China heaven Gate අැතුලින්_පියෑඹූ මිනිස්සු
පියාසර ඇඳුම් කට්ටලයක් ආධාරයෙන් චීනයේ සුප්‍රසිද්ධ හෙවන්ස් ගේට් ඔස්සේ පියාසර කළ පුද්ගලයන් දෙදෙනක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
හෙවන්ස් ගේට් එසේ නැතිනම් ස්වර්ගයේ දෙරටුව යනුවෙන් හඳුන්වන මෙම අපූරු ස්ථානය පිහිටා තිබෙන්නේ චීනයේ හුනාන් පළාතේ ෂැන්ජියාන් නගරයේයි.
ෂැන්ජියාන්හි ටියන්මෙන් කන්දේ පිහිටි කුහරයක් හෙවන්ස් ගේට් යන නමින් මෙලෙස ප්‍රසිද්ධියට පත්වී තිබේ.
පියාසර ඇඳුම් කට්ටලයක් ආධාරයෙක් හෙවන්ස් ගේට් තරණය කිරීමට ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙක් සමත්වී තිබුණි.
ෆ්‍රෙඩ් ෆියුජන් සහ වින්ස් රෙෆේ මෙම සමත්කම දැක්වූ පුද්ගලයන් දෙදෙනායි.
කාබන් තන්තු පියාසර තටු සහිත ජෙට් ඇඳුම් කට්ටලයක් ඔවුන් මේ සඳහා යොදාගෙන තිබුණි.
එම සිදුවීම දැකබලාගැනීමටත් බොහෝ පිරිසක් ෂැන්ජියාන් නගරයට රැස්ව සිටි බව සඳහන්.
මේ දෙපළ භාවිතා කළ පියාසර ඇඳුමට පැයට කිලෝමීටර් 400ක පමණ වේගයකින් පියාසර කළ හැකි බව මෙම ඉසව්වේ සංවිධායකයන් පවසයි.
එමෙන්ම ශරීරය චලනය කළ යුතු දිශාව වෙනස් කිරීමේ හැකියාවද එය සතුයි.
හෙවන්ස් ගේට් තරණය කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් වින්ස් රෙෆේ පැවසුවේ මෙය තරමක් බියජනක අත්දැකීමක් වූ බවයි.

Last edited: