China Backs Sri Lanka Debt Plan, Sources Say, Paving Way for IMF Loan

monson

Well-known member
  • May 7, 2007
    25,307
    27,787
    113

    අපේ යුතුකම කරලා ඉවරයි -ජනපති​

    March 7, 2023 11:27 am



    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම මාර්තු මස අගවන විට ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය.
    අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමට අදාළ ලිපිය ඊයේ රාත්‍රියේ මෙරටට ලැබුණු බවත්, එය මුදල් අමාත්‍යවරයා වශයෙන් තමා සහ මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යැවූ බවය.
    "මේ රටේ ජනතාව විඳින අපහසුකම් මම දන්නවා. ඒ ගැන විශේෂයෙන්ම මම ආණ්ඩුව විදියට අපි සමාව ඉල්ලනවා. නමුත් ඒ නිසා අපිට ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. රාත්‍රියේම මමත් මහ බැංකු අධිපතිතුමත් එකඟතා ලිපිය අත්සන් කරලා දැන් IMF සංවිධානයට යවලා තියෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටුකරලා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම මේ මාසය අවසන් වීමට පෙර තුන්වන හෝ හතරවන සතියේ ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පස්සේ අපිට ලෝක බැංකුවෙන් පළමු මුදල් වටය ලැබෙන්න එනවා. IMF සංවිධානය සමග මීට පෙර අවස්ථා 16කදී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේ දී එකඟතාවය ලබාගන්නා සෑම කාර්යක්ම මෙවර නොපිරිහෙළා ඉටුකළ යුතු වෙනවා. එසේ නොවී නම් IMF සංවිධානය ශ්‍රී ලංකාව සමග කටයුතු කරන්නේ නෑ. ඒ තත්ත්වය යටතේ බහු පාර්ශවීය හා ද්විපාර්ශවීය මුල්‍ය ආයතන සමග කටයුතු කිරීමට ඉඩකඩක් ඇති වන්නේ නෑ. ඒ අනුව විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඬාල වෙනු ඇත. අප එක් කරුණක් අවධාරණය කළ යුතුය. දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. බහු පාර්ශවීය මුල්‍ය ආයතනවලට පමණක් ණය ගෙවනවා. IMF සංවිධානය සමග පවතින එකඟතාවය කඩා දැමුවොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් ලබාගත් ණය ගෙවීමට සිදුවෙනවා. දළ වශයෙන් 2029 දක්වා වාර්ෂික විදේශ ණය බිලියන 6 - 7ක් ගෙවීමට තිබෙනවා. අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නෑ. ඒ නිසා IMF සංවිධාන මැදිහත් වී විදේශ ණයකරුවන් සමග එකඟ වූ ණය තිරසරභාවය ගැන කථිකාවත දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්පයක් නැත."

    - https://sinhala.adaderana.lk/news/179213
     
    • Like
    Reactions: scorpion MW

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    USD
    Buying Rate (LKR)
    315.0000
    Selling Rate (LKR)
    335.0000

    - HNB
    Last updated on 2023-03-07
    These selling numbers are fake for any bank, bro. I purchased 105 USD worth of items today, and Com bank changed me LKR 379 per 1 USD. Ponna banks :sorry:
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    සනත් නිශාන්ත සර් ගේ වාසනාවට තමයි ඔහොම වෙන්නේ