ගැසට් වැඩක් නෑ අපි රග්බි බලන්න යනවා
පසුගිය 24,25 යන දෙදින ආණ්‌ඩු පක්‍ෂයේ සියලුම මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය බවට නියෝග තිබියදී තරුණ මන්ත්‍රීවරුන් 10ක් කොරියාවේදී පැවැත්වුන ඒෂියන් ෆයිව් නේෂන් රග්බි
තරගය නැරඹීම සදහා ගොස් තිබුනා.
24,25 සුපිරි හෝටල් සංකීර්ණ තුනක් ඉදිකිරීමේ ගැසට් නිවේදනවලට අදාළව ඡන්දය පැවති දිනයන් නිසා පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය කර තිබුනේ. නමුත් නියෝගයට පිටුපා කොරියාවට ගියේ ලංකාවත් දකුණු කොරියාවත් අතර පැවති තරගය නැරඹීම සදහායි. මෙතරම් වැදගත් ගැසට් නිවේදන විවාදයට ගන්නා අවස්ථාවේ වගකීමකින් තොරව ක්‍රීඩා තරග නැරඹීමට යාම වැරදි පූර්වාදර්ශයක් බව ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසුවා. තවද මොවුනට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව එම ඇමති වරයා කියා සිටියා.
කෙසේ වෙතත් මේ මන්ත්‍රී දස දෙනා නැරඹීමට ගියේ ආණ්ඩු පක්ෂයේ නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු තරගයක්.
මේ රග්බි තරගාවලිය ආසියානු කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයේදී දකුණු කොරියානු කණ්ඩායම ඉදිරියේ ලකුණු 59 - 3ක් ලෙස දැවැන්ත පරාජයට පත්වුනා.
www.aluthnews.com

Last edited: