caravan fresh කැරවෑන් ෆ්‍රෙෂ්

HYBRIDPC

Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    caravan fresh කැරවෑන් ෆ්‍රෙෂ්

    කැරවෑන් ෆ්‍රෙෂ් නමින් ලංකාවේ ප්‍රකට බේකරි ජාලයක් පවත්වා යන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ වත්තල හැඳල ප්‍රදේශයෙහි පිහිටි ප්‍රධාන ආහාර ගබඩාව පරීක්ෂා කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එහි තිබූ කල් ඉකුත් වූ බේකරි සහ
    කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් සොයාගැනීම නිසා එම ගබඩාවට සීල් තබා ඇත.
    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කර තිබුනේ ඉතා සූක්ෂ්ම ලෙස කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව ලේබල අලවමින් කාලයක් තිස්සේ ජනතාවට වසවිස කවමින් මෙම ජාවාරම සිදුකර තිබූ බවට සාක්ෂි හෙළිවූ බවයි.


    බේකරි අමුද්‍රව්‍ය, කේක් සෑදීමට භාවිත කරන අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5ක් මෙහිදී සොයා ගෙන තිබූ අතර
    කල් ඉකුත් වූ ‘කස්ටඩ් පවුඩර්’ පාන් සෑදීමට ගන්නා ‘චොල් කොර්න්’ මෆින් මිකිස්, පේස්ට්‍රි සඳහා භාවිත කරන බටර් වර්ග, සමෝසා සෑදීමට භාවිත කරන පිටි, කේක් අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම තොගයක් මෙලෙස කල් ඉකුත් වූ ආහාර තොගයේ අන්තර්ගතව තිබී ඇත. මෙම භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 15ක් පමණ බවද ගණන් බලා තිබුණි.

    මදීනා ෆුඩ්ස් ආයතනය ආහාර නිෂ්පාදනය හා කැරවෑන් අවන්හල් ජාලය පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළෙඳපොළට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වලට සපයමින් සිටි ආයතනයකි.
    මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද සහාය ලබාතිබූ අතර දැනට සීල් තබා ඇති ආයතනයට එරෙහිව පාරිභෝගික ආරක්ෂණ පනත ප්‍රකාරව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවද සභාපතිවරයා දන්වා තිබේ.
     
    • Like
    Reactions: Black Monkey