Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Business වලින් ගොඩ යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Business වලින් ගොඩ යන්න

අලුතෙන් සිතන්න සුළුවෙන් අරඹන්න

බොහෝ අය සිතන්නේ ව්යාපාර ආරම්භ කිරීමට නම් විශාල මුදලක් අවශ්ය බවයි. කොපමණ මුදලක් අවශ්ය වුවත් එම අරමුදල් උපායශීලීව සපයා ගැනීමට ඔබ සමත් විය යුතු ය. ඒ සඳහා ඔබ කළයුත්තේ නව ආකාරයකින් ව්යාපාර කටයුත්ත කරන්නේ කෙසේද යන්න සිතා බලා ගැටලු මතුවිය හැකි තැන් පවතී නම් ඒ සඳහා අවශ්ය හොඳම පිළිතුර කුමක්ද යන්න ඔබ විසින් ම තීරණය කිරීමයි.

සුළු ව්යාපාර පවත්වාගෙන යන ඔබ එම ව්යාපාරය දිනෙන් දින දියුණු කරගැනීමට කළ යුත්තේ කුමක්ද? අලුතෙන් ව්යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින ඔබ එයට පළමු පියවර තබන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

බොහෝ ව්යාපාරිකයෝ තම ව්යාපාර ආරම්භකර පවත්වාගෙන යාමේදී විවිධ ගැටළුවලට මුහුණදෙති. ඇතැම්හු ව්යාපාරයක් ආරම්භ කිරීමට දැඩි ආශාවක් උනන්දුවක් තිබුණ ද ව්යාපාර ආරම්භ කිරීමට ඇති බිය නිසා ව්යාපාර ආරම්භ නොකරති. එයට ප්රධාන හේතුව අවදානමකට මුහුණදීමට ඇති බියයි.

කැමැත්ත

පළමුව ඔබට ව්යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තක් තිබිය යුතු ය. ඉන්පසු ඔබ විසින් ආරම්භ කරන ව්යාපාරය පිළිබඳව පැහැදිලි තීරණයකට එළැඹිය යුතු ය. මෙහිදී ඔබ සතු කුසලතා සහ කැමැත්ත යනාදිය ද සැලකිල්ලට ගත යුතු ය. එම කැමැත්ත දක්ෂතා සහ අත්දැකීම් උපරිම වශයෙන් යොදාගත හැකි ව්යාපාරික කටයුත්තක් සඳහා අවධානය යොමු කළහොත් එහි ඇති වැදගත්කම වන්නේ ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු නොවීමයි. උදාහරණයක් ලෙස ඔබට ඉදල් නිෂ්පාදනය පිළිබඳ අවබෝධයක් තිබේ නම් මූලික වශයෙන් ඔබ අවධානය යොමු කළ යුත්තේ ඉදල් නිෂ්පාදනය කිරීම කෙරෙහි ය. ක්රම ක්රමයෙන් ව්යාපාරය පුළුල් කරන විට අමතර සේවකයින් ද බඳවා ගැනීමට ඔබට හැකිවේ. මෙහිදී අවධානය යොමු කළයුතු අනෙක් කරුණ වන්නේ ඔබ තීරණය කළ නිෂ්පාදන කටයුත්තට ඇති වෙළෙඳපොළ ඉල්ලුමය. කිසිවිටෙකත් වෙළෙඳපොෙළහි ඉල්ලුමක් නොමැති නිෂ්පාදනයක් සිදු කළහොත් සිදු වන්නේ ව්යාපාරය ආරම්භ කළ විගසම වසා දැමීමට සිදුවීමයි.

