Chadwick Boseman – බ්ලැක් පැන්තර් සමු ගනී

ilovezest

Junior member
  • Nov 4, 2010
    52
    59
    18
    Colombo
    www.zestgirls.lk
    බ්ලැක් පැන්තර් සහ ඇවෙන්ජර්ස් සුපිරි සිනමා පට සමගින් ජනප්‍රියත්වයට පත් චැඩ්වික් ඒරන් බෝස්මන් ජීවන රඟමඩලින් සමු ගත්තා. වසර හතරක් පමණ තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මිය යන විට 43 වැනි වියේ පසු වුණා. වසර හතරක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මිය යන විට එහි හතරවන අදියරට එළඹ සිටි බවත් නමුත් පිළිකා රෝගයට එරෙහිව නොබියව සටනේ යෙදී සිටි බවත් පවුලේ අය ප්‍රකාශ කර සිටියා.

    200828-black-panther-cchadwick-boseman-2.jpg

    2008දී The Express: The Ernie Davis Storyහි සුළු චරිතයක් සමගින් 2008දී සිනමා ලෝකයට පිවිසි චැඩ්වික් බෝස්මන් සුපිරි තරුවක් බවට පත් වුණේ සුපිරි මාවල් සිනමා පට වුණු ඇවෙන්ජර්ස් සහ බ්ලැක් පැන්තර් නිර්මාණ සමගින්. 2020 දී නිකුත් වුණු Da 5 Bloods ඔහු සිනමා රසිකයින් අතරට පැමිණි අවසන් චිත්‍රපටය වුණා. තවම තිරගත නොවූ Ma Rainey’s Black Bottom ඔහුගේ අවසන් චිත්‍රපටය වනු ඇති.