Build 2016

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43

    build-windows.jpg


    මොකක්ද Build 2016 කියන්නේ?

    Build කියනේ Microsoft සමාගම වාර්ෂිකව පවත්වන සමුළුවක්.මේක පවත්වන්නේ ලෝකේ පුරා ඉන්න Developers ලා වෙනුවෙන්.මේ වසරේ සමුළුව,එහෙමත් නැත්තම් Build 2016,එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී ඊයේ ආරම්භ උනා. ;) ;)

    මේ සමුළුව මාර්තු 30,31 සහ අප්‍රෙල් 1 යන දිනයන් වලදී තමයි තියෙනේ.මේ සමුළුව සඳහා වෙන් කරලා තිබුන ප්‍රවේශ පත්‍ර සියල්ලම මිනිත්තු දෙක තුනකින් ඉවර උනා.ප්‍රවේශ පත්‍රයක් ඇ.ඩො. 2195ක්. :shocked: :shocked:

    ඊයේ තිබුන සමුළුවේදී Microsoft සමාගම අලුත් දේවල් කීපයක්ම හෙළි කළා.


    Bash on Windows 10 :shocked: :shocked:

    පලවෙනි එක තමයි Windows 10 එක්ක එන Bash command line එක.මේක ඇත්තම Linux command line එක.Virtual Machine එකක් වත් එහෙම නැත්තම් වෙනත් Cross -Platform ටූල් එකක් වත් නෙවෙයි.Microsoft සමාගම Canonical සමාගමත් එක්ක එකත් වෙලා තමයි මේ වැඩේ කරලා තියෙනේ.අලුත් Feature එකත් එක්ක linux command line එකේ වැඩ කරලා පුරුදු developer කෙනෙක්ට ලේසියෙන්ම windows වලදී linux වලින්ම වැඩ කරන්න පුළුවන් වෙනවා. :yes: :yes:

    Bot Framework ;) ;)

    අනිත් එක තමයි social bots.social bots එකකට පුළුවන් ස්වයන්ක්‍රීයව user කෙනෙක් එක්ක,Human කෙනෙක් විදිහට කතා කරන්න.Cortana,siri කියන්නේ ඒ වගේ bots.ඊයේ සමුළුවේදී Microsoft සමාගම Bot Framework එකක් launch කරා.එකත් එක්ක developers ලට පුළුවන් තමන්ගේම bot එකක් නිර්මාණය කරගන්න.ඒ වගේම ඒ bot එක ඉතාමත්ම ලේසියෙන් train කරන්නේ කොහොමද කියලත් ඊයේ සමුළුවේදී හෙළි කළා.

    වැඩි විස්තර මෙතනින්

    මෙතනින් ගිහිල්ලා ඔයාලටත් ඕන නම් ඔයාලගේම bot එකක් හදාගන්න පුළුවන්. :shocked: :shocked:

    එහෙම හදපු bot එකක් තමයි caption bot කියන්නේ.අපි bot එකට මොකක් හරි image එකක් දුන්නම Bot එකෙන් එක analyze කරලා ඒ ගැන පොඩි විස්තරයක් දෙනවා.

    LyocGry.png

    මෙතනින් ගිහින් ඔයාලත් try කරලා බලන්න. :yes: :yes:

    එත් එක්කම cortana වත් වැඩි දියුණු කරලා තියෙනවා.ගොඩක් බුද්ධිමත් විදිහට user ට assist කරන්න cortana ට දැන් පුළුවන්.ඒ වගේම දැන් cortana දැන් android සහ ios වෙතත් නිකුත් කරලා තියෙනවා. :cool: :cool:

    ඒ වගේම විවිධ bot වලට cortana එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා වැඩ කරන්නත් පුළුවන්.ඒ කියන්නේ අපි skype call එකක ඉන්න ගමන් චැට් එකෙන් hotel එකක් book කරන්න උනත් පුළුවන්.cortana,hotel එකේ bot එකත් එක්ක සම්බන්ධ වෙලා ඔක්කොම වැඩ ටික කරලා දෙනවා.අපිට තියෙන්නේ cofirm කරන්න විතරයි. :shocked: :shocked:

    _89006312_build2016-08.jpg


    HoloLens for developers :cool: :cool:

    දැනට වසරකට පමණ පෙර එලියට ආව HoloLens එක ගැනත් මේ සමුළුවේදී කතා කරා.HoloLens එක developers ල වෙනුවෙන් ship කිරීම ඊයේ ආරම්භ කළා.ඒ වගේම HoloLens පාවිච්චි කරලා මොනවද කරන්න පුළුවන් කියලත් ඊයේ සමුලුවෙදී ඉදිරිපත් කළා.

    _89010550_build2016-04.jpg

    මේ HoloLens පාවිච්චි කරලා medical students ල ඉගෙන ගන්න හැටි. :yes: :yes:

    ඔයවගේ තවත් ගොඩක් දේවල් ඊයේ සමුළුවේදී කතා කරා.

    හරි.ඊයේ එක දැන් ඉවරයි නේ. :sorry: :sorry:
    අද දවසෙත් මේ සමුළුව පැවැත්වෙනවා.මේ සමුළුවට සහබාගී වෙන්න බැරි අය වෙනුවෙන් channel9 එකෙන් Live stream කරනවා.ශ්‍රී ලංකාවේ වේලාවෙන් රෑ 9.00 ට තමයි පටන් ගන්නේ. :) :)


    • ඔයාලත් බලන්න කැමති නම් මෙතනින් ගිහින් Live බලන්න පුළුවන්.

    ඊයේ සමුළුවේ පටිගත කරපු videos උනත් බලාගන්න පුළුවන්.අලුත් technology ගැන එහෙම දැන ගන්න ආසයි නම් උඩ තියෙන link එකෙන් ගිහින් #build2016 බලන්න.sci-fi මූවි එකක් බැලුව වගේ තමයි. :lol: :lol:

    මේ video එකත් බලන්නකෝ... ;) ;)


    එහෙනම් අපි ගියා.

    #build2016

     
    Last edited:
    • Like
    Reactions: ravindaj