Buddhist Monks Walks on women's hair

PMMM

Member
Jul 5, 2018
313
41
0
ස්ත්‍රීන්ගේ කෙස් මතින් සංඝයා වැඩීම
h5FO3Oc.jpg


ස්ත්‍රීන්ගේ කෙස් මතින් සංඝයා වැඩීම

ෆේස්බුක් තුළ මේ පින්තූර පල කර භික්ෂූන්වහන්සේලා විවේචනයට බොහෝ දෙනෙක් යුහුසුලු වී සිටි ආකාරය දුටුවෙමි. මෙය සිදු වූයේ කොහේද, සිදු කළේ කවුද යන්න පුද්ගලිකව නොදන්නා මුත් එ් ගැන මගේ තුළ නම් ඇත්තේ වෙනස් අදහසකි. මෙයට සම්පූර්ණයෙන් එකඟවිය නොහැකිමුත් මහා ද්වේශයක් හිතේ නඟාගෙන බෙරිහන් දීමේ පලක් නොමැති බව ප්‍රථමව සඳහන් කිරිමට කැමැත්තෙමි.

01) ඇත්ත වශයෙන්ම මේ රූපය දැකීමෙන් මට ඇතිවූයේ පුදුමයකි. සාමාන්‍යයෙන් කාන්තාවන් තමන්ගේ කෙස් වැටිය හඳුන්වන්නේ "කේෂ කල්‍යාණය" ලෙසය. යන්තම් තේරෙන නොතේරෙන වයසින් කොන්ඩය අල්ලා රබර් පටියක් දමාගන්නට පටන් ගත් තැන සිට කොණ්ඩය මහා සාරවත්වූ දෙයක් ලෙස සලකන ඔවුන් මියෙන තුරුම කොණ්ඩය තමන්ගේ කැමැත්තට පවත්වන්නට නොකරන දෙයක් නැත. සිය දහස් ගණනක් වූ කොණ්ඩා මෝස්තරයන්ගේ පටන් කොණ්ඩයට විවිධ වර්ණ එක් කරමින්, වරෙක කොණ්ඩය ඍජු කරමින්, වරෙක කැරලි කරමින් එහි බාහිර පෙනුම වෙනස් කිරීමටද ඔවුන් දහස් ගණනක් වූ දේ කරති, දහස් ගණනින්, ලක්ෂ ගණනින් මුදල් වැය කරති.

නමුත් මේසා විශාල ආශාවකින්, තණ්හාවකින්, සිය දහස් ගණනින් මුදල් යට කර හැඩ කරන ලද කෙස් වැටියෙන්, එක් කොණ්ඩ කැබැල්ලක් කන බත් පතක තිබී දත් අතර පැටළුන හොත් තත්ත්වය ක්ෂණිකව වෙනස් වන්නේය. ජීව විද්‍යාතමකව ගත් කල ද කොණ්ඩයේ යතාර්ථය නම්, කොණ්ඩය යනු මැරුණු සෛලයන් බවය. කොණ්ඩය කපා දමන විට, විවිධ මෝස්තර කිරීමට රත්කරන විට නොරිදෙන්නේ ද ඒ නිසාය. (The hair you see on every part of your body contains dead cells) මෝස්තර කරුවන් ලක්ෂ ගණනින් මුදල් උපයන්නේ, කේෂ කල්‍යාණයයේ සැබෑව නොදත් කම නිසාය.

කොණ්ඩයට එබඳු අගයක් දී සළකනු ලබන සමාජයක තම කොණ්ඩය මතින් තවකෙක්ට ඇවිද යන්නට දීමට තරම් හිත හදාගැනීමට කාන්තාවන්ට හැකිවීමම පුද්ගලිකව මට නම් සතුටට කාරණයකි. මන්ද යත් ඇතැම් පිරිස් පන්සල් යන්නේද ඉස්තරම් දේ හැඳ පැළඳ, සෑහෙන වෙලාවක් කණ්නාඩිය ඉදිරිපස කාලය කා දමා, ලෝකයට පේන්නට නිසාය.

