Circumcision surgery

John Oldman

Member
Sep 9, 2021
4
9
3
ලමයි,
අද පොඩ්ඩක් කියන්න යන්නේ phimosis තත්වය නිසා circumcision surgery එක ගැන First hand experience. මේකේ ත්‍රෙඩ් කිහිපයක්ම ගිහින් තිබුණත් ඒවා ටිකක් පරණ නිසා මගේ අත්දැකීම බෙදාගන්න හිතුවා. මේක මගේ original account එක නෙවේ. ටිකක් personal දෙයක් orginal එකෙන් දාන එක හරි නෑ නේ.

හරි. මට ටික කලෙක ඉඳන් phimosis තත්යවක් තිබුණා. මේකට හේතු වුනේ මගේ හමේ තියෙන eczeema එකක්. පෙරසමේ එක කොටසක් වටේට වළල්ලක් වගේ හම තද වෙලා erect උනාම පස්සට කරන්න බෑ. ඒ වගේම sex කරනකොට සැරින් සැරේට මේක ඉරෙනවා. එහෙම උනාම ඉතින් හොඳ ගනන්. බලලා බලලා අන්තිමට මේ කෙලිය හරියන්නේ නැති නිසා urologist කෙනෙක් channel කළා. එයා බලලා කිව්වේ නිතර නිතර හම ඉරිලා නිසා scar tissues වටේට ඇවිත් ඒක නිසා ඔය තත්වය එන්න එන්න වැඩි වේන්න පුලුවන් කියලා. මීට අවුරුද්දකට කලිනුත් මේක පෙන්නලා වෙන doctor කෙනෙක් steroid cream එකක් දුන්නා ගාලා streatch කරන්න කියලා. Cream එක ගානකන් අවුලක් නෑ. ඒත් නවත්තපු ගමන් ආයේ හම තද වෙන්න ගන්නවා. මේ ඔක්කොම අහපු doctor කිව්වේ පෙරසම අයින් කරලා දාමු කියලා. නැත්තම පහු වෙනකොට විවිධ infection එන්න පුලුවන් කියලා. එයා prescription එකක් ලියලා දුන්නා day surgery එකක් කරන්න. Hospital එකේ surgery cordinator එක්ක කතා කරලා date එකක් සහ ගාන ගැන කතා කරගන්න කියාලා. මම කරේ private. Gov කරන්න නම් clinic එකට යන්න ඔනේ. ඒක ටිකක් වාත නිසා private කරන්න තීරණය කරා.

Surgery coordinator ට කතා කළාම එයා විස්තර කරලා දුන්න local anesthesia වලින් කලොත් 100K වගේ යයි. General anesthesia කලොත් 200k ආසන්න ගානක් යයි කියලා. කොහොමත් doctor ලියලා තිබුනේ local anesthesia වලින් කරන්න. ඊට පස්සේ insurance එකත් එකක් කතා කරලා confirm කර ගත්තා එයාලා මේ surgery එකට සම්පූර්ණයෙන්ම ගෙවනවා කියලා. ඊට පස්සේ doctor කිවුව විදිහට සිකුරාදා දවසක හවස surgery එක schedule කර ගත්තා..

Surgery date එක දවසේ හවස පහට වගේ admit වුනා day surgery ward එකට. කොහොමත් doctor එනකොට 7 වගේ වෙයි කියලා තමා තිබුනේ. 7.30 වගේ වෙනකොට surgical gown එකක් අන්දලා theater ගත්තත්, මට කලින් හදිස්සි ලෙඩෙක් හිටිය නිසා 8 වගේ ඇති surgical bed එකට දානකොට. Assistant කෙනෙක් ඇවිත් මගේ මූණ ඉස්සරහින් screen එකක් ඇද්දා පහල වෙන දේවල් පේන්නේ නෑති වෙන්න. ඊට පස්සේ තමා doctor ආවේ. ඇවිත් ඉස්සෙල්ලාම alcohol වලින් foreskin එක පස්සට කරලා සුද්ද කලා. ඒ වෙලාවේ නම් මාර අමාරුයි මොකද මගේ head එක එළියට හරියට expose වෙන්නේ නැති නිසා මාර sensitive. ඒක ඉවර වුනාම anasthesia දෙන්න ගත්තා. Penis එකේ base එකට injection 4ක් හතර පැත්තෙන් ගැහුවා. පළවෙනි එකට නම් ඇඬුනා. ඒ තරම් අමාරුයි. හැබැයි 3-4 ගහනකොට නම් සෑහෙන්න දුරට හිරි වැටිලා. ලොකු case එකක් නෑ.

