක්ෂිත තැන්පත් කර තිබිණ
Ela!