Champion of Change-Prof. Sivalingam Sivanathan

sl-memes

Member
Apr 18, 2014
317
24
0

හැමෝම දන්නවා ඇතිනේ Night Vision තාක්ෂනය ගැන...මේක රාත්‍රී කාලයේදී කරන යුධ මෙහෙයුම් වලදී ගොඩක් ප්‍රයෝජනවත්...ඉතින් මේ night vision තාක්ෂනයේ හදවත විදිහට ක්‍රියාකරන්නේ අර්ධ සන්නායකයක්....mercury cadmium telluride කියන අර්ධ සන්නායකය තමයි මේකට යොදාගන්නේ...මේ අර්ධසන්නයකය නිපදවලා ඒ ගැන පර්යේෂණ කරලා තියෙන්නේ ලංකාවේ ඉපදුන ඉගෙනගත්ත මනුස්සයෙක්..... එයා තමයි මහාචාර්ය සිවලිංගම් සිවනාදන්.

Prof_Sivalingam_Sivananthan.jpg


මහාචාර්ය සිවලිංගම් ඉපදිලා තියෙන්නේ ලංකාවේ චාවකච්චේරි කියන ප්‍රදශයේ...යාපනයේ හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා 1980 ගනන් වලදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධිය ලබාගෙන නැගෙනහිර සරසවියේ ඉගැන්වීම කටයුතු කරනවා...ඊට පස්සේ ඇමරිකාවේ පදිංචියට යන ඔහු තවදුරටත් ඉගෙන ගෙන අචාර්ය උපාධිය ලබා ගන්නවා මේ අර්ධ සන්නායකය ගැන කරපු පර්යේෂණ වලට...2013 වසරේ ඇමරිකාවේ ධවල මන්දිරයෙන් පිරිනමන "Champion of Change" සම්මානයෙන් මේ මහාචාර්යවරයා පිදුම් ලබනවා...මේ මහාචාරයවරයා තවත් සොයාගැනීම රාශියක් කරලා තියනවා...අනාගතයේදී එන සූර්ය කෝෂ වලත් ඔහුගේ සොයා ගැනීම් යොදාගෙන තියනවා...මෙයා ගැන තව විස්තර මෙන්න මෙතන තියනවා.