Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ලග්ගල පොලිසියේ පමණක් නොව කටුනායක ගුවන් තොටුපොලේත් සීසීටීවී නෑ: ඒකත් හොරුන්ගේ රජදහනක්..! -විපතට පත් මගියෙක් කියයි.



katunayake_Air_Port_Security_breakdown.jpg






ලග්ගල පොලිසියේ අවි සොරකම සම්බන්ධයෙන් ඊයේ පල කළ ආරක්ෂක විග්‍රහයේදී රුපියල් 50,000 කට අඩුවෙන් ලංකාවේ වෙළඳ පොලින් මිලදී ගැනීමට හැකියාව ඇති සීසීටීවී කැමරාවක් ලංකාවේ කොත්තු රොටි කඩයක පවා සවිකර තිබියදී ලංකාවේ කිසිදු පොලිසියක හෝ සවිකර නැතැයි කරන ලද සඳහන අනුව ක්‍රියාකාරී සීසීටීවී කැමරා පොලිසියේ පමණක් නොව ලංකාවේ ගුවන් තොටුපොලේ පවා නැතැයි ඉන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයෙක් ලංකා ඊ නිව්ස් වෙත දන්වා තිබේ.
ඔහු නමින් නොයෙල් ප්‍රනාන්දු නම් වේ. රැකියාව කරන්නේ සවුදි අරාබියේ ජෙඩා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ජ්‍යෙෂ්ඨ ගුවන් ගමන් පාලක වරයෙකු ලෙසය. ඔහු පසුගිය ජනවාරි 05 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොලේ කාර් නවතන පෝටිකෝව යටදී ඔහු අතේ ගෙන ආ ගමන් බෑගය හොරු අරගෙන තිබේ. එහි සවුදි රියාල් 24000 ක් සහ ඇමරිකානු ඩොලර් 400 ක් මුදලින්ද, ජංගම දුරකථන 4 ක්, රත්‍රන් මාලයක්, වටිනා අත් ඔරලෝසු, විදේශ මත්පැන් සහ සුවඳ විලවුන් ද භාණ්ඩ ලෙස තිබී ඇත. භාණ්ඩ වල වටිනාකමද රුපියල් ලක්ෂ දෙකක් පමණ වේ. හොරකම් කරන ලද්දේ මේ සියල්ල සහිත ගමන් බෑගයයි.
නොයෙල් ප්‍රනාන්දු මහතා එම අවස්ථාවේදීම කටුනායක ගුවන් තොටුපොලේ ආරක්ෂක අංශය වෙත පැමිණිලි කර ඇත. ඔවුන් පවසා ඇත්තේ කටුනායක ගුවන් තොටුපොල පොලිසියට පැමිණිලි කරන ලෙසයි. MOIB 101/84 දරණ පැමිණිලි අංකය යටතේ පොලිසිය ඔහුගේ පැමිණිල්ල සටහන් කරගෙනද තිබේ.
පසුව පොලිස් පරීක්ෂණ පවත්වද්දී පුදුමයකට මෙන් දැන ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොලේ ආරක්ෂක අංශය සතු ගුවන් තොටුපොලේ සීසීටීවී කැමරා පද්ධතිය ඇත්තේ කොටසකට පමණක් බවයි. එනම් ඉතාම වැදගත් ගුවන් තොටුපොලේ කාර් නවතන පෝටිකෝව ඇතුලත සීසීටීවී කැමරා නැත. කටුනායක ගුවන් තොටුපොල පොලිසියේ ඕඅයිසී කොබ්බෑවෙලගේ හොරු ඇල්ලීම ද සීසීටීවී කැමරා නොමැති වීම යන කාරණය මත එතැනින්ම නිමා වී තිබේ.
නොයෙල් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ 1919 අංකය හරහා අංක Ref.PRE/2016/04585 ලෙස පැමිණිලි කර ඇතත් මේ දක්වා ඊටද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
මෙය නම් පුදුමාකාර තත්ත්වයකි.
කොත්තු කඩයක පවා පැය 24 ක් පුරා ක්‍රියාත්මක සීසීටීවී කැමරා සවිකර තිබියදී රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සීසීටීවී කැමරා පද්ධතිය කොටසකට පමණක් තිබීමත් එය පාදක කරගෙනම ගුවන් තොටුපොල වහලය යටදී මගී ජනතාවගේ බඩු හොරකම් කිරීම සිදුවෙද්දී ආරක්ෂක අංශ ඇහැකන පියාගෙන සිටීමත් අපූරුය. ආරක්ෂක අංශ සහ හොරු කිසියම් අවබෝධයකින් වැඩ කරන බවත් මෙයින් පෙනී යයි. ඒ බව තහවුරු වන්නේ සොරකමින් මාස 3 ක් ගතවීද කිසිදු ප්‍රථිඵලයක් පීඩාවට පත් වූ පුද්ගලයාට දන්වා නොතිබීමෙනි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිධූරය දරද්දී ද වරක් ඇයගේ ගමන් මල්ලක් හොරු කඩා තිබූ සිදුවීමක්ද අපගේ මතකයට නැගේ.
මෙහෙව් තත්ත්වයක් තිබියදීත් ලංකාවට එන සංචාරකයන්ට තෙල් මල් තබා වැඳිය යුතුය.