මට මෙතන ටිකක් පැහැදිලි කරගන්න ඕනෙ.
ඔය විදිහ මම අහල තියෙනවා- සෝ භගවා ඉතිපි අරහං, සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ..ඔය විදිහට . එහෙම නැත්නම් අරහං අරහං..යනුවෙන් සිත එකඟ කර ගැනීම.
මට හිතෙන්නෙ නෑ එහෙම කළාට අපි ඒ ගුණය ගැන අවබෝධයකින් ශ්රද්ධාවකින් කරනවය කියල. නමුත් සිත එකඟ වෙනවා විය හැකියි එකම දේ නැවත නැවත සිහි කරන නිසා. මම වඩා කැමතියි මේ එක් එක් වදනින් දැක්වෙන ගුණය උන්වහන්සේ තුළ තිබුණායයි කීමට හේතු වූ කරුණු සිහි කරලා සිත පහදවා ගැනීමට. මට සිත එකඟ වෙන්නෙත් එහෙමයි.
ඔයා මේ ක්රමය කරලා තියෙනවද? භාවනාව වඩන කෙනාට ගැලපෙන ගුණයක් එනවා කියන්නෙ, ඒ කෙනා වඩා කැමති ගුණයක්, සිහි කරනවිට වඩා ශ්රද්ධාව ඇතිවෙන, සිත පහදින ගුණයද?
ඔව් මම මෙම කර්මස්ථානය වඩනවා. මම වඩන්නේ "නමෝ අරහං" යනුවෙන්.
මම කැමතියි පොඩි විග්රහයක් කරන්න විශේෂයෙන් නව අරහාදි බුදුගුණ ගැන අවබෝධයක් ඕනද භාවනාව වඩන්න කියන එකට.
බුදුපියාණන්වහන්සේ වරක් මෙහෙම කියළා තියෙනවා, "මම එක් බුදුගුණයක් ගෙන මාගේ ජීවත කාලෙම වෙනත් කිසිම දහමක් ගැන කියන්නේ නැතුව, ඒ ගුණයම පමණක් විග්රහ කලොත් මාගෙ ජීවිත කාලය අවසන් වෙනවා මිසක් එම ගුණය ගැන කියලා නිම වෙන්නේ නැහැ" කියලා, ඒ වගේම මේ අප්රමාණ බුදු ගුණ මහ සාගරය වගෙයි කියලා සීමා කරන්න බැහැ (මහ සාගරේ වතුර මනින්න පුළුවන් නිසා). තවත් බුදුපියාණන්වහන්සේ වහන්සේ නමකට විතරයි ගෝචර වෙන්නේ.
ශ්රාවකයන්ට තම තමන්ගේ මනසට අනුව හිතාගන්න පුළුවන් ප්රමාණයකට තමයි මේ අප්රමාණ බුදුගුණ, ගුණ නමයකට සරලව හදාගෙන තියෙන්නෙ (ඉහත පින්තූරවල සහ පෝස්ට් වල මනාව තෙරුම් කරලා තියෙනවා).
අනික බුදුපියාණන්වහන්සේ බණ දේශණා කලේ මාගධි කියන පළමු භාෂාවකින්. හැඟීම් ප්රකාශකල භාෂාවක් (හැඟීමක් කවදාවත් ලිඛිත භාෂාවකින් කියන්න අමාරුයි, කියවන කෙනා අනුව තේරුම වෙනස් වෙනවා, ඒක නිසා තමයි උන්වහන්සේ බුද්ධ දේශණාව පොත් වල ලියන්න එපා කිව්වේ, මුඛ පරම්පරාවෙන් ගෙනියන්න කිව්වේ)
උදාහරණයක් විදිහට, අපි "අරහං" කියන අප්රමාණ බුදුගුණය අද පෙන්නන්න බැරි එකෙක් දැක්කාමත් කියනවා. "මට ඕකා දකින කොටත් අරහං" කියලා

.
ඉතින් එකම වචනයට එක එක තේරුම්, ඒකයි කිව්වේ හැඟීම වටිනවා කියලා.
ඉතින් වීතරාගි, වීතමෝහි, වීතදේවේශි උත්තමයෙක් කියන හැඟීම ගෙන අර උඩ කිව්ව සිංහල තේරුම් එක්ක වඩන්න, එතකොට තමන්ට ගැලෙපෙන විදිහයට භාවනාව නැගිල එයි.