CHARITHA ATTALAGE

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    කලාකරුවාගේ අවධානය යොමු විය යුත්තේ තමා සිදු කරනා නිර්මාණය වෙත මිසක ජනතාවගේ අවශ්‍යතාවය කෙරෙහි නොවේ. රට තුල ජනාදරය සහ ජන ආකර්ශනය ලබනා විප්ලවීය කලාවක් නොපවතින තාක් කල්, බිහි නොවන තාක් කල් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සිතීම පවා විහිළුවකි. තව ද කලා කෘතියක් වෙනුවෙන් මුදලක් ගෙවීමට මැළි වන රසික කොට්ඨාශයක් සිටිනා තාක් ඔබට අවර ගණයේ හෝ බාල නිර්මාණ ම පමණක් රස විඳීමට සිදු වන බව ද වටහා ගත යුතුව ඇත.
    රටේ කලාවත්, කලා කර්මාන්තයත් නඟා සිටුවීමට කටයුතු කිරීමටත්, මේ සරල කරුණ වටහා ගැනීමටත් අදිටන් කරගත යුතු කාලය එළඹ ඇත.
    සියළුම කලාකරුවන් සහ රසික ජනතාව අසා අවබෝධ කර ගත යුතු ම සම්මුඛ සාකච්ඡාවක් මෙලෙස දිග හැරෙනවා. කොටස් හතරම නරඹන්න.





     
    • Like
    Reactions: waruna87