Chaminda Kidnapped

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
නුගේගොඩ ජුබුලිකණුව හන්දියේ මිලේනියම් බුක් ෂොප් හි අයිතිකරු වන චමින්ද තුෂාර බණ්ඩාර නමැති තරුණයෙකු නාඳුනන පිරිසක් විසින් අද රාත‍්‍රී 8.30ට පමණ සුදු වෑන් රථයකින් පැහැර ගොස් ඇති බව මිරිහාන පොලිසියෙන් වාර්තා වේ.

දෙදරු
පියෙකු වන චමින්ද තුෂාර තරුණයා කලක් ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයෙකු ලෙස කටයුතු කර ඇති අතර, විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුරණේ ප‍්‍රචාරක ලේකම්වරයාව සිටි වකවානුවේ ඔහු යටතේ ප‍්‍රචාරක කටයුතු මෙහෙයවූ චමින්ද තුෂාර නැමැති තරුණයා පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් විසින් හඳුන්වනු ලැබ ඇත්තේ ‘කපිල’ යන නමිනි.

විවාහයෙන්
පසු මොහු පක්ෂයේ කටයුතුවලින් ඉවත් වී මිලේනියම් පොත්හල පවත්වාගෙන ගොස් ඇත. ඔහු අද රාත‍්‍රියේ තම පොත් සාප්පුව වසා අසළ පිහිටි නිවසට යාමට පාරට ආ මොහොතේ ඔහු වට කර ගෙන ඇති පුද්ගලයන් 06 දෙනෙකු පමණ මොහුව ඒ අසළ තිබූ වාහනයකට ඇද දමා ඇත.

කිසියම්
පිරිසක් මොහු වට කර ගත් බවත්, එක් අයෙකු මොහුගේ හිසට පිස්තෝලයක් තැබූ බවත් අනතුරුව සීඞී - 9654 අංක දරණ සුදු වෑන් රථයට බලහත් කාරයෙන් ඇද දමාගෙන මහරගම දෙසට පලා ගිය බවත් සිද්ධිය දුටු අවට සිටි පිරිසක් මිරිහාන පොලිසියට පවසා ඇත.

එම වෑන් රථය පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම සුදු වෑන් රථයට සවි කර තිබූ අංක තහඩුව ව්‍යාජ එකක් බවයි.

සිද්ධිය
පිළිබදව මිරිහාන පොලිසිය මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

SLM
 

jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    CD වලින් පටන් ගන්න වැන් number එන්නේ නැ බන් !:confused: