Car වලින් ගමන් අඩු කරන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මෙරට ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම නොව මෙරට විදේශ විනිමය හිගය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

    මෙම තත්ත්වය මත විදේශ විනිමය තවදුරටත් ප්‍රවේශම් කරගැනීම සඳහා ඉන්ධන ඉතා අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

    එනම් පෞද්ගලික වාහන හැකි පමණ ගමන් වාර අඩු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    අද වන විට ශ්‍රී ලංකාවට ගබඩා කර තබා ගැනීමට නොව අදට උවමනා ඉන්ධන ටික මිලට ගැනීමටවත් විදේශ විනිමය නැතැයිද පැවසූ අමාත්‍යවරයා අද ගන්නා ඉන්ධන සඳහා මුදල් ගෙවන්නේ තවත් මාස 06 කින් හෝ 09කින් යැයිද සඳහන් කළේය.

    දැන් ප්‍රශ්නය වී ඇත්තේ අද වන විට මෙරට රුපියල් දී මිළට ගැනීමට වෙළඳපලේ ඩොලර් නැති වීම බෝ ද පැවසූ ඔහු මීට වඩා බොරතෙල් මිල ඉහළ ගිය අවස්ථාවල මෙවන් අර්බුදයක් ඇති නොවූ බවද ඒ මහතා කියා සිටියේය.

    සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    මාධ්‍යවේදියා: එතකොට ඇමතිතුමනි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වීමත් එක්ක තමයි ඔබතුමාලට තෙල් මිල වැඩි කරන්න සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමාලා කල්පනා කරන්නේ නැද්ද අපේ රටේ තෙල් සංචිත වැඩිපුර තියා ගත්තා නම් අඩු කාලේදී රැස් කරලා තිබුණොතින් වැඩි කාලේදී ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන් වේවි කියලා?

    උදය ගම්මන්පිල: හොඳ ප්‍රශ්නයක් ඇහුවේ.

    ඇත්ත කතන්දරේ, අපිට ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් සල්ලි නැහැ.

    තෙල් ගබඩා කරලා තියා ගන්න දෙකක් ඕනේ. එක ගබඩාව. දෙක සල්ලි. ගබඩා නම් කොහෙන් හරි හොයා ගන්න පුළුවන්. ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ටික ප්‍රතිසංස්කරණ කරලා හරි අපිට ගන්න පුළුවන්. අපි තෙල් ටැංකි 9ක් අලුතින් ඉදි කළා. මෙට්‍රික් ටොන් 87,000ක නව ටැංකි තියෙනවා.

    ඉඩ නෙමෙයි ප්‍රශ්නේ. තෙල් ගන්න සල්ලි නෑ. අදටත් අපි ගන්නේ, අද ගන්න තෙල්වලට අපි සල්ලි ගෙවන්නේ එක්කෝ මාස 6කින් නැත්නම් මාස 9කින්. තෙල් ටික විකිණෙනවා දවස් 3කින් විතර. හැබැයි අපි කල් දාලා තියෙන්නේ අර එකතු වෙච්ච මහා කෝටි සංඛ්‍යාත පාඩුව නිසා අපිට අපේ තෙල්වලට ගෙවා ගන්න විදියක් නැහැ.

    අපිට විතරක් නෙමෙයි. අපි කියමු තෙල් සංස්ථාවට නැත්නම් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ගත හැකි නේ. ලෝක වෙළෙඳපොළේ පල්ලෙහාට වැටිච්ච වෙලේ අරන් තියා ගන්න. හැබැයි භාණ්ඩාගාරයටත් සල්ලි නැහැ. ඉතින් කොහොම ද තෙල් ගබඩා කරලා තියාගන්නේ?

    ඉතින් ටැංකි නෑ, එක. ටැංකි තිබුණත් ගන්න සල්ලි නෑ.

    මාධ්‍යවේදියා: ඇමතිතුමනි ඒ වුණාට ජනතාව නම් කියන්නේ ජනතාව තෙල් ගන්නේ සල්ලිවලට කියලා?

    උදය ගම්මන්පිල: ඒක තමයි මං පැහැදිලි කළේ. ජනතාව ගන්නේ සල්ලිවලට වුණාට ජනතාවට දෙන්නේ, ගත්ත මිලට වඩා ගොඩක් අඩුවෙන්නේ. දැන් පේනවනේ ගත්ත මිලෙන් කොටස් මාරු කළාමත් තියෙන විරෝධය. එතකොට ජනතාව කියනවා අපි නම් ණයට තෙල් ගහල නෑ කියලා. දන්නේ නැති වුණාට, ඒ අය ණයට නෙමෙයි ගහලා තියෙන්නේ, සහන මිලට.

