ඕකත් එක් තරා මිත්‍යා දෘෂ්ටියක්. ඔක්කොම සතර මහා භූත කියලා ඕන පාපයක් කළ හැකි. පුද්ගලයෙක් සත්වයෙක් නැත්තං සිල් නැහැනේ කියලත් ඕනැ මඟුලක් කර හැකි. ඔය මානසිකත්වය රහත් වුණහම තියන එකක් නැතුව දැම්ම හිතුවොත් ලොකු අවුලක්.
අපිට තියෙන්නේ ආයතන හයයි, ඒ හයට අරමුණු හයක් එනෙවා, ඇහැ ට රූප ... මනසට සිතුවිලි, ඇහැට රූපයක් ස්පර්ශ වෙනෙවා සමඟ විඤ්ඤාණය කියලා ශක්තියක් එකතු වීමෙන් පෙනීම හටගන්නවා. ඔතනින් නැවැත්තුවොත් වැඩේ හරි. නමුත් අපි නාවතන්නේ නැහැ නේ. අපේ නොදැනුවත්කම නිසා අපි හිතනවා මිනිසෙක් කියලා නමුත් එතන තියෙන්නේ එක්කෝ කොටස් 32ක් නැත්තම් සතර මහා භූත වලින් හැදිච්ච නිර්මාණයක්. එහෙනම් රාගයක් ඇතිවෙන්න බැහැ, කොටස් 32ක් නේ, ද්වේෂයක් ඇතිවෙන්න බැහැ, අපි වගේම කොටස් 32ක් ඉතින් කාට ද්වේෂ කරන්න ද, මෝහය නැතුව හිතුවොත් පැනීමෙන් නතර කළ හැකි. ඔය වගේ දිගටම පුරුදු කරනකොට (භාවිතා බහුලිකතා) ඉබේම ආසා කරන්න තරහා කරන්න දෙයක් නැති වෙනවා. එතකොට ජීවත්වෙන්න උවමනාව ක් තියනවාද? නැහැ (නොඇලීමෙන් කළකිරෙයි, කළකිරීමෙන් මිදෙයි). නැවත ඉපදෙන්න උවමනාවන් නැහැ. පිරිනිවන්පෑම. ඔය තත්වෙට එනකොට ලැබෙන අවබෝධයක් තමයි ලෝකය කියලා දෙයක් නැහැ වේගෙයෙන් ඇති වී නැති වී යන රූප කලාප (අනු වගේ, විශ්වයේ පොඩිම දෙය, ඇහැට පේන්නේ නැහැ, microscope වලින් බලන්නත් බැහැ මොකද ඒවා හැදිලා තියෙන්නෙ රූප කලාප [ගොඩක්] වලින් නේ). මම කියලා දේකුත් නැහැ ආයතන හයක ක්‍රියාවලියක් කියලා අවබෝධ වෙලා ඉවරයි ඉතින් පුද්ගල සංඥාව නැහැ, එතකොට කිසිම කුසල අකුසල කර්මයක් ගොඩනැගෙන්නේ නැහැ.
ඔය තත්වෙට එන්න සිල,සමාධි, ප්‍රංඥා ත්‍රිශික්ෂාව ගොඩනගන්න ඕනේ. නැතුව පෙර පාසල් ළමයෙකුට 12 වසරේ මාතෘකාවක් දුන්නහම ඌට තේරෙන්නේ නැහැ. උඩින් පල්ලින් බලයි පිස්සු වගේ. හරියට තෙරෙන්නන අවුරුදු 12ක් ඉගෙන ගන්න වෙනේවා. ඒ වගේ අපිට වෙලා තියෙන්නෙත් රහතුන් ගේ අවබෝධය අපේ අවබෝධයට තරෙනවා කියලා හිතාගෙන පිස්සු කෙලින එක තමා.