බොහෝ ව්යාපාරිකයින් ගේ ව්යාපාර අසාර්ථක වීමට හේතුව වන්නේ වෙළෙඳ පොළ සමීක්ෂණයක් සිදු නොකර ව්යාපාර ආරම්භ කිරීමයි. තමාගේ කැමැත්ත, දක්ෂතාවය, පමණක් ම නොව වෙළෙඳ පොළ තුළ අපට තිබෙන ව්යාපාරික අවස්ථා මොනවාද යන්න පිළිබඳවද ඔබට මනා අවබෝධයක් තිබිය යුතු ය. ඒ සඳහා ඔබ කළ යුත්තේ වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාගේ හැසිරීම නිරීක්ෂණය කිරීමයි. එනම් ඔවුන් මිලදී ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩය වෙළෙඳපොළ තුළ නොමැති නම් ඒ සඳහා පාරිභෝගිකයා තෝරා ගනු ලබන විකල්ප භාණ්ඩය කුමක්ද? එම විකල්ප භාණ්ඩය පිළිබඳ පාරිභෝගිකයා 100% තෘප්තිමත්ද? එසේ තෘප්තිමත් නොවන්නේ නම් එතැන ඔබට හොඳ ව්යාපාරික අවස්ථාවක් ඇත.

ඉල්ලුම

එහිදී පාරිභෝගිකයා අපේක්ෂා කරන භාණ්ඩය ඔබට නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි ය. මෙහිදී එය නිෂ්පාදනය කරන්නේ කෙසේද එය වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්නේ කෙසේද? සහ නිෂ්පාදනය කටයුත්ත ආරම්භ කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරන්නේ කෙසේද? යනාදී ගැටලු රාශියකට මුහුණ දෙන්නට සිදුවේ.

මෙහිදී ඔබ කළයුත්තේ ව්යාපාරික සැලසුමක් පිළියෙළ කිරීමයි. එම සැලසුම තුළ ඔබ නිපදවන භාණ්ඩය කුමක්ද? එය නිෂ්පාදනය කිරීමට අවශ්ය ගුණාත්මක අමුද්රව්ය ලබාගන්නේ කෙසේද? අමුද්රව්යවල මිල ගණන් කෙසේද යනාදී කරුණු පමණක් නොව නිෂ්පාදන කටයුතු සිදු කළ පසු අලෙවි කටයුතු සඳහා ගනුලබන ක්රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. මෙහිදී ප්රචාරක කටයුතු සිදු කරන ආකාරය ඔබ එය නිපදවනු ලබන තත්ත්වය මත තීරණය වේ.

වෙළෙඳපොළ සමීක්ෂණ

නිෂ්පාදනය සඳහා අවශ්ය අමුද්රව්ය ලබා ගැනීමේදී අමුද්රව්ය සැපයුම් කරුවන් පිළිබඳ තොරතුරු සොයා බලා ඔවුන් සමඟ ඒවායේ ගුණත්වය, ණය පදනම මත ලබාගත හැකි ද වට්ටම් ලබාගත හැකි ද යන්න සොයා බැලිය යුතු ය. බොහෝ විට ඔබට අරමුදල් පිළිබඳ ගැටලුවක් පවතී නම් ණය පදනම මත එම යන්ත්රෝපකරණ ලබා ගැනීමට සාකච්ඡා කරගැනීම තුළින් මූලිකව ආයෝජනය කළ යුතු ලබන අරමුදල් ප්රමාණය තවත් අඩු කරගත හැකි ය.

දැන් ඔබට අවශ්ය අමුද්රව්ය සහ නිෂ්පාදන කටයුත්ත සඳහා අවශ්යම උපකරණ ද ඇත. දැන් ඔබට මෙම ව්යාපාර කටයුත්ත ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් තිබූ බිය තවමත් තිබෙනවාදැයි ඔබම සිතා බලන්න. නැත. බොහෝ අය සිතන්නේ ව්යාපාර ආරම්භ කිරීමට නම් විශාල මුදලක් අවශ්ය බවයි. නමුත් කොපමණ මුදලක් අවශ්ය වුවත් එම අරමුදල් උපායශීලීව සපයා ගැනීමට ඔබ සමත් විය යුතු ය. ඒ සඳහා ඔබ කළයුත්තේ නව ආකාරයකින් ව්යාපාර කටයුත්ත කරන්නේ කෙසේද යන්න සිතා බලා ගැටලු මතුවිය හැකිතැන් පවතී නම් ඒ සඳහා අවශ්ය හොඳම පිළිතුර කුමක්ද යන්න ඔබ විසින් ම තීරණය කිරීමයි.

