Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhist Monks Walks on women's hair
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්රීන්ගේ කෙස් මතින් සංඝයා වැඩීම

ස්ත්රීන්ගේ කෙස් මතින් සංඝයා වැඩීම

ෆේස්බුක් තුළ මේ පින්තූර පල කර භික්ෂූන්වහන්සේලා විවේචනයට බොහෝ දෙනෙක් යුහුසුලු වී සිටි ආකාරය දුටුවෙමි. මෙය සිදු වූයේ කොහේද, සිදු කළේ කවුද යන්න පුද්ගලිකව නොදන්නා මුත් එ් ගැන මගේ තුළ නම් ඇත්තේ වෙනස් අදහසකි. මෙයට සම්පූර්ණයෙන් එකඟවිය නොහැකිමුත් මහා ද්වේශයක් හිතේ නඟාගෙන බෙරිහන් දීමේ පලක් නොමැති බව ප්‍රථමව සඳහන් කිරිමට කැමැත්තෙමි.

01) ඇත්ත වශයෙන්ම මේ රූපය දැකීමෙන් මට ඇතිවූයේ පුදුමයකි. සාමාන්‍යයෙන් කාන්තාවන් තමන්ගේ කෙස් වැටිය හඳුන්වන්නේ "කේෂ කල්‍යාණය" ලෙසය. යන්තම් තේරෙන නොතේරෙන වයසින් කොන්ඩය අල්ලා රබර් පටියක් දමාගන්නට පටන් ගත් තැන සිට කොණ්ඩය මහා සාරවත්වූ දෙයක් ලෙස සලකන ඔවුන් මියෙන තුරුම කොණ්ඩය තමන්ගේ කැමැත්තට පවත්වන්නට නොකරන දෙයක් නැත. සිය දහස් ගණනක් වූ කොණ්ඩා මෝස්තරයන්ගේ පටන් කොණ්ඩයට විවිධ වර්ණ එක් කරමින්, වරෙක කොණ්ඩය ඍජු කරමින්, වරෙක කැරලි කරමින් එහි බාහිර පෙනුම වෙනස් කිරීමටද ඔවුන් දහස් ගණනක් වූ දේ කරති, දහස් ගණනින්, ලක්ෂ ගණනින් මුදල් වැය කරති.

නමුත් මේසා විශාල ආශාවකින්, තණ්හාවකින්, සිය දහස් ගණනින් මුදල් යට කර හැඩ කරන ලද කෙස් වැටියෙන්, එක් කොණ්ඩ කැබැල්ලක් කන බත් පතක තිබී දත් අතර පැටළුන හොත් තත්ත්වය ක්ෂණිකව වෙනස් වන්නේය. ජීව විද්‍යාතමකව ගත් කල ද කොණ්ඩයේ යතාර්ථය නම්, කොණ්ඩය යනු මැරුණු සෛලයන් බවය. කොණ්ඩය කපා දමන විට, විවිධ මෝස්තර කිරීමට රත්කරන විට නොරිදෙන්නේ ද ඒ නිසාය. (The hair you see on every part of your body contains dead cells) මෝස්තර කරුවන් ලක්ෂ ගණනින් මුදල් උපයන්නේ, කේෂ කල්යාණයයේ සැබෑව නොදත් කම නිසාය.

කොණ්ඩයට එබඳු අගයක් දී සළකනු ලබන සමාජයක තම කොණ්ඩය මතින් තවකෙක්ට ඇවිද යන්නට දීමට තරම් හිත හදාගැනීමට කාන්තාවන්ට හැකිවීමම පුද්ගලිකව මට නම් සතුටට කාරණයකි. මන්ද යත් ඇතැම් පිරිස් පන්සල් යන්නේද ඉස්තරම් දේ හැඳ පැළඳ, සෑහෙන වෙලාවක් කණ්නාඩිය ඉදිරිපස කාලය කා දමා, ලෝකයට පේන්නට නිසාය.

02) මෙම කාරණයේදී මෙය වැරදි, ශාසනය විනාශ කරන කරුණක් යැයි ඔබ දකිනවා නම් භික්ෂූන්ට චෝදනා කිරීමට ප්‍රථමව සලකා බැලිය යුත්තේ මෙය භික්ෂූන් විසින්ම සංවිධානය කරනා ලද්දක්ද යන්නයි. මන්ද යත් මෙබඳු කටයුතු බොහෝ විට සිදුකරනු ලබන්නේ ගිහි පින්වතුන් නිසාය. හිසකේවල ඇති අසාරත්වය දුටු නිසා නොව, භික්ෂූන්ට ඇති ගෞරවය නිසා, භක්තිය නිසා ඔවුන් එය කළා වන්නටද පුළුවන. එම නිසා එය වරදක් යැයි සැලකුණත් කවරෙකුට හෝ බැණ වදින්නට පෙර කරුණු සොයා බැලිය යුතුය.

