නය අරගන්න සහෝ කමක් නැ එත් ඇයි අහිංසක මනුස්සයන්ට කෙළවන්නේ
නිදහසේ පා වීමට ඉඩ හරිමින් ආන්ඩුව දැනටමත් රුපියල අවප්රමානය කර ඇති අතර එය ජාමූඅ පැසසුමට ලක් විය. මහ බැංකුව සැප්තැම්බරයේදී රුපියල පා වීමට හැරීමෙන් පසුව සියයට 4.4න් එහි අගය ක්ෂනිකව පහත වැටුනු අතර, පසුගිය මාස 10 තුල එහි අගය සියයට 7න් කඩා වැටී ඇත.
අවප්රමානය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද ඇතුලූ සියලු ආනයන භාන්ඩ වල මිල ඉහල ගියේය. පරිප්පු, වියලි මිරිස්, කව්පී, වියලි හාල්මැස්සන්, කඩල, ලූනු හා අල වැනි ආහාර ද්‍රව්‍යවල මිල ද ඉහල දැමුනු අතර අල, සීනි, පරිප්පු, කුරක්කන්, මාගරීන් හා ග්‍රීන් පීස් වැනි ආහාර ද්‍රව්‍යවල බදු ඉහල දැමීම් මූදල් අමාත්‍යාංශය මෑතදී නිවේදනය කලේය. අය වැය විසර්ජන පනත ඉදිරිපත් කිරීමට සති තුනකට පෙර මධ්‍යසාර හා දුම්කොල සඳහා බදු සියයට 10න් ඉහල දැමිනි.