ව්යාපාරික සැලැස්ම

දැන් ඔබට ඔබගේ ව්යාපාර කටයුත්ත ආරම්භ කිරීමට නියමිත සැලසුමක් ඇත. ඒ සඳහා අවශ්ය අමුද්රව්ය ද අවශ්ය උපකරණ ද ඔබ සතුව ඇත. එය අලෙවි කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔබ තුළ අවබෝධයක් ඇත. දැන් ඔබට ව්යාපාරය ආරම්භ කළ හැකි ය. වෙළෙඳපොළ තුළ දිගටම රැඳිය හැකි මිලක් ඔබ විසින් තීරණය කළ කළ යුතු වේ. මෙහිදී ඔබට දැරීමට සිදුවූ පිරිවැය හා ඔබ විසින් අපේක්ෂිත ලාභය ද සැලකිල්ලට ගෙන භාණ්ඩයේ මිල ලකුණු කළ යුතු වේ.

වට්ටම් ක්රමයක්

අලෙවි උපායමාර්ගයක් ලෙස එකවර වැඩිපුර සංඛ්යාවක් මිලට ගන්නා පාරිභෝගිකයකුට විශේෂ වට්ටම් ක්රමයක් ඔබට හඳුන්වා දිය හැකි ය. එහිදී ඔබට තනි පරිභෝගිකයින් කිහිප දෙනෙකුට භාණ්ඩය අලෙවි කිරීමට යන කාලය, පිරිවැය, ඉතිරිවන නිසා මිල අඩුකර වැඩි ඒකක ප්රමාණයක් මිලට ගන්නා පාරිභෝගිකයාට වට්ටමක් ලබාදීමෙන් ඔබට ද එකවර වැඩි ඒකක ප්රමාණයක් අලෙවි කරගැනීමටත් පාරිභෝගිකයාට ද ඉහළ තෘප්තියක් ලබාගැනීමටත් හැකිවේ. එම පාරිභෝගිකයා දිගින් දිගටම ඔබ සතුව තබාගැනීමට නම් වට්ටම් කාඩ්පතක් මුද්රණය කර තම වට්ටම් කාඩ්පත පාරිභෝගිකයාට ලබාදිය හැකි ය. එම කාඩ්පත ඉදිරිපත් කරන ඕනෑම පාරිභෝගිකයකුට කිසියම් මුදලක් ලකුණු කළ මිලෙන් අඩුකර භාණ්ඩය ලබාදිය හැකි ය. මෙවැනි නව අලෙවි උපක්රම භාවිතා කිරීම තුළින් ඔබගේ භාණ්ඩය පාරිභෝගිකයා අතර වඩාත් ජනප්රිය කළ හැකිය. දිනෙන් දින ඉල්ලුම වැඩිවන්නේ නම් එකවර අමුද්රව්ය විශාල ප්රමාණයක් සැපයුම් කරුවන්ගෙන් ලබාගත හැකි ය. එහිදී විශේෂ වට්ටමක් ලබා ගැනීමට ඔබට හැකිවේ. එසේ ලබාගන්නා වට්ටමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමෙන් කලින් ඔබ විසින් ම ඔබගේ ලාභයෙන් කොටසක් වට්ටම් ලෙස ලබාදීම වලක්වා ගත හැකි ය. දැන් ඔබට පෙරට වඩා වැඩි අලෙවියක් ද වැඩි ලාභයක් ද ලබාගත හැකි ය. නිරන්තරයෙන් ම ව්යාපාරය දියුණු කර ගැනීමට අලුත් අලුත් ක්රියාමාර්ග ගැන සිතිය යුතු ය. බොහෝ ව්යාපාරිකයින් ව්යාපාර දිනෙන් දින දියුණු නොවී එකතැන වසර ගණනාවක් ම රැඳී සිටීමට ප්රධානතම කරුණ වන්නේ ඔවුන් නව ක්රියාමාර්ග ගැන නොසිතීම වේ. ඔබ සැමවිටම නව ක්රියාමාර්ග, නව අදහස් ක්රියාවට නැංවීමට අදිටන් කරගත යුතු ය.ඔබගේ ව්යාපාරය ලියා පදිංචි කිරීම ද කඩිනමින් සිදු කිරීම තුළින් ඔබට ණය පහසුකම් ලබාගැනීමට පහසුවේ. ඔබගේ නගරයට අලුත් තනි පුද්ගල ව්යාපාරයක් නිසා ග්රාම නිලධාරි වසමට අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ ආකෘති පත්ර පුරවා භාරදීමෙන් ව්යාපාරය ලියාපදිංචි කරගත හැකි ය. එහිදී ඔබට ලැබෙන ලියාපදිංචි සහතිකය ව්යාපාරික ස්ථානයේ පහසුවෙන් ප්රදර්ශනය වන පරිදි එල්ලා තිබිය යුතු ය.