    හැබැයි එකක් කියනවා, මේ රටේ ජනතාව විදුලි බල මණ්ඩලයට වඩා හොඳයි. සහන මිලට දුන්න ම, අත්පිට මිලට ගන්නවා. විදුලි බල මණ්ඩලය සහන මිලට දුන්න ම, ඒක ගන්නෙත් ණයට.

    ”මම අමාත්‍යවරයෙක් ලෙසින් නොසිටිය කාලයක එනම් 2020 මාර්තු 30 වෙනි දා අමාත්‍ය මණ්ඩලය තීරණය කරනවා මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටවන්න. මෙවැනි අරමුදලක් පිහිටුවිය යුත්තේ තෙල් මිල පහළ වැටුණු අවස්ථාවක. ඒ අවස්ථාවේ අරමුදලට මුදල් රැස් කරලා තෙල් මිල වැඩිවන විට පාඩුව අරමුදලින් දරමින් මිල ස්ථාවරව පවත්වාගැනීම තමයි මිල ස්ථායිකරණ අරමුදලේ අරමුණ වෙන්නේ. නමුත් එම මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනවා කිව්වට, අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කලාට, එහෙම අරමුදලක් ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද මාර්තු මාසය වන විට අනපේක්ෂිතව මේ වසංගතය ඉදිරියට යාම නිසා ආණ්ඩුවට සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම නැති වුණා. විදේශ ආයෝජන නැතිවුණා. විදේශීය ශ්‍රමිකයන් විසින් එවන මුදල් ප්‍රේෂණ අහිමි වුණා. ඒ වගේම වාහන ආනයන මත දැවැන්ත බද්දක් ආණ්ඩුව විසින් ඉපෙයුවා. ආණ්ඩුවට එයද නැතිවුනා. අවසාන වශයෙන් ආනයන මත තියෙන බදු වලින් තෙල් මත තියෙන බදු මත රැදෙන්නට ආණ්ඩුවට සිදු වුණා.

    දිනකට විසි දහසක් පමණ පීසීආර් කළා. පිට රටින් පැමිණි 80 000 ක් පමණ නිරෝධායන මධ්‍යස්ථාන වලට ගියා. රුපියල් 5000 බැගින් දෙවරක්ම පවුල් ලක්ෂ පනස් දෙකකට ලබාදුන්නා. මේවාට අවශ්‍ය මුදල් ලබා ගත්තේ අර තෙල් මිල අඩුවීමෙන්. අනික් ආදායම් මාර්ග ඇහිරී තිබුණ නිසා මේ සුවිශේෂී තත්ත්වය නිසාම ස්ථායිකරණ අරමුදල ක්‍රියාත්මක වුණේ නෑ.

    2021 මාර්තු 15 වෙනිදා ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවීම සඳහා ලෝකයේ තිබෙන විවිධ මිල ස්ථායිකරණ අරමුදල් 28ක් අධ්‍යයනය කරලා ඒ පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් සකස් කරලා අප අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා ලංකාවට ගැලපෙන මිල ස්ථායිකරණ අරමුදල කුමක්ද කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියට එය යොමු කලත් ඉන්ධන මිල වැඩි වන වෙළඳපොලක මිල ස්ථායිකරණ අරමුදල ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. තෙල් මිල වැටෙන වෙලාවට තමයි ඒ ලාභය මේ අරමුදලට මාරුකරලා එම මිල ස්ථායිකරණ අරමුදල ක්‍රියාත්මක කළ හැක්කේ. ඒ නිසා ඉදිරියේ දී අප එම මිල ස්ථායිකරණ අරමුදල ක්‍රියාත්මක කරනවා”
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
    මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
    ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
    මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
    ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන්
    ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
    මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
    කොච්චර කිව්වත් නාකි මයිනටම කතිරෙ ගහනවනෙ අපේ එවුන්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
    මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
    කොච්චර කිව්වත් නාකි මයිනටම කතිරෙ ගහනවනෙ අපේ එවුන්
    තරුන කුරුල්ලා කවුද ඔයා දන්න .. නම කොටාගෙන යමුකෝ බලන්න
     
    • Like
    Reactions: DiazHub

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,255
    113
    ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
    මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
    ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන

    ගොඩ ඒමක් නෑ පුතේ උබ තාම හිතන් ඉන්නෙ මිනිස්සු හෙන කැමැත්තෙන් පාරට වෙලා ඉන්නව කියල නේද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ගොඩ ඒමක් නෑ පුතේ උබ තාම හිතන් ඉන්නෙ මිනිස්සු හෙන කැමැත්තෙන් පාරට වෙලා ඉන්නව කියල නේද?
    බලපන් ගිහින් ඉන්න එවුඋන් ඔක්කොම ඉන්න ඕනේ එවුන්ද ඉන්නේ කියල
    කොල්ලෝ සෙට් පිටින් පාරේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඔව්ව කියන්න කියපන් බන් හරකෙක්ට. LC අරින්න සල්ලි දාන්නයි රට දුවන්න සල්ලි නැති වෙන්නයි දෙකක් බෑනේ. බැයිනං යන්න කියහන්. පුළුවන් උන් කොහොමහරි කරගනියි. කවුරුත් උන්ට එන්න කිව්වේ නෑ රට කරන්න. උනුයි පැනගෙන අඩාගෙන ආවේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තරුන කුරුල්ලා කවුද ඔයා දන්න .. නම කොටාගෙන යමුකෝ බලන්න
    ඉස්සෙල්ලම නාකි මයිනටයි උගේ හැතිකරේටයි උක දෙන එක නතර කරලා පෙන්නපන්කො. රටට කරන ලොකු උදව්වක්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
    මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
    ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන්
    කොහෙන් ගියත් සාමාන්‍ය මිනිහට මයි වැරැද්ද පටවන්නේ නේ.. :rolleyes: 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇත්ත කතන්දරේ, අපිට ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් සල්ලි නැහැ.

    okama thamai ara vehicle import, pohora seen walatath wela thiyenne

    kaiwaru nandasena gothbaya rajapaksha ekenma fail
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,441
    113
    මේක තමා ඇත්ත කතාව. කහ ගොවියා ශක්තීතමත් කිරීම, ස්වයංපෝෂිත ආර්තිකය, කාබනික වගාව වගේ එක එක වෙස් මූණු දාන් එන්නෙ එකම ප්‍රශ්නෙ. රටට සල්ලි නැ වෙන රටකින් මිලදී ගැනීමක් කරන්න. එක එක නම් දාලා ඇත්ත ප්‍රශ්නෙ වහනව. ගම්මන්පිල කෙලින් කතා කරාට රෙස්පෙක්ට්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,535
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
    මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
    ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන්

    ආ එහෙමද?

    අපිට කිව්වෙ නං ස' තමයි හොඳටම කරේ කියලා. 🤭
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,208
    24,902
    113
    tracing Geo-location.. ... ...
    වාහන එහෙම ගේන්න හදන්නේ පුක දීලද? කන්න වත් සල්ලි නැතුව ඉන්නකොට රට පුරා gym හදන්නයි, රටට එන බදු ටික කපලා යාලුවන්ට සීනි ගෙනත් දෙන්නයි, highway හදන්න යන්නෙයි සල්ලි ඉතුරු කරගන්න වෙන්න ඇති නේද? කම්මැලි type කරන්න මුන්ගේ ගොන් වැඩ. බැරි නම් ගෙදර යන්න ඕනි. කාලකන්නි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවට කෙලවෙගෙන එන්නේ හොදටම
    මිනිස්සු මොලෙන් කල්පනා නොකලොත් ගොඩ එන්න බැරි වෙන්නම වැටෙයි
    ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන්

    ගෙදර ඉන්න කිව්වමත් පාරට යනවනේ අපේ එවුන්

    lock down ekak hariyata control karala manage kara ganna beri shawendra, gothabaya yudde kara kiuwahama ubala wishawa karada

    yudde kale idalama shawendra silwa ta thibuna unak thami hema welawema media show thiyana eka, dan pora a asawa ishata kara gannawa witharai a arena deyak ne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අවුලක් නෑ...
    පළාත් ඡන්දෙ කිට්ටුවෙනකොට රටට ඩොලර් උල්පතක් මතුවෙලා පෙට්‍රල්, සැමන්, පරිප්පු, හාල් අඩුවෙනව.