Surgery එකනම් කිසිම දෙයක් දැනුනේ නෑ. විනාඩි 30කින් වගේ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ doctor ගෙදර ගිහින් කරන්න ඕනේ දේවල් ටික කිව්වා. පහුවදා හවස් වෙනකොට නාන ගමන් bandage ගලවන්න කිවුවා. කොහොමත් insurance වැඩ ටික කරලා රෑ 12 වගේ වෙනකොට discharge කලා. එදානම් කිසිම අමාරුවක් තිබුනේ නෑ. Anasthesia අඩුවෙනකොට නම් pain එක පොඩ්ඩක් ආවා. ඒත් ඒක දරාගන්න බැරි තරම් එකක් නෙවේ. කොහොමත් දවස් පහකට painkillers, antibiotic දීලා එවුවේ. පහුවදා හවස bandage ගලවන්න සෑහෙන ගේමක් දුන්නා. ලේ වලට ඇලිලා තිබුණේ. ඒක ගැලෙව්වට පස්සේ තමා අමාරු හරිය. තුවාල වල අමාරුවට වඩා තිබුනේ අලුතින් expose උන head එක ඇඳුම් වල ගෑවෙනකොට තියෙන අමාරුව. ඒ නිසා ඒ දවස් ටිකේම නිදා ගත්තේ ඇඳුම් නැතිව. කලිසම් ඇන්දේ ඉතාම soft සහ ලොකු ඒවා. හැබැයි සති දෙකක් වගේ යනකොට ඒ අමාරුව අඩුවෙන්න ගත්තා. මාසයක් වගේ යනකොට කිසිම ප්‍රශ්නයක් නැතිව ඇඳුම් අඳින්න පුලුවන් තත්වයක් ආවා. නැවත sexual activities පටන් ගන්න සති හයක්වත් අඩුම තරමේ ඉන්න කිවුවා. මැහුම් දාලා තිබුණේ දියවෙන්න. මගෙනම් සති හතක් විතර ගියා මැහුම් ටික ඔක්කොම ගැලවෙන්න.

ඕක තමයි කතන්දරේ. Surgery එකෙන් පස්සේ පරිස්සම් වෙන්න ඕනේ ඉතින් infection එකක් හදාගන්නේ නැතුව ඉන්න එකයි, මැහුම් ටික කඩාගන්නේ නැතුව ඉන්න එකයි තමයි. පළවෙනි සති හතර ගියාට පස්සේ ඉතින් සෑහෙන්න දුරට හොඳයි. ඔයාලටත් medical condition එකක් තියෙනවා නම් ගිහින් doctor කෙනෙක් හම්බෙන්න. හිතන තරම් ලොකු case එකක් නෙවේ මේක.

Extra - ඔය surgery එක කරන එක එක styles තියෙනවා. Cosmetic reason වලට කරන අය හුඟක් කරන්නේ high and tight cut එක. හැබැයි medical condition එකකදී අපිට ඕක select කරන්න පුලුවන්ද කියන්න දන්නේ නෑ. Doctor නම් කිව්වේ medical condition එකකදී සාමාන්‍යයෙන් කරන්නේ low cut එකක් කියලා. එහෙම කළාම recovery එක ඉක්මන් කියලා කියනවා. මමත් surgery එකට කලින් සෑහෙන විස්තර හොයලා බැලුවා. Reddit එකේ circumcision sub reddit එක බලන්න. එකේ සෑහෙන විස්තර තියෙනවා.
 

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,581
    6,276
    113
    Narcissistic Sociopath Manipulator
    මොන anesthesia හුත්තෝ මම කුඩු ගහලා ආවේ කියන්න එපැයි ඩොක්ටර්ට. පුෂ්පෙ කුඩු ගහලා ඩෙන්ටල් එකට ගිහිං ඩොක්ටර් මං මෝෆින් අරං ඉන්නෙ කිවුව වගෙ. :LOL:
     
    • Haha
    Reactions: wissnshaftler
    Dec 3, 2025
    4
    1
    3
    Math meka karanna inne mata sampurna passata gna plvn. Eth uparima naggama Eka krna amarui. Meke side effects vgema tava Vistara tikak dna gna ona. Serious reply krna meka krpu kenek.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    671
    364
    63
    Oka karata passe young nurse la enne nadda allanna karanna? Ewaye privacy kohomada? Andum nathuwa eyala nitharama check karanawada?
    Mage yaluwek ta karanna kiyala lajjawen innawa. Eth passata thallu karala kihipa sarayak... exercise karanawa wage.. shape kiyala kiwwa th surena..
    Lajjawa erect wei wage dewal nisa thamai eya nokaranne..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,758
    66,271
    113
    Oka karata passe young nurse la enne nadda allanna karanna? Ewaye privacy kohomada? Andum nathuwa eyala nitharama check karanawada?
    Mage yaluwek ta karanna kiyala lajjawen innawa. Eth passata thallu karala kihipa sarayak... exercise karanawa wage.. shape kiyala kiwwa th surena..
    Lajjawa erect wei wage dewal nisa thamai eya nokaranne..
    Pissu ban oya nursla 24hra pay athagana un.ynta magic newe owa.math kare hemas eke.surgery ekata kalin penis clean karanneth kello reta hospital eke hitiyoth plaster change karanneth young kello.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    671
    364
    63
    Pissu ban oya nursla 24hra pay athagana un.ynta magic newe owa.math kare hemas eke.surgery ekata kalin penis clean karanneth kello reta hospital eke hitiyoth plaster change karanneth young kello.
    Clean karanawa kiyanne mokakda?
    Erect wenne nadda
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    967
    1,399
    93
    කියවගන මගයක් යද්දී හිරි වැටුන යකෝ !