චැනල් ෆෝ ශ්‍රී ලංකාව ගැන තවත් වීඩියෝවක් එළිදක්වයි
ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධව තවත් වීඩියෝ දර්ශනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ හමුදා සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර අවසන් යුද ගැටුම් ඇසින් දුටු සෙබළුන් යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු සමග කරන ලද සම්මුඛ සාකච්ඡා ඇතුළත් වැඩසටහනක් මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කර ඇත.
අනන්‍යතාවය පිළිබඳව තහවුරු නොකරන ලද "ප්‍රනාන්දු" සහ "සස්රුත" ලෙස හඳුන්වා දෙන මෙම ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනාගේ නොපැහැදිලි දර්ශන අදාළ වීඩියෝවෙහි අන්තර්ගත බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අවසන් යුද ගැටුම්වලදී "අවසන් කරන්න" ලෙස ඔවුන්ට ආරක්ෂක අංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් හා සිවිල් අංශ ප්‍රධානීන්ගෙන් නියෝග ලැබුණු බව මෙම පුද්ගලයින් අනාවරණය කර ඇති බව ද සඳහන්ය.
මිනිත්තු 50 ක කාලයකින් යුක්ත චැනල් 4 වාර්තා වැඩඩසටහන නැරඹීමෙන් පසුව සිංහල ජාතිකයකු හා ශ්‍රී ලාංකිකයකු වීම පිළිබඳව තමන් ලැජ්ජාවට පත්වන බව සිය 28 හැවිරිදි පුතු විසින් ප්‍රකාශ කළ බවට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් කළ කතාවකින් මෙම චැනල් 4 වීඩියෝව අවසන් කර ඇති බව ද වාර්තා වේ.
උපුටාගැනීම දෙරණ
චන්ද්‍රිකාගේ පුතා කියලා තියෙන කතාව බලපන්කෝ

,chandriaka sure nathi baduwa