CID භාරයට ගත් ඊබ්‍රාහිම්ගේ දේපළ මුදාහරින්න අධිකරණ නියෝග

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,429
    8,592
    113
    15563040662387.jpg


    කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් රහස් පොලිසිය වෙත විශේෂ නියෝගයක් නිකුත් කරමින්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ගේ සහෝදරයෙකුට අයත් මැණික් සහ රන් ආභරණ ඇතුළු දේපළ සතියක් ඇතුළත ඔහු වෙත මුදාහරින ලෙස දැනුම් දී තිබේ.

    මෙම දේපළ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය ඉන්සාෆ් අහමඩ් යන අයගේ සහෝදරයෙකු වන ඉල් අහමඩ් නමැත්තා විසින් හිමිකම් කියනු ලබන ඒවා වෙයි. දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි අදාළ සැකකරුවන් පදිංචිව සිටි නිවසේ තිබී රහස් පොලිසිය විසින් මෙම වටිනා භාණ්ඩ සිය භාරයට ගෙන තිබුණි.

    තම දේපළ යළි ලබාදෙන ලෙස ඉල් අහමඩ් මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. ඊට විරෝධතා දැක්වීම සඳහා පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබුණද, ඔවුන් කිසිදු කරුණු දැක්වීමක් කර නොමැති බව අධිකරණයේදී පෙන්වා දෙනු ලැබිණි. එසේම, පූර්වගාමී මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සම්බන්ධයෙන් වෙනත් විනිසුරුවරියක විසින් රහස් පොලිසියෙන් වාර්තා කැඳවා තිබුණද එම නියෝගයන් පවා ඔවුන් විසින් නොසලකා හැර ඇති බව මෙහිදී අනාවරණය විය.
     

    Similar threads