CID එරෙහි අධිකරණ තීණ්ඩුව..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    CID එරෙහි අධිකරණ තීණ්ඩුව..

    cid.jpg










    නිර්නාමික පෙත්සමක් පමණක් භාවිත කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන් අත්අඩංගුවට ගැනීම සහ ඔහුට විරුද්ධව ගිනි අවි පනත යටතේ අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් නඩු පැවරීම යන කරුණුවලට එරෙහිව ඕමත්ත මුදලිගේ දොන් ගාමිණී විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැරැදිකරු කර ඇත.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සහ සැරයන් මෙන්ඩිස් යන අය විසින් අදාළ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් ගාමිණී නමැත්තාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අදාළ තීන්දුවේ සඳහන් ය.





    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ජේ. ද ආබෲ, අනිල් ගුණරත්න සහ කේ.ටී. චිත්‍රසිරි විසින් මේ තීන්දුව ලබා දෙනු ලැබ ඇත.




    බස්නාහිර පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕමත්ත මුදලිගේ දොන් ගැමුණු විසින් 2010 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව මුද්‍රණය කරමින් තිබූ අපහාසාත්මක පෝස්ටර් තොගයක් අත්අඩංගුවට ගැනීම නිසා ඊට පළිගැනීමක් ලෙස ඔහුගේ සහෝදරයාට එරෙහිව මෙසේ අසත්‍ය චෝදනා ඉදිරිපත් කර ඇති බවත්, අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව අසත්‍යය චෝදනා ඉදිරිපත් කර ඒවා අසාර්ථක වූ නිසා පැවැති ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රධානියකුගේ උපදෙස් මත ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් මීට අදාළ ව ඉදිරිපත් කර තිබූ පෙත්සමේ සඳහන් වේ. 2011 වසරේ දී මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.