03) මෙය විවේචනය කරන ඇතැම් අය අනාගමිකයන් වූ අතර, බෞද්ධාගම්කාරයන් වූ ඇතැම්හු බොහෝ විට හත් අවුරුද්දකින් විනාඩි 20ක්වත් එක දිගට භාවනාවක් වත් නොකළ, මේ අවුරුද්දටම පැය 10ක්වත් බුදු බණ නොඇසූ පිංවතුන්ය. තමන් ධර්මයේ හැසිරෙනවා නම්, අඩුම තරමේ ධර්මයේ හැසිරෙන්නට උත්සහවත් දරනවා නම්, මේවාට කෝප ගෙන භික්ෂූන්ට හෙණ ඉල්ලන්නට තරම් කෝප වන්නේ නැත. ධර්මයේ නාමයෙන් කෝප ගෙන වෛරය පතුරුවන්නේ නැත. "මුං" බුද්ධාගම කනවා කියා වෛරී සංකාර වඩන්නට ඕනෑ වෙන්නේත් නැත.

04) මෙහි වැරදි අයහපත් අතට යා හැකි එක් දෙයක් මමද දකිනා මුත් එය මෙහි සඳහන් කරන්නට අදහස් නොකරමි. මාගන්ධියාගේ විවාහ යෝජනාවට බුදු හිමි ලබා දුන් ප්‍රතිචාරය පමණක් යන්තමින් මතක් කරමි.

ටීඇල්;ඩීආර් : මා මෙයට සම්පූර්ණයෙන්ම එකඟ නැතත්, මෙහි නොදකින පැත්තක් ද ඇති බව දැකීමට තරම් මධ්‍යස්ථ විය යුතුය.

