Cabinet Ministers ලා_දැන්_47යි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කැබිනට් අමාත්‍ය ධුර 47 දක්වා ඉහළට


    නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු සඳුදා (මැයි 22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ.

    බලාපොරොත්තු වූ පරිදි මුදල්, විදේශ හා වරාය යන ප්‍රධාන අමාත්‍යාංශවල වෙනස්කම් සිදු වූ අතර තවත් අමාත්‍යවරුන් පිරිසකට දැනට ලබා දී තිබෙන විෂයයන්ට අමතරව තවත් විෂයයන් එක් කර තිබේ.
    නව අමාත්‍යවරයෙක් ලෙස කැබිනට් මණ්ඩලයට එක්වන්නේ හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන පමණි. මින් පෙර නීතිය හා සාමය අමාත්‍ය පදවිය දැරූ ඔහු එම තනතුරින් ඉල්ලා අස්වූයේ ඇවන්ගාඩ් සමාගමට සහාය පළකර පාර්ලිමේන්තුවේ අදහස් දැක් වූ බවට චෝදනා එල්ලවීමත් සමගය.

    නීතිඥ තිලක් මාරපන යළිත් කැබිනට් මණ්ඩලයට එක්වීමත් සමග සම්පූර්ණ කැබිනට් මණ්ඩලය 47 දක්වා ඉහළ යන අතර ඔහුට හිමිව තිබෙන්නේ සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශය නම් නව අමාත්‍යංශයකි.

    FOR MORE