ව්යාපාර ලියාපදිංචිය

අනෙක් කරුණ වන්නේ දෛනිකව ඔබට එකතුවන මුදල් මනා පාලනයකින් යුතුව පරිහරණය කිරීමයි. කිසිදු විටෙක ව්යාපාරය සතු මුදල් ඔබගේ පුද්ගලික පරිහරණයට නොගත යුතු වේ. බොහෝ ව්යාපාරිකයින් ව්යාපාරයේ මුදල් පෞද්ගලික පරිහරණයට ගැනීම තුළින් ව්යාපාරය කරගෙන යාමට අවශ්ය කරන ප්රාග්ධනය නොමැති වීම මත ව්යාපාරය වසා දමා ඇති අවස්ථා ඕනෑතරම් අසන්නට ඇත. එහෙයින් ඔබ හදිසි අවශ්යතාවයත් මත ව්යාපාරයෙන් මුදලක් ලබාගත්ත ද එය සටහන් කර තබා නැවත එය ව්යාපාරයට යෙදිය යුතු ය.

අය වැය වාර්තා

ඊට අමතරව ව්යාපාරයේ ආදායම් වියදම් පිළිබඳ නිවැරැදි වාර්තා තබා ගත යුතු අතර ජංගම ගිනුමක් විවෘත කර දෛනිකව එක් රැස් වන මුදල් එම ගිණුමේ තැන්පත් කිරීම තුළින් ඔබට ගනුදෙනු කිරීමේදී ඉතාමත් පහසුවේ. එවිට සියයට ගෙවීම් චෙක්පත් මඟින් සිදු කිරීමටත් ඔබට අවස්ථාව ලැබේ. අතිරික්ත මුදල් ළඟ තබා ගැනීමේ අවදානම ද අඩු කරගත හැකි ය. ජංගම ගිනුමක් තිබීමෙන් අත්වන අමතර වාසිය වන්නේ හදිසි අවශ්යතාවයකදී කෙටිකාලීන ණයක් වුව ද ලබාගැනීමට හැකියාවක් ලැබීමයි. මෙලෙස නිතර නිතර ජංගම ගිණුම හරහා ගනුදෙනු සිදුකිරීම තුළින් බැංකුව ද ඔබ කෙරෙහි අවධානයක් යොමු කරයි. පසුකාලීනව ව්යාපාරය පුළුල් කිරීමට ඔබට අවශ්යතාවයක් පැන නැගුණහොත් කිසිදු පැකිලීමකින් තොරව අවශ්ය ණය මුදල ලබාගැනීමට බැංකු කළමනාකරු සමඟ සාකච්ඡා කර ලබාගත හැකි ය.

මෙම පියවර නිසි ආකාරයෙන් අනුගමනය කළහොත් නිසැකවම ඔබගේ සුළු ව්යාපාරය සුළු ව්යාපාරයක් ලෙස ඔබ පවත්වාගෙන යනු ලබන්නේ ඉතාමත් කෙටිකාලයකි. එය ඉතාමත් ඉක්මනින් ම මහා පරිමාණ ව්යාපාරයක් දක්වා පුළුල් කරගත හැකි ය. ඒ සිහිනය විධිමත් වැඩපිළිවෙලක් අනුව නව ආකාරයට සිතා බලා නිවැරැදි ව්යාපාරික තීරණ ගැනීම තුළින් සැබෑ කර ගත හැකි ය.