[QUOTE="PMMM, post: 23395110, member: 567921"] [SIZE="3"]ස්ත්රීන්ගේ කෙස් මතින් සංඝයා වැඩීම [IMG]https://i.imgur.com/h5FO3Oc.jpg[/IMG] ස්ත්රීන්ගේ කෙස් මතින් සංඝයා වැඩීම ෆේස්බුක් තුළ මේ පින්තූර පල කර භික්ෂූන්වහන්සේලා විවේචනයට බොහෝ දෙනෙක් යුහුසුලු වී සිටි ආකාරය දුටුවෙමි. මෙය සිදු වූයේ කොහේද, සිදු කළේ කවුද යන්න පුද්ගලිකව නොදන්නා මුත් එ් ගැන මගේ තුළ නම් ඇත්තේ වෙනස් අදහසකි. මෙයට සම්පූර්ණයෙන් එකඟවිය නොහැකිමුත් මහා ද්වේශයක් හිතේ නඟාගෙන බෙරිහන් දීමේ පලක් නොමැති බව ප්‍රථමව සඳහන් කිරිමට කැමැත්තෙමි. 01) ඇත්ත වශයෙන්ම මේ රූපය දැකීමෙන් මට ඇතිවූයේ පුදුමයකි. සාමාන්‍යයෙන් කාන්තාවන් තමන්ගේ කෙස් වැටිය හඳුන්වන්නේ "කේෂ කල්‍යාණය" ලෙසය. යන්තම් තේරෙන නොතේරෙන වයසින් කොන්ඩය අල්ලා රබර් පටියක් දමාගන්නට පටන් ගත් තැන සිට කොණ්ඩය මහා සාරවත්වූ දෙයක් ලෙස සලකන ඔවුන් මියෙන තුරුම කොණ්ඩය තමන්ගේ කැමැත්තට පවත්වන්නට නොකරන දෙයක් නැත. සිය දහස් ගණනක් වූ කොණ්ඩා මෝස්තරයන්ගේ පටන් කොණ්ඩයට විවිධ වර්ණ එක් කරමින්, වරෙක කොණ්ඩය ඍජු කරමින්, වරෙක කැරලි කරමින් එහි බාහිර පෙනුම වෙනස් කිරීමටද ඔවුන් දහස් ගණනක් වූ දේ කරති, දහස් ගණනින්, ලක්ෂ ගණනින් මුදල් වැය කරති. නමුත් මේසා විශාල ආශාවකින්, තණ්හාවකින්, සිය දහස් ගණනින් මුදල් යට කර හැඩ කරන ලද කෙස් වැටියෙන්, එක් කොණ්ඩ කැබැල්ලක් කන බත් පතක තිබී දත් අතර පැටළුන හොත් තත්ත්වය ක්ෂණිකව වෙනස් වන්නේය. ජීව විද්‍යාතමකව ගත් කල ද කොණ්ඩයේ යතාර්ථය නම්, කොණ්ඩය යනු මැරුණු සෛලයන් බවය. කොණ්ඩය කපා දමන විට, විවිධ මෝස්තර කිරීමට රත්කරන විට නොරිදෙන්නේ ද ඒ නිසාය. (The hair you see on every part of your body contains dead cells) මෝස්තර කරුවන් ලක්ෂ ගණනින් මුදල් උපයන්නේ, කේෂ කල්යාණයයේ සැබෑව නොදත් කම නිසාය. කොණ්ඩයට එබඳු අගයක් දී සළකනු ලබන සමාජයක තම කොණ්ඩය මතින් තවකෙක්ට ඇවිද යන්නට දීමට තරම් හිත හදාගැනීමට කාන්තාවන්ට හැකිවීමම පුද්ගලිකව මට නම් සතුටට කාරණයකි. මන්ද යත් ඇතැම් පිරිස් පන්සල් යන්නේද ඉස්තරම් දේ හැඳ පැළඳ, සෑහෙන වෙලාවක් කණ්නාඩිය ඉදිරිපස කාලය කා දමා, ලෝකයට පේන්නට නිසාය. 02) මෙම කාරණයේදී මෙය වැරදි, ශාසනය විනාශ කරන කරුණක් යැයි ඔබ දකිනවා නම් භික්ෂූන්ට චෝදනා කිරීමට ප්‍රථමව සලකා බැලිය යුත්තේ මෙය භික්ෂූන් විසින්ම සංවිධානය කරනා ලද්දක්ද යන්නයි. මන්ද යත් මෙබඳු කටයුතු බොහෝ විට සිදුකරනු ලබන්නේ ගිහි පින්වතුන් නිසාය. හිසකේවල ඇති අසාරත්වය දුටු නිසා නොව, භික්ෂූන්ට ඇති ගෞරවය නිසා, භක්තිය නිසා ඔවුන් එය කළා වන්නටද පුළුවන. එම නිසා එය වරදක් යැයි සැලකුණත් කවරෙකුට හෝ බැණ වදින්නට පෙර කරුණු සොයා බැලිය යුතුය. 03) මෙය විවේචනය කරන ඇතැම් අය අනාගමිකයන් වූ අතර, බෞද්ධාගම්කාරයන් වූ ඇතැම්හු බොහෝ විට හත් අවුරුද්දකින් විනාඩි 20ක්වත් එක දිගට භාවනාවක් වත් නොකළ, මේ අවුරුද්දටම පැය 10ක්වත් බුදු බණ නොඇසූ පිංවතුන්ය. තමන් ධර්මයේ හැසිරෙනවා නම්, අඩුම තරමේ ධර්මයේ හැසිරෙන්නට උත්සහවත් දරනවා නම්, මේවාට කෝප ගෙන භික්ෂූන්ට හෙණ ඉල්ලන්නට තරම් කෝප වන්නේ නැත. ධර්මයේ නාමයෙන් කෝප ගෙන වෛරය පතුරුවන්නේ නැත. "මුං" බුද්ධාගම කනවා කියා වෛරී සංකාර වඩන්නට ඕනෑ වෙන්නේත් නැත. 04) මෙහි වැරදි අයහපත් අතට යා හැකි එක් දෙයක් මමද දකිනා මුත් එය මෙහි සඳහන් කරන්නට අදහස් නොකරමි. මාගන්ධියාගේ විවාහ යෝජනාවට බුදු හිමි ලබා දුන් ප්‍රතිචාරය පමණක් යන්තමින් මතක් කරමි.[/SIZE] [SIZE="7"][COLOR="Red"]ටීඇල්;ඩීආර් : මා මෙයට සම්පූර්ණයෙන්ම එකඟ නැතත්, මෙහි නොදකින පැත්තක් ද ඇති බව දැකීමට තරම් මධ්‍යස්ථ විය යුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom