ඕකට ගලවන්න ඕනෙ නෑ. ස්කූටරේ සයිඩ් එකෙන් ප්ලාස්ටික් එකේ ස්කෘ එක කෙලින් තවුවක් තියෙනව ඒකෙන් ස්කෘඩ්‍රයිව් එකක් දාල එජස් කරන්න පුලුවන්.
ඕකට හරියන ටූල් එහෙම නැත්තං ගලවල කරන්න වෙනව...
මුලින්ම එයා කන්ට්‍රෝල් ඇණේ සම්පූර්ණ තද කරන්න. එතකොට බයික් එක ස්ටාට් කරගන්න අමාරුයි.
ඒ නිසා,
වටයක් විතර ආපස්සට කරකවල බයික් එක ස්ටාට් කරගන්න.
බයික් එක නොහිටින ගාණට අයිඩ්ල් ස්පීඩ් කන්ට්‍රෝල් කරන ඇණේ කරකවල අයිඩ්ල් ස්පීඩ් එක වැඩි කරගන්න.
දැන් ආයෙමත්, එයා කන්ට්‍රෝල් ස්කෘ එක ටික ටික හෙමිහිට බුරුල් කරන්න.
එතකොට අයිඩ්ල් ස්පීඩ් එක වැඩි වෙනව.
එක තැනක් තියෙනව. ස්පීඩ් එක වැඩි වෙලා, එතනින් එහාට ස්පීඩ් එක වෙනස් වෙන්නෙ නැතුව තියෙන.... ඒ පොයින්ට් එකේදි බයික් එකේ කාබ් එක හොඳටම ටියුන්....
ඔය පොයින්ට් එක තියෙන්නෙ, ඇණේ තද කරපු තැන ඉඳන් ආපස්සට වට 2.5ක් විතර කැරකෙව්වට පස්සෙ....
දැන් අයඩ්ල් ස්පීඩ් කන්ට්‍රෝල් කරන ඇණේ කරකවල, අයිඩ්ල් ස්පීඩ් එක අඩු කරල ගාණට හදාගන්න...