Source:

[QUOTE="Kolama, post: 24239357, member: 125149"] [b]Business වලින් ගොඩ යන්න[/b] [SIZE="4"][COLOR="Purple"][SIZE="4"][B]අලුතෙන් සිතන්න සුළුවෙන් අරඹන්න[/B] බොහෝ අය සිතන්නේ ව්යාපාර ආරම්භ කිරීමට නම් විශාල මුදලක් අවශ්ය බවයි. කොපමණ මුදලක් අවශ්ය වුවත් එම අරමුදල් උපායශීලීව සපයා ගැනීමට ඔබ සමත් විය යුතු ය. ඒ සඳහා ඔබ කළයුත්තේ නව ආකාරයකින් ව්යාපාර කටයුත්ත කරන්නේ කෙසේද යන්න සිතා බලා ගැටලු මතුවිය හැකි තැන් පවතී නම් ඒ සඳහා අවශ්ය හොඳම පිළිතුර කුමක්ද යන්න ඔබ විසින් ම තීරණය කිරීමයි. සුළු ව්යාපාර පවත්වාගෙන යන ඔබ එම ව්යාපාරය දිනෙන් දින දියුණු කරගැනීමට කළ යුත්තේ කුමක්ද? අලුතෙන් ව්යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින ඔබ එයට පළමු පියවර තබන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කරමු. බොහෝ ව්යාපාරිකයෝ තම ව්යාපාර ආරම්භකර පවත්වාගෙන යාමේදී විවිධ ගැටළුවලට මුහුණදෙති. ඇතැම්හු ව්යාපාරයක් ආරම්භ කිරීමට දැඩි ආශාවක් උනන්දුවක් තිබුණ ද ව්යාපාර ආරම්භ කිරීමට ඇති බිය නිසා ව්යාපාර ආරම්භ නොකරති. එයට ප්රධාන හේතුව අවදානමකට මුහුණදීමට ඇති බියයි. [B]කැමැත්ත[/B] පළමුව ඔබට ව්යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තක් තිබිය යුතු ය. ඉන්පසු ඔබ විසින් ආරම්භ කරන ව්යාපාරය පිළිබඳව පැහැදිලි තීරණයකට එළැඹිය යුතු ය. මෙහිදී ඔබ සතු කුසලතා සහ කැමැත්ත යනාදිය ද සැලකිල්ලට ගත යුතු ය. එම කැමැත්ත දක්ෂතා සහ අත්දැකීම් උපරිම වශයෙන් යොදාගත හැකි ව්යාපාරික කටයුත්තක් සඳහා අවධානය යොමු කළහොත් එහි ඇති වැදගත්කම වන්නේ ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු නොවීමයි. උදාහරණයක් ලෙස ඔබට ඉදල් නිෂ්පාදනය පිළිබඳ අවබෝධයක් තිබේ නම් මූලික වශයෙන් ඔබ අවධානය යොමු කළ යුත්තේ ඉදල් නිෂ්පාදනය කිරීම කෙරෙහි ය. ක්රම ක්රමයෙන් ව්යාපාරය පුළුල් කරන විට අමතර සේවකයින් ද බඳවා ගැනීමට ඔබට හැකිවේ. මෙහිදී අවධානය යොමු කළයුතු අනෙක් කරුණ වන්නේ ඔබ තීරණය කළ නිෂ්පාදන කටයුත්තට ඇති වෙළෙඳපොළ ඉල්ලුමය. කිසිවිටෙකත් වෙළෙඳපොෙළහි ඉල්ලුමක් නොමැති නිෂ්පාදනයක් සිදු කළහොත් සිදු වන්නේ ව්යාපාරය ආරම්භ කළ විගසම වසා දැමීමට සිදුවීමයි. බොහෝ ව්යාපාරිකයින් ගේ ව්යාපාර අසාර්ථක වීමට හේතුව වන්නේ වෙළෙඳ පොළ සමීක්ෂණයක් සිදු නොකර ව්යාපාර ආරම්භ කිරීමයි. තමාගේ කැමැත්ත, දක්ෂතාවය, පමණක් ම නොව