02) මෙම කාරණයේදී මෙය වැරදි, ශාසනය විනාශ කරන කරුණක් යැයි ඔබ දකිනවා නම් භික්ෂූන්ට චෝදනා කිරීමට ප්‍රථමව සලකා බැලිය යුත්තේ මෙය භික්ෂූන් විසින්ම සංවිධානය කරනා ලද්දක්ද යන්නයි. මන්ද යත් මෙබඳු කටයුතු බොහෝ විට සිදුකරනු ලබන්නේ ගිහි පින්වතුන් නිසාය. හිසකේවල ඇති අසාරත්වය දුටු නිසා නොව, භික්ෂූන්ට ඇති ගෞරවය නිසා, භක්තිය නිසා ඔවුන් එය කළා වන්නටද පුළුවන. එම නිසා එය වරදක් යැයි සැලකුණත් කවරෙකුට හෝ බැණ වදින්නට පෙර කරුණු සොයා බැලිය යුතුය.

03) මෙය විවේචනය කරන ඇතැම් අය අනාගමිකයන් වූ අතර, බෞද්ධාගම්කාරයන් වූ ඇතැම්හු බොහෝ විට හත් අවුරුද්දකින් විනාඩි 20ක්වත් එක දිගට භාවනාවක් වත් නොකළ, මේ අවුරුද්දටම පැය 10ක්වත් බුදු බණ නොඇසූ පිංවතුන්ය. තමන් ධර්මයේ හැසිරෙනවා නම්, අඩුම තරමේ ධර්මයේ හැසිරෙන්නට උත්සහවත් දරනවා නම්, මේවාට කෝප ගෙන භික්ෂූන්ට හෙණ ඉල්ලන්නට තරම් කෝප වන්නේ නැත. ධර්මයේ නාමයෙන් කෝප ගෙන වෛරය පතුරුවන්නේ නැත. "මුං" බුද්ධාගම කනවා කියා වෛරී සංකාර වඩන්නට ඕනෑ වෙන්නේත් නැත.

04) මෙහි වැරදි අයහපත් අතට යා හැකි එක් දෙයක් මමද දකිනා මුත් එය මෙහි සඳහන් කරන්නට අදහස් නොකරමි. මාගන්ධියාගේ විවාහ යෝජනාවට බුදු හිමි ලබා දුන් ප්‍රතිචාරය පමණක් යන්තමින් මතක් කරමි.


ටීඇල්;ඩීආර් : මා මෙයට සම්පූර්ණයෙන්ම එකඟ නැතත්, මෙහි නොදකින පැත්තක් ද ඇති බව දැකීමට තරම් මධ්‍යස්ථ විය යුතුය.
 
Last edited:
  • Like
Reactions: Dishta Didin

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
:D හාමුදුරුවො බලු ගූ ගොඩක් පාගන් ආවනම් තමයි වැඩේ.
 

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
කෙස් උඩින් වඩින එකෙන් මොකද්ද හැබෑට සංකේතවත් වෙන්නේ :oo:

ඕක අරන් තියෙන්නෙ සන්සිල්ක් ඇඩ් එකකට කියලා තමයි ආරංචිය. :yes:
 

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
අපරාදෙ ගෑනු ටික උඩුබැලි අතට තිබ්බා නම් ගෑනුනුට සිව්ර අස්සෙන් හාමුදුරුවන්ගෙ පොට්ටනිය පෙනෙයි. :rolleyes:
 

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    දළදා මාලිගාවේ පත්තිරුපුවට ගැහැනුන්ට යන්න බැහැ, සුද්දීයෝන්ට ෆොටෝ ගන්න යන්න දෙනවා, හම්දුරුවන්ට ගැනුන්ගේ කොන්ඩේ පාග ගෙන වදින්න පුළුවන්, මේ නිර්මල බුදු දහමනම් නෙවෙයි,
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    අපරාදෙ ගෑනු ටික උඩුබැලි අතට තිබ්බා නම් ගෑනුනුට සිව්ර අස්සෙන් හාමුදුරුවන්ගෙ පොට්ටනිය පෙනෙයි. :rolleyes:

    ආන්න ඔය කාරණාව නිසා තමයි මහත්මයා මටත් ඕකට එකඟ වෙන්න අමාරු. භික්ෂූන්ට කාන්තා ශරීරය ස්පර්ශ කළ නොහැකි නිසා ශරීරය සමග ස්පර්ශවන කාරණා වලට ඉඩප්‍රස්ථාව ලැබේ නම් ඊට අනුබල දෙන්න අමාරුයි.

    දෙවැන්න බුදු හිමි මාගන්ධිය සම්බන්ධයෙන් කියුවානේ කුණු ශරීරය මා පයින් වත් ස්පර්ෂ කරන්න කැමති නැහැයි කියා. ඒ නිසා ශරීරය ගැන බුදු දහමේ ස්ථාවරය පැහැදිලියි. කාරණාව මම අදහස් කළේ එක්කෝ මේ තරම් මට වටින දේ මම කැප කරනවා යනුවෙන් හෝ, මට මේක වටින්නේ නැහැ යන අරමුණින් මේ දේ කළා නම් සාහසික විදිහට විවේචනය වැරදියි යන්නයි.

    මම ඔය ලිපියේත් නොකියපු කාරණය කියලා සඳහන් කරපු ඒ කාරණාව නිසයි පූර්ණවශයෙන් එකඟ නැත්තේ, ඒ භික්ෂූන්ගේ ගෞරවය සහ ශීලයට විය හැකි හානිය. අමතක නොකළ යුතුයි බුදු හිමි කල කුණු වූ කාන්තා මිණියක් දැක පවා භික්ෂූන්වහන්සේලාගේ ශීලය බිඳුනු බව. එනිසා ඔවැනි ඉරියව්වලින් භික්ෂූන්වහන්සේලා ඉදිරියේ සිටීමට මමත් පුද්ගලිකව අනුබල දෙන්නේ නැහැ.

    නමුත් සාහසික ලෙස අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් රැගෙන විවේචනය වැරදියි.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දළදා මාලිගාවේ පත්තිරුපුවට ගැහැනුන්ට යන්න බැහැ, සුද්දීයෝන්ට ෆොටෝ ගන්න යන්න දෙනවා, හම්දුරුවන්ට ගැනුන්ගේ කොන්ඩේ පාග ගෙන වදින්න පුළුවන්, මේ නිර්මල බුදු දහමනම් නෙවෙයි,

    Paththirippuwata yanna ganunta ba kiwwe kawda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    Over acting thamai. Hamuduruwanta respect karana wena widi thiyenawa. Samaharu thamange sharirayata garahala thawath kenek ge gunayak ismathu karannath oya wage wada karanawa. Owa thailand wage ratawal wala karanawa athi. Ape ratata galepenneth na awashyath na.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවක් සිත්‍රියක් හා කායික සම්භන්ධතා තියෙන එක වැරදියි මම දකින විදියට.
    ගැහැණියක්ගේ ප්‍රාණසම කෙස් කැරැල්ල සංඝයාට වැඩීම සඳහා පුද දෙන එකෙන් මානය බිඳෙනවා කියන එක පිළිගන්න පුළුවන් කතාවක් නෙවේ. ලිඳකට පැනලා මැරුණොත් නිවන් යන්න පුළුවන් කිව්වොත් ඒකත් පිළිගන්න අන්ධභක්තික ස්ත්‍රීරත්නයන් ලංකාවේ අඩු නෑ.

    "මෙය විවේචනය කරන ඇතැම් අය අනාගමිකයන් වූ අතර, බෞද්ධාගම්කාරයන් වූ ඇතැම්හු බොහෝ විට හත් අවුරුද්දකින් විනාඩි 20ක්වත් එක දිගට භාවනාවක් වත් නොකළ, මේ අවුරුද්දටම පැය 10ක්වත් බුදු බණ නොඇසූ පිංවතුන්ය."

    පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයක විවේචන අයිතියක් තියෙනවා. බුදුන්ගෙනුත් ප්‍රශ්නකරපු අවස්ථා නැතිව නෙවේ.
    ආන්නද හාමුදුරැවෝ නිතරම යම් යම් දේ ගැන ප්‍රශ්න කරලා පහදවාගත්තා. සමහර වෙලාවට බොෟද්ධ නොවන සාමාන්‍ය ජනතාව පවා ප්‍රශ්න කළා. බුදුන් වහන්සේ ඒ අයිතිය පැහැරගත්තේ නෑ. විවේචන අයිතිය පැහැරගැනීම බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක් කියලයි මම දකින්නේ පෝස්ට් එකේ හැටියට. ඒක හරියට වැරැද්ද වහගන්න රණ්ඩු අල්ලන ගෑනු ළමයෙක් වගේ.

    මම අදහන බෞද්ධ දර්ශනය අනුවනම් මේක වැරදියි.
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    දෙපැත්තේ උන් නිවන් යන්ඩ ඇති ගෑනුන්ගේ පුකවල් ටික දැකල :rofl::rofl: