Buddimath Minissu Vemu.. | මනුසත් අපි "බූරුවෝ" විය යුතු ද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Buddimath Minissu Vemu.. | මනුසත් අපි "බූරුවෝ" විය යුතු ද?

    බටහිරකරණයේ අනුහසින්,
    කාළකණ්නිකමෙන් ජාතක ව,
    නූගත්කමින් වැදූ,
    සයිබර් සාහසිකයෝ විසින්,

    "ඊ මේල්", "ෆේස්බුක්" හෝ "යූ ටියුබ්" හරහා,
    මව්බිමේ දේශප්‍රේමයට සමච්චල් කරද්දී,

    ඒ සාහසික සටහන්,
    සැණෙකින් "ෆෝවඩ්" කරන අපි,..
    සැණෙකින් "ෂෙයාර්" කරන අපි..
    සැණෙකින් "ස්ප්‍රෙඩ්" කරන අපි..
    සැණෙකින් "කමෙන්ට්" කරන අපි..
    සැණෙකින් "එන්ජොයි" කරන අපි..


    "බූරුවෝ" ම
    නොවෙත් ද?

    මේ සුවිසල් ජාලයේ තමන් දකින හැම "ලබ්බ ම" ෂෙයාර් හෝ කමෙන්ට් කරන්නට කලිං දෙපාරක් හිතපියව්.. සාහසික සටහන් සංසරණයේ වාහකයෙක් වෙන්ඩ එපා...
    කී බෝඩ් එකෙන් තොපි මෙතෙක් ටයිප් කරපුවයින් වැඩි හරියක් "තොපිටවත්" ඵලක් වෙල ඇද්දැයි හිතාපියව්..

    එහෙමත් නැත්තම් සයිබරයේ තැන් තැන් වල ( මෙයද ඇතුළු ව ),
    "ෂා මාරයි... මරු..... අක්කියෝ,, මල්ලියෝ,,, අම්මියෝ,, "යි කියාගෙන ම ඉන්නෙ නැතිව..

    මැරෙන්ඩ කලිං රට වෙනුවෙන් පේලියක් දෙකක් ලියාපල්ල ඕකෙ..
    බූරුවො වගේ ජීවත් වෙලා, කාළකණ්නි වගේ මැරිල යන්නෙ නැතිව..

    සටන් බිමට නොගොසින් බොරු බියෙන් බැඳි
    සිටින්නෙමු ද කවදත් මුළු වලට වැදී
    පිටින් වදින මරු පහරට පපුව නොදී
    කටින් ජාති ආලය කිව්වාට මදී

    repost nam sory
    if you like sey thx
    s.u
    sinhalaya
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එතෙර විදේසෙන් එන පරගැතියන් හට ලෙංගතුකම් පෙන්නූ
    වාසිය හින්දම ඇහැකන වහගෙන නොදන්න තාලෙට උන්නූ
    කළු සුද්දන් ටික එලවා ගන්නට අසිපත සුරතට ගම්මූ
    මොකටද මේ වැනි උත්තම රටකට ඒ වගෙ බත් කන ගොන්නූ