වෙළෙඳ පොළ තුළ අපට තිබෙන ව්යාපාරික අවස්ථා මොනවාද යන්න පිළිබඳවද ඔබට මනා අවබෝධයක් තිබිය යුතු ය. ඒ සඳහා ඔබ කළ යුත්තේ වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාගේ හැසිරීම නිරීක්ෂණය කිරීමයි. එනම් ඔවුන් මිලදී ගැනීමට අපේක්ෂා කරන භාණ්ඩය වෙළෙඳපොළ තුළ නොමැති නම් ඒ සඳහා පාරිභෝගිකයා තෝරා ගනු ලබන විකල්ප භාණ්ඩය කුමක්ද? එම විකල්ප භාණ්ඩය පිළිබඳ පාරිභෝගිකයා 100% තෘප්තිමත්ද? එසේ තෘප්තිමත් නොවන්නේ නම් එතැන ඔබට හොඳ ව්යාපාරික අවස්ථාවක් ඇත. [B]ඉල්ලුම[/B] එහිදී පාරිභෝගිකයා අපේක්ෂා කරන භාණ්ඩය ඔබට නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි ය. මෙහිදී එය නිෂ්පාදනය කරන්නේ කෙසේද එය වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්නේ කෙසේද? සහ නිෂ්පාදනය කටයුත්ත ආරම්භ කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරන්නේ කෙසේද? යනාදී ගැටලු රාශියකට මුහුණ දෙන්නට සිදුවේ. මෙහිදී ඔබ කළයුත්තේ ව්යාපාරික සැලසුමක් පිළියෙළ කිරීමයි. එම සැලසුම තුළ ඔබ නිපදවන භාණ්ඩය කුමක්ද? එය නිෂ්පාදනය කිරීමට අවශ්ය ගුණාත්මක අමුද්රව්ය ලබාගන්නේ කෙසේද? අමුද්රව්යවල මිල ගණන් කෙසේද යනාදී කරුණු පමණක් නොව නිෂ්පාදන කටයුතු සිදු කළ පසු අලෙවි කටයුතු සඳහා ගනුලබන ක්රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. මෙහිදී ප්රචාරක කටයුතු සිදු කරන ආකාරය ඔබ එය නිපදවනු ලබන තත්ත්වය මත තීරණය වේ. [B]වෙළෙඳපොළ සමීක්ෂණ[/B] නිෂ්පාදනය සඳහා අවශ්ය අමුද්රව්ය ලබා ගැනීමේදී අමුද්රව්ය සැපයුම් කරුවන් පිළිබඳ තොරතුරු සොයා බලා ඔවුන් සමඟ ඒවායේ ගුණත්වය, ණය පදනම මත ලබාගත හැකි ද වට්ටම් ලබාගත හැකි ද යන්න සොයා බැලිය යුතු ය. බොහෝ විට ඔබට අරමුදල් පිළිබඳ ගැටලුවක් පවතී නම් ණය පදනම මත එම යන්ත්රෝපකරණ ලබා ගැනීමට සාකච්ඡා කරගැනීම තුළින් මූලිකව ආයෝජනය කළ යුතු ලබන අරමුදල් ප්රමාණය තවත් අඩු කරගත හැකි ය. දැන් ඔබට අවශ්ය අමුද්රව්ය සහ නිෂ්පාදන කටයුත්ත සඳහා අවශ්යම උපකරණ ද ඇත. දැන් ඔබට මෙම ව්යාපාර කටයුත්ත ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් තිබූ බිය තවමත් තිබෙනවාදැයි ඔබම සිතා බලන්න. නැත. බොහෝ අය සිතන්නේ ව්යාපාර ආරම්භ කිරීමට නම් විශාල මුදලක් අවශ්ය බවයි. නමුත් කොපමණ මුදලක් අවශ්ය වුවත් එම අරමුදල් උපායශීලීව සපයා ගැනීමට ඔබ සමත් විය යුතු ය. ඒ සඳහා ඔබ කළයුත්තේ නව ආකාරයකින් ව්යාපාර කටයුත්ත කරන්නේ කෙසේද යන්න සිතා බලා ගැටලු මතුවිය හැකිතැන් පවතී නම් ඒ සඳහා අවශ්ය හොඳම පිළිතුර කුමක්ද යන්න ඔබ විසින් ම තීරණය කිරීමයි. [B]ව්යාපාරික සැලැස්ම[/B] දැන් ඔබට ඔබගේ ව්යාපාර කටයුත්ත ආරම්භ කිරීමට නියමිත සැලසුමක් ඇත. ඒ සඳහා අවශ්ය අමුද්රව්ය ද අවශ්ය උපකරණ ද ඔබ සතුව ඇත. එය අලෙවි කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔබ තුළ අවබෝධයක් ඇත. දැන් ඔබට ව්යාපාරය ආරම්භ කළ හැකි ය. වෙළෙඳපොළ තුළ දිගටම රැඳිය හැකි මිලක් ඔබ විසින් තීරණය කළ කළ යුතු වේ. මෙහිදී ඔබට දැරීමට සිදුවූ පිරිවැය හා ඔබ විසින් අපේක්ෂිත ලාභය ද සැලකිල්ලට ගෙන භාණ්ඩයේ මිල ලකුණු කළ යුතු වේ. [B]වට්ටම් ක්රමයක්[/B] අලෙවි උපායමාර්ගයක් ලෙස එකවර වැඩිපුර සංඛ්යාවක් මිලට ගන්නා පාරිභෝගිකයකුට විශේෂ වට්ටම් ක්රමයක් ඔබට හඳුන්වා දිය හැකි ය. එහිදී ඔබට තනි පරිභෝගිකයින් කිහිප දෙනෙකුට භාණ්ඩය අලෙවි කිරීමට යන කාලය, පිරිවැය, ඉතිරිවන නිසා මිල අඩුකර වැඩි ඒකක ප්රමාණයක් මිලට ගන්නා පාරිභෝගිකයාට වට්ටමක් ලබාදීමෙන් ඔබට ද එකවර වැඩි ඒකක ප්රමාණයක් අලෙවි කරගැනීමටත් පාරිභෝගිකයාට ද ඉහළ තෘප්තියක් ලබාගැනීමටත් හැකිවේ. එම පාරිභෝගිකයා දිගින් දිගටම ඔබ සතුව තබාගැනීමට නම් වට්ටම් කාඩ්පතක් මුද්රණය කර තම වට්ටම් කාඩ්පත පාරිභෝගිකයාට ලබාදිය හැකි ය. එම කාඩ්පත ඉදිරිපත් කරන ඕනෑම පාරිභෝගිකයකුට කිසියම් මුදලක් ලකුණු කළ මිලෙන් අඩුකර භාණ්ඩය ලබාදිය හැකි ය. මෙවැනි නව අලෙවි උපක්රම භාවිතා කිරීම තුළින් ඔබගේ භාණ්ඩය පාරිභෝගිකයා අතර වඩාත් ජනප්රිය කළ හැකිය. දිනෙන් දින ඉල්ලුම වැඩිවන්නේ නම් එකවර අමුද්රව්ය විශාල ප්රමාණයක් සැපයුම් කරුවන්ගෙන් ලබාගත හැකි ය. එහිදී විශේෂ වට්ටමක් ලබා ගැනීමට ඔබට හැකිවේ. එසේ ලබාගන්නා වට්ටමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමෙන් කලින් ඔබ විසින් ම ඔබගේ ලාභයෙන් කොටසක් වට්ටම් ලෙස ලබාදීම වලක්වා ගත හැකි ය. දැන් ඔබට පෙරට වඩා වැඩි අලෙවියක් ද වැඩි ලාභයක් ද ලබාගත හැකි ය. නිරන්තරයෙන් ම ව්යාපාරය දියුණු කර ගැනීමට අලුත් අලුත් ක්රියාමාර්ග ගැන සිතිය යුතු ය. බොහෝ ව්යාපාරිකයින් ව්යාපාර දිනෙන් දින දියුණු නොවී එකතැන වසර ගණනාවක් ම රැඳී සිටීමට ප්රධානතම කරුණ වන්නේ ඔවුන් නව ක්රියාමාර්ග ගැන නොසිතීම වේ. ඔබ සැමවිටම නව ක්රියාමාර්ග, නව අදහස් ක්රියාවට නැංවීමට අදිටන් කරගත යුතු ය.ඔබගේ ව්යාපාරය ලියා පදිංචි කිරීම ද කඩිනමින් සිදු කිරීම තුළින් ඔබට ණය පහසුකම් ලබාගැනීමට පහසුවේ. ඔබගේ නගරයට අලුත් තනි පුද්ගල ව්යාපාරයක් නිසා ග්රාම නිලධාරි වසමට අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ ආකෘති පත්ර පුරවා භාරදීමෙන් ව්යාපාරය ලියාපදිංචි කරගත හැකි ය. එහිදී ඔබට ලැබෙන ලියාපදිංචි සහතිකය ව්යාපාරික ස්ථානයේ පහසුවෙන් ප්රදර්ශනය වන පරිදි එල්ලා තිබිය යුතු ය. [B]ව්යාපාර ලියාපදිංචිය[/B] අනෙක් කරුණ වන්නේ දෛනිකව ඔබට එකතුවන මුදල් මනා පාලනයකින් යුතුව පරිහරණය කිරීමයි. කිසිදු විටෙක ව්යාපාරය සතු මුදල් ඔබගේ පුද්ගලික පරිහරණයට නොගත යුතු වේ. බොහෝ ව්යාපාරිකයින් ව්යාපාරයේ මුදල් පෞද්ගලික පරිහරණයට ගැනීම තුළින් ව්යාපාරය කරගෙන යාමට අවශ්ය කරන ප්රාග්ධනය නොමැති වීම මත ව්යාපාරය වසා දමා ඇති අවස්ථා ඕනෑතරම් අසන්නට ඇත. එහෙයින් ඔබ හදිසි අවශ්යතාවයත් මත ව්යාපාරයෙන් මුදලක් ලබාගත්ත ද එය සටහන් කර තබා නැවත එය ව්යාපාරයට යෙදිය යුතු ය. [B]අය වැය වාර්තා[/B] ඊට අමතරව ව්යාපාරයේ ආදායම් වියදම් පිළිබඳ නිවැරැදි වාර්තා තබා ගත යුතු අතර ජංගම ගිනුමක් විවෘත කර දෛනිකව එක් රැස් වන මුදල් එම ගිණුමේ තැන්පත් කිරීම තුළින් ඔබට ගනුදෙනු කිරීමේදී ඉතාමත් පහසුවේ. එවිට සියයට ගෙවීම් චෙක්පත් මඟින් සිදු කිරීමටත් ඔබට අවස්ථාව ලැබේ. අතිරික්ත මුදල් ළඟ තබා ගැනීමේ අවදානම ද අඩු කරගත හැකි ය. ජංගම ගිනුමක් තිබීමෙන් අත්වන අමතර වාසිය වන්නේ හදිසි අවශ්යතාවයකදී කෙටිකාලීන ණයක් වුව ද ලබාගැනීමට හැකියාවක් ලැබීමයි. මෙලෙස නිතර නිතර ජංගම ගිණුම හරහා ගනුදෙනු සිදුකිරීම තුළින් බැංකුව ද ඔබ කෙරෙහි අවධානයක් යොමු කරයි. පසුකාලීනව ව්යාපාරය පුළුල් කිරීමට ඔබට අවශ්යතාවයක් පැන නැගුණහොත් කිසිදු පැකිලීමකින් තොරව අවශ්ය ණය මුදල ලබාගැනීමට බැංකු කළමනාකරු සමඟ සාකච්ඡා කර ලබාගත හැකි ය. මෙම පියවර නිසි ආකාරයෙන් අනුගමනය කළහොත් නිසැකවම ඔබගේ සුළු ව්යාපාරය සුළු ව්යාපාරයක් ලෙස ඔබ පවත්වාගෙන යනු ලබන්නේ ඉතාමත් කෙටිකාලයකි. එය ඉතාමත් ඉක්මනින් ම මහා පරිමාණ ව්යාපාරයක් දක්වා පුළුල් කරගත හැකි ය. ඒ සිහිනය විධිමත් වැඩපිළිවෙලක් අනුව නව ආකාරයට සිතා බලා නිවැරැදි ව්යාපාරික තීරණ ගැනීම තුළින් සැබෑ කර ගත හැකි ය.[/SIZE][/COLOR][/SIZE] [B]Source[/B]: [IMG]http://www.silumina.lk/sites/default/files/u90/business-1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom