CBK extends support to Fonseka

nismok

Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Former President Chandrika Kumaratunga extended support to General Sarath Fonseka at Horagolla a short while ago. The General traveled to Horagolla this morning to meet Mrs. Kumaratunga. Meanwhile a bus carrying a group of journalists who were on their way to cover the event was detained by police.

    DailyMirror
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    මීට ස්වල්ප මොහොතකට පෙර අත්තන ගල්ල හොරගොල්ල වලව්වේදී නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමුවී අතිශය වැදගත් සාකච්ඡාවක නිරතවන බව වාර්තාවේ. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් රාශියක් සහභාගීවී සිටිති.

    වත්මන් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍ර විරෝධී, පවුල් පාලනය රජකරන දිසාවකට රැගෙන යමින් තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසීය.
    හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළේ නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් ස‍රත් ෆොන්සේකා මහතා සමඟ අද දහවල් පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

    එහිදී අදහස් දැක්වූ බණ්ඩාරණායක මහත්මිය, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තමාට පිළිගැන්වූ බවත් තමා එම ප්‍රතිපත්ති අනුමත කරන බවත් පැවසීය.

    Source : lankatruth.com