channel 4 අවමානයෙන් ගොඩ ඒමක් නෑ
ජාත්‍යන්තර වශයෙන් එල්ල වෙමින් තිබෙන පීඩනය හමුවේ අසාර්ථක ප‍්‍රතිචාර දක්වන ආණ්ඩුවේ කි‍්‍රයාකලාපය හේතුවෙන් ශී‍්‍ර ලංකාව තවදුරටත් ලෝකයෙන් හුදකලා වීමට හා අවමන් විඳීමට ලක්ව සිටින බව එක්සත් ජාතික පක්‍ෂ මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානී හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර පවසයි.
අර්බුදයෙන් පසුව රට යලි ගොඩනැඟීම සහ සංහිඳියාව අත්කර ගැනීම වෙනුවෙන් ගන්නා උත්සාහයන්ට එමඟින් ඉතා අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව ඔහු නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.
යුද්ධය අවසන් භාගයේදී යුද අපරාධ සිදුවූ බවට දැක්වෙන චැනල් 4 වැඩසටහන නිසා ලංකා රාජ්‍යයේ ප‍්‍රතිරූපය නැවත ගොඩනැඟිය නොහැකි ආකාරයට පළුදු වී ඇතැයි ද සමරවීර මහතා කියා සිටී.
එම වැඩසටහනට පාදක වූ වීඩියෝ පටය සාවද්‍ය එකක් නම් ආණ්ඩුව කළයුතුව ඇත්තේ, එම රූපවාහිනී ආයතනයට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීම බව ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත්, වසර දෙකක කාලයක් තිස්සේ ප‍්‍රචාරය කෙරෙමින් පවතින එම වීඩියෝ පටයට එරෙහිව ආණ්ඩුව කිසියම් හේතූවක් නිසා නීතිමය වශයෙන් පියවර නොගන්නා බව පෙනී යන්නේ යැයි මන්තී‍්‍රවරයා පවසා සිටී.
ආණ්ඩුවට ගතහැකි අනෙක් කි‍්‍රයාමාර්ගය වනුයේ, එහි අඩංගු චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුක්ත හා පිළිගත හැකි ආකාරයේ විමර්ශණයක් සිදුකිරීම බව ඔහු පෙන්වා දෙයි.
අප වෙනුවෙන් ඉමහත් කැපවීම් සිදුකළ ආරක්‍ෂක හමුදා වෙනුවෙන් එම වගකීම ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවද සමරවීර මහතා